Thursday, March 9, 2017

නිදහස් මාධ්‍ය හා ටෙලිකොම් අරගලය....





දින 74 ක් උපවාසයේ යෙදී සිටින ටෙලිකොම් manpower සේවකයන් සදහා වන ඉතා වැදගත් සාකච්චාවක් අද පස්වරු කාලයේ කම්කරු කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත,ඒ සඳහා පාර්ශව 3 ටම කැඳවීම් ලිපි ලබා දී ඇත.මේ සඳහා සියලුම දෙනා අවධානයෙන් පසුවන අතර එය සතුටු දායක ලෙස අවසන් කිරීමට හැකිවේවා යැයි අපගේ ප්‍රර්ථනයයි.

මෙසේ දින 74 ක මහා මෙහෙයුම ක්‍රියාත්මක වීම නිසා රජය හා පාලන අධිකාරියට විවිධ බලපෑම් එල්ලවී ඇත.රටට ලැබීමට තිබු GSP සහනය තාවකාලිකව අත්හිටුවා ඇති බව සියලු දෙනා දන්නා කරුණකි.මේ සියලුම දේ සඳහා විවිධ පාර්ශව පෙනී සිටි අතර ඒ සමහරක් දෙනාට රැකියා අහිමි කිරීමට තරම් මේ යමපාලනය ක්‍රියාකොට ඇත.ඒ සදහා සේවකයන් වෙනුවෙන් මාධ්‍ය වගකීම අකුරටම ඉටුකළ ඉරුදින පුවත් පතට සති 3 පිටු 3 පලකල අප මාධ්‍ය සගයා කසුන් පුස්වෙල හා ඉරුදින කතෘ සේවයෙන් ඉවත් කොට ඇත.එයට හේතු දක්වා ඇත්තේ රජය අපහසු තාවයට පත් කරන අකාරයේ පුවත් පලකල නිසාය.අප ඕකට කියන්නේ මුන්ගේ *** මාධ්‍ය නිදහස කියාය.තොරතුරු දැනගැනීමේ පනත මාධ්‍ය නිදහස ගැන පුරසාරම් ගැසූ සිරිසේන ජනපති වාරයත්,අගමැති වාරයත් මේ සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොගැනීම ඔය කියන මාධ්‍ය නිදහස මේ රට තුල තිබෙනවද යන්න ප්‍රශ්නය ඉතිරි වී ඇත,ජනාදිපති පති රට ගැන දැනගන්නේ පත්තර බැලීමෙනි ඔහු නොදන්වා විය හැකිය වෙනත් කිසිදු මාධ්‍යක් තම සගයෙකුට වූ අසදරණය වෙනුවෙන් කතා කොට නැත.මාධ්‍ය ගැන හෙළුව පෙනුනේ ටෙලිකොම් ගැටලුවත් සමගය සේවකයන් විවිධ ආකාරයෙන් ක්‍රියා කරත් මාධ්‍ය වේදීන් 10 -15 අතර ප්‍රමාණයක් ආවරණය කරත් පුවතක් ලෙස පලවන්නේ ඉතාම අල්ප වශයෙනි .මන්ද මුදල් මත යැපෙන මාධ්‍ය අතර හිරු, දෙරණ , ස්වර්ණවාහිනී ,සිරස හා රජයේ මාධ්‍ය උදාහරණ වේ .වෙළද දැන්වීම නැති වන නිසා තොරතුර ජනතාව අතරට ගෙනයාමට ඔවුන් අපෝසත් විය .එහෙත් facebook යනු ලෝක  මාධ්‍ය ජාලයකි.ඔබගේ මුදල් මාධ්‍ය වලට වඩා ප්‍රබලව බාවිතා කරමින් manpower සේවකයන් ජාත්‍යන්තරය පවා අවධානය යොමු කර GSP සහනයට පවා බලපෑම් කර ඇත,ඒ සදහා වගකීම දැරිය යුත්තේ රටකරවන ඇත්තන්ය .


දින 74 උපවාසය අවසන් කිරීමටත් ,ඉරුදින සේවකයන්හට සාධාරණය ඉෂ්ට කිරීමටත් ,සයිටම් අහෝසි කරමින් රට ගමන් ගන්නා දිශාව වෙනස් කොට අලුත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගේවා යැයි අපගේ ප්‍රාර්ථනයයි.

No comments:

Post a Comment

Comments System

Disqus Shortname