Monday, December 26, 2016

SLT HCS සේවකයන් අඛණ්ඩ වර්ජනය දිගටම......

SLT  HCS සේවකයන්  අඛණ්ඩ වර්ජනය දිගටම......



    අද දින උදැසන සේවකයන් ආරම්භ කල විරෝධතාව සාර්ථක වුවේ උදැසනම දැනගන්නට ලැබුණු ආරංචිය නිසාය .ඒ ඉතාමත් ඉක්මනින් සේවකයන් 500 දෙනෙකු ස්ථිර සේවයට බදවා ගන්න දැනටමත් සුදානම් කර ඇති බව නිසාය.එහෙත් ඉතාම නරක ආරංචිය වනුයේ එම 500 දෙනා ගැනීමට පළමු සාකච්ඡාව ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙක් අතර සිදු වූ අතර එහිදී කියවී ඇත්තේ මෙයයි..

උපුටා ගැනීම.

සේවකයන් 2000 ඉන්න HCS එකේ මේ දේට එකතු වෙන්නේ බොහොම ටික දෙනයි .හැමදාම බැලුවොත් එකම මුණු ටිකක් තමයි මෙතන ඉන්නේ.මේකට ඇත්තටම ඉන්නේ OPMC හා ඊට අදාල සේවකයන් විතරයි.මුල් අවස්ථාවේ සිට බැලුකල මේදක්වා ආයතනයේ සුභසිද්දියට කැප වෙලා තියෙන්නේ මේ ටික විතරයි කියලා අපට පෙන්නේ.ඇත්තටම බැලුවොත් ආයතනයේ නමට මේ නිසා බලපෑමක් වෙලා තියෙනවා.එත් ආයතනයට ආදරය කරන්නේ මෙටික විතරයි කියල තමා හැගෙන්නේ.කලින් වූ වුර්තිය අරගල වලදී සේවකයන් ගේ පැමිණීමේ සටහන් ගැන බැලීමේදී හා දැඩි බල පෑමක් සිදු වී ඇත්තේ මේ technical staff නිසා RTOM වගේ office staff එක මේ වැඩේට සම්බන්ද නොවන්නේ මන්දැයි අප දන්නේ නැත.එහෙයින් අප නිර්දේශ කරන්නේ තවදුරටත් මේ ක්‍රියාකර කම් නිසා ආයතනයටද බලපෑමක් ද වන නිසා මෙහි මුල සිට ක්‍රියා කරන technical staff අදාල 500 දෙනා පමණක් ස්ථිර කර අනෙක් අය HCS එක තුල රදවා සේවාව ලබා ගැනීමට නිර්දේශ කරමි.

උපුටා ගැනීම අවසන්.

දැන් තෙරනවද ඔයාලට අපි මිට වඩා එකතු උනානම් හොදයි කියලා .දැන් පරක්කුයි කියන්න බැ.අරගලය කියන්නේ කාගෙවත් කරපිටින් යන්න බලන් ඉන්න එක නෙමෙයි.එක නිසා අපි තාමත් කියන්නේ අරගලයට සහභාගී වෙන්න .ඔයාලගේ ශක්තිය පෙන්නන්න.අමතක කරන්න එපා එතන තියෙන ඔයා අත්සන් කරන්න එක තමයි ඔයාලගේ ජය...අවසන් සටනට අපේ සුභපැතුම්

No comments:

Post a Comment

Comments System

Disqus Shortname