මෙම ප්‍රශ්න අප විසින් ජනාධිපති තුමාගේ නිල web අඩවියක් වන tell.president.gov.lk web අඩවියේ ජනාධිපති තුමාට කියන්න . අප තොරතුර නිසිපරිදි පුරවා උපදෙස් පිලිපැද්දද එතනින් එහාට එම වෙබ් අඩවිය ක්‍රියා නොකිරීම නිසා මෙය ප්‍රසිද්ධ කරන ලදී.එහෙත් අප උත්සාහය අතහැර නැත.
"The page cannot be displayed because an internal server error has occurred."
අති ගරු ජනාධිපති තුමනි , SLT MANPOWER සේවකයන් තිදෙනෙකු තවමත් දුරකතන කුළුනක නැග කරනා සාධාරණ අරගලය කෙසේවුවත් ,රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ඔබ තුමහට වගකීමක් ඇත.මන්ද මේවන තෙක් කිසිදු වගකිවයුතු නිලධාරියෙකු මේ සම්බන්දව ක්‍රියා කලේ නැත.මාධ්‍ය මගින් දිගින් දිගට ප්‍රචාරය කලත් කිසිදු පියවරක් ගැනීමට තරම් ඔවුනට අවශ්‍ය නොවුණු හේතුව වන්නේ SLT GCEO ගේ නොමනා ක්‍රියාකාරකම් හමුවේය.ඔබතුමා හා අගමැති තුමා .කම්කරු ඇමති තුමා පවා නිර්දේශ කල තිබියෙදී පවා මෙය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද?
ඒ අනුර පෙරේරා නමැති මුර කරුගේ කීමට මේ GCEO කටයුතු කරන බැවිනි.අනුර පෙරේරා යනු මුර කරුවෙකි .8 පාස් නැති ඔහුට තම පැවැත්ම සදහා විවිද දේ කරනු ලබයි.මහින්ද මහතාගේ කාලයේදී මොහු විසින් හිටපු GCEO හා එක්ව චන්ද වැඩ කටයුතු වෙනුවෙන් SLT මුදල් විශාල ලෙස වියදම් කොට මාධ්‍ය සංදර්ශන පවත්වා ආයතනයේ මුදල් අව බාවිතා කල අදමයෙකි.
දවස් 7 පාරේ නිදා ගනිමින් යහපාලන රජය ගෙනඒමට කටයුතු කල මෙම සේවකයිට රජය මගින් ක්‍රියාත්මක කල විසදුමට පවා අනුර හා GCEO අකුල් හෙලන්නේ කාගේ බලපෑම උඩද?
මේ සදහා ඔබතුමා හට ඍජුව මැදිහත් විය නොහැකි මන්ද?
121 දෙනා ස්ථිර කරේ අඩු පඩියට බව ඔබ දන්නේ නැද්ද?
විවධ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට තරම් බලයක් SLT නිලධාරීන්ට ඇත්ද?
ඔබතුමාගේ සහෝදරයා වන SLT සභාපති තුමා ඔබතුමා දැනුවත් කරන්නේ නැද්ද?
මෙම manpower සේවකයන් ස්ථිර කර ,ආයතනයේ කෙරෙන වංචාව දුෂණය මැඩපවත්වා රජයට විශාල අදායමක් ලබා දිය හැකි SLT එක ගැන ඔබ තුමාගේ අවධානය යොමු කරන්නේ කවදද?
No comments:
Post a Comment