Thursday, June 25, 2015

26 වෙනිදා ස්ථිර කිරීමට සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත. උපුටා ගැනීම lankaenews

26 වෙනිදා ස්ථිර කිරීමට සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත. 





ඊයේ රැස්වීමට මොහු විසින් ටෙලිකොම් සමාගමේ සහ විදුලි බල මණ්ඩලයේ අස්ථිර සේවකයන් ලෙස සේවය කරන මෑන් 
පවර් සේවකයන් පිරිසක් ගෙන්වා ගෙන තිබේ. ඒ වන විටත් ටෙලිකොම් සමාගමේ සිටින මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීමට වෘත්තීය සමිති ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට දින යොදා ගෙන තිබිණ. එම දිනය වූයේ ලබන 26 වෙනිදා ය. පියා හරහා මේ බව දැනගෙන ඇති චතුර සේනාරත්න ඊයේ රැගෙන විත් සිටි මෑන් පවර් සේවකයන් අමතා මහ හඬින් පවසා සිටියේ ලබන 26 වෙනිදාට මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම තමාගේ සටනක් බවයි. මේ සම්බන්ධයෙන් අද වන විට ටෙලිකොම් වෘත්තීය සමිති තම විරෝධය පා තිබේ. ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම සඳහා පසුගිය වසර ගණනක කාලයක් තිස්සේ වෘත්තීය සමිති ගෙන ගිය සටනට කිසිදු සම්බන්ධයක් නැති මේ ලක්ෂ 9 සපත්තු දාන ලක්ෂ 5 පෑන් වලින් ලියන මේ සෙල්ලක්කාර කොලු ගැටයා වෘත්තීය සමිති අරගලය ඔහුගේ සාක්කුවට දමා ගැනීමට යෑම අමු තක්කඩි ක්‍රියාවක් බව කියමින් වෘත්තීය සමිති විරෝධය පා ඇත. මේ හේතුව නිසා ලබන 26 වෙනිදා ස්ථිර කිරීමට සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත. 


උපුටා ගැනීම lankaenews   (2015-06-21 12:01:55)

SLT Manpower සේවකයින් සියලුම මාධ්‍ය වෙත කරන නිවේදනයයි

SLT Manpower සේවකයින් සියලුම මාධ්‍ය වෙත කරන නිවේදනයයි..



හෙට දින BMICH හිදී පැවැත්වීමට නියමිත slt manpower සේවකයන්ට ලබාදෙන සේවය ස්ථිර කිරීමේ උත්සවය SLT ආයතනය මගින් ලබාදුන් ස්ථිර කිරීම නොව රංජිත් රුබසිංහගේ හෙළුව වසා ගැනීමට HCS නැමති වහල් කඩේ ස්ථිර කිරීම පමණක් බව මෙයින් දන්වමි..

manpower සේවකයින්ගෙන් ගරු ජනාධිපති තුමාගේ අවධානය පිණිසයි.




ජනාධිපති වරයෙකු ලෙස ඔබගේ භූමිකාව කුමක්ද?

ජනාධිපති වරයෙකු ලෙසට ඔබට සාකච්චාවක් සදහා නිලදාරීන් එකතු කරගත නොහැකිද?

ජනාධිපති වරයෙකු ලෙස ඔබගේ භූමිකාව කුමක්ද?

ගොවි පවුලකින් අ ඔබටත් සේවකයන්ගේ දුක තේරෙන්නේ නැද්ද?

manpower සේවකයන් ස්ථිර කිරීම වෙනුවෙන් පවත්වන ලද සාකච්චා අතරවාරයේ ඔබතුමන්ගේ මලයා තවත් හොරෙකු සමග එකතු වී සිටින බව ඔබ දන්නේ නැද්ද?

ඔබ වට සිටින උන් ඔබට විස්වාසද?

එසේනම් මේසා ලාබයක් ලබන telecom ආයතනය සදහා manpower සේවකයන් අන්තර්ග්‍රහණය කලයුතුය.මන්ද රටේ ප්‍රධාන පුරවැසියා ලෙසට ඔබ යටතේ සිටින සේවකයන්ට ඔබට උපදෙස් දීමට කොන්ද පන තිබිය යුතුය .මන්ද අවුරුදු ගණනාවක් පවතී මෙම ප්‍රශ්නය ඔබතුමා දැනට මාස 7 යනතුරුත් විසදීමට ඔබට උවමනාවක් නැද්ද ? නැතිනම් ඔබට ඔබට කල නොහැකිද?සේවකයන් ඔබතුමා මෙම ජනාධිපති දුරයට පත් කිරීමට කැපවී වැඩ කල අයවේ මන්ද රාජපක්ෂ ආණ්ඩුව ඔව්නට කල හිරිහැර නිසාය.එහෙත් ඔබතුමන් ගෙන්ද නිසි පිළිතුරක් නැත්තේ ඔබගේ මලයාට ඇති බිය නිසාද? මන්ද ඔවුන් කල් ඉල්ලා සිටි ගමන් ඔබ කල් දෙයි.slt පාලකයෝ අසන්න වශයෙන් අවු 7 තිස්සේ කරන්නේද කල් ඉල්ලුවා මිස මේ ප්‍රශ්නයට උත්තර සෙව්වේ නැත.ඔබතුමා කරන්නේ පනින රිලවුන්ට ඉනිමන් බැඳීමය නොකළ යුත්තේද එයමය.කොන්ද පණ ඇති නිහතමානි රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ඔබතුමා මෙයට වාඩා ප්‍රශ්න දෙස සැලකිල්ලෙන් බලයි යැයි අප බලාපොරොත්තු වේ.


Comments System

Disqus Shortname