පුරා මාස 2 අධික කාලයක් කෙරෙන අරගලයක් පුවත් පතක්
මගින් හෝ රටේ ජනාධිපති වරයා ලෙස කියාගන්නා පුද්ගලයා පාවා නොදැන සිටීම මේ රටේ
පුරවැසියන් වූ අප ලැජ්ජා විය යුතුවේ.මහින්ද මෙන්ම සිරිසේනද සහෝදර කැක්කුම හමුවේ
රටේ පුරවැසියන්ව පාරට ඇද දැමීම කොතරම් සාධාරණ කල හැකිද යන්න සිතා බැලිය යුතුවේ
,මහින්ද ගේ සහෝදරයන් සිටියේ සිරිසේනගේ මෙන් නොවේ අනෙක සිරිසේන ජනපති තම මැතිවරණ
වේදිකාවේ මර හඬ දුන්නේ සහෝදර ප්‍රේමයට තිත තබන බවයි.එහෙත් සිදු වුවේ අනෙකකි මල්ලි
ටෙලිකොම් සභාපති වෙද්දී දුව ටෙලිකොම්
විනාස කරන ආයතනයක් පිහිටුවාගෙන ටෙලිකොම්
පවුලේ සියලු වෙළද දැන්වීම් හා ඊට අදාල විවිධ කටයුතු තම බාප්පා හරහා තම ආයතනයට ලබා
ගනිමින් සිටි එයට දැනට විශ්‍රාම ගොස් ඇති මෙන්ම සේවය කරන දුෂිත නිලධාරීන් කිහිප
දෙනෙකු සම්බන්ද කර ගනිමිනි. මිට කලින් අප හෙළි කල ආකාරයට dialog ගැන සේවකයන්ට
භීතිකාවක් ඇති කල නිලධාරියා එම ආයතනයේ ප්‍රධාන නිලධාරියා ලෙස ක්‍රියා කරන බව
දැනගන්නට ලැබී ඇත.රටේ ජනාධිපති වරයා තම හිතවතුන් මේ කරන ක්‍රියා කලාපය නොදෙන
සිටීමට හේතුවක් නොමැත.
රටේ ප්‍රධාන ප්‍රශ්න වලට ජනාධිපතිගේ මැදිහත් වීම පාසලක
පන්ති නායකයෙකු මැදිහත් වූ එකක් ලෙස අර්ථ දැක්වීමට හැකිය.මහා ආන්දෝලනයකට තුඩු දුන්
මහා බැංකු කොල්ලය සිදුවී අවුරුදු 2 යන තෙක් කිසිදු ක්‍රියා මාර්ග ගෙන නොමැත,තවද
SAITM ප්‍රශනය විසදීමට නොහැකිව රෝහල් කටයුතු අඩාල වෙද්දී රටේ උගතුන් විසදුම්
දෙද්දී ජානාධිපති විද්‍යුත් මාධ්‍ය වල තමාගේ ලොකු කම් කියා පැමිණ සිටීම චන්දය දුන්
සියලුම පුරවැසියන් සිතිය යුතුය.සහල් ප්රශ්නයේදී මුළු මහත් රට මෙන්ම පොළොන්නරු
ජනතාවද සහල් හොරා ලෙස හංවඩු ගැසූ පුද්ගලයාව හා ඊට අදාල පුද්ගලයන් පමණක් ලේකම්
කාර්යාලයට ගෙනවිත් නැටු නැටුම හා පුද්ගලික බස් වලට පෙන්වූ නාටකය ලංකා ඉතිහාසයේ යහාපලනය
කියන වචනයට පවා මිනිසුන් සාප කරන තත්වයකට පත් වී ඇත.
පසුගිය සතියේ කම්කරු ඇමති ටෙලිකොම් සේවක ප්‍රශ්නයට
මැදිහත් වූ අතර 28 වන දින විශේෂ සාකච්චාවක් පැවැත්වන බව ටෙලිකොම් සභාපති ට හා
වෘතිය සමිතිවලට දැනුම් දී තිබුනේ ජනපති ලේකම් වරයෙකුගේ මැදිහත් වීම තුලය එහිදී තම
සහෝදරයාගේ බල තල හා යහපාලන අයියගේ සරම ගලවමින් මලයා රට පැන්නේ කිසිවෙකුටත්
නොදන්වාය එහිදී කම්කරු ඇමති ටෙලිකොම් ප්‍රධාන නිලිදරියට දුරකථන ඇමතුමක් ලබා දී ඉතා
දැඩි වචන මාලාවකින් සංග්‍රහා කර ඇත්තේ රජය හා තමන්ව හා සේවකයන්ට වන අපහසු තාවයට ඔහුට කියා ගැනීමට දෙයක් නොමැති වූ
නිසාය .එහිදී සභාපති රට ගිය දවස ගැන ඇතිවූ පරස් පර අදහස් නිසා නැවතත් ඇමති ටෙලිකොම් ප්‍රධාන නිලිදරියට නැවත වචන වලින් සංග්‍රහ
කොට සබාපති පැමිණෙන දිනයේදී මේ ගැටලුව විසදා ගැනීමටය . 8 වෙනිදා පැමිණීමට නියමිත වුවත්
සබාපති ලංකාවේ සැඟ වී සිටිමින් මේ ප්‍රශනය මග හැරීමට උත්සහා ගන්නා බවට තොරතුරු
ලැබී ඇත.
මේ දේවල් මෙසේ සිදු වෙද්දී කෙසේ හෝ මේ ප්රශ්නය
විසදා ටෙලිකොම් ආයතනය නැවත රටේ අංක එකේ ආයතනයට බවට පත් කිරීම සියලු දෙනා ගේ වගකීම
වේ.
No comments:
Post a Comment