Monday, January 16, 2017

කැබිනට් මණ්ඩලය උණුසුම් කල කතාව මෙන්න .. හරින් ජනපතිට බොරු කියයි.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය රැස් වුයේ ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙනි.එහිදී ශ්‍රීලංකා ටෙලිකොම් manpower ප්‍රශ්නය ගැන සාකච්චාවට බදුන් වුයේ රාජිත සේනාරත්න ඇමති වරයාගේ මැදිහත් වීම මතය .එහිදී හරින් ඇමතිවරයා ජනාධිපති තුමා හමුවේ ප්‍රකාශ කල සිටියේ දැනට සිටින සේවකයනට සුදුසු කම් නොමැති බවයි.හරින් යනු දිවදෙකේ නයෙක් බව එහිදී ඔහු තමාගේ ඇත්ත රටට හෙළි කළේය.සේවකයන් සමග ඔහු සාකච්චා කරන විට ඔහු කියන්නේ ,, මල්ලිලා මන් දන්නවා වෙන්නේ අසාදාරනයක් මන් කොහොම හරි වැඩේ කරලා දෙනවා ,,
       ගරු ඇමතිතුමෝ ඔයා කොහොමද කියන්නේ මේ සේවකයන්ට සුදුසුකම් නැ කියලා නිකම් මෝඩ කතා කියන්න එපා ඔයා මෙයාලව සම්මුකපරික්ෂණයක් තිබ්බද .ඔයා එයාලගේ අධාපන සුදුසුකම් බැලුවේ කොහොමද ,ගරු මහත්තයෝ මේකට එනකොට NVQ 4 තිබ්බ අය ඉන්නවා network වලින්, A/C ,power වලින් උසස් පෙළ සමත් අය බහුතරයක් ඉන්නවා .ඔයා කොහොමද නොදැන මෙහෙම ජනාධිපති ඉදිරියේ බොරු කියන්නේ ,,ආ අමතක උනා ඔයාට ඕක වැඩිය ගානක් නැ.ඔයා ඔතන ඉන්නේ මහජනතාවට බොරු කියලා පත් වෙලානේ.ඔයා ඔයාගේ අමාත්‍යංශයේ තේරුම හොයපු කෙනෙක් ඉතින් ඔයා digital වචනේ තේරුම අහන්න ඔය පාරේ ඉන්න කොල්ලෙක්ගෙන් ,,ලැජ්ජයි.ඔයා අන්දන්න හදන්නේ රටේ අනාගතය .ඔයා දන්නවද කෝල් එකක් හැදෙන විදිහ නැ ඔයා දන්නේ නැ.මහත්තයෝ කොල්ලන්ගේ සුදුසුකම් බලන්න කලින් ඔයාට තියෙන සුදුසුකම් මොනවද මේ සම්බන්දව කියල බලන්න.දැන් කියයි ලොක්කා දුන්න නිසා ගත්තා කියලා ...අන්න එක තමයි අපිටත් ඕනි .ඔය සේවකයෝ manpower එක හරහා බදවා ගන්නකොට සුදුසු කම් බලලා නෙමෙයිද අරගෙන තියෙන්නේ .හරි අපි හිතමු එක manpower එකට වැඩක් නැ කියලා .එතකොට ඔය ටෙලිකොම් එකේ ඉන්න ගොන් රැල තමන්ගේ ආයතනයට අපු සේවකයන්ගේ සුදුසු කම් බැලුවේ නැද්ද.? ඇයි එයාලට SLT සේවා අංකයක් දුන්නේ එයාලට බඩු දුන්නේ ඇයි? අන්න ඒවා හොයා ගන්න ..දැන් කියයි දේශපාලන පත්වීම් කියලා ඔව් දුන්නා එහෙම අය ඉන්නාව හැබැයි මේ අරගලයට එයාලා එන්නේ නැ මොකද එයාලා අවේ දේශපාලනයෙන් ඉතින් මේ අය හිතාගෙන ඉන්නේ පාරේ ඉන්න කොල්ලන්ගේ පිහිටෙන් ඇතුලට යන්න. ඔතන මහත්තයෝ බොක්කෙන් කරන අය ඉන්නේ 700 විතර එයාලව ගන්න එයාලට manpower හරහා ටෙලිකොම් එකට ගත්ත සුදුසුකම් බලලා ගන්න.තව එකක් ඔයා හිතාගෙන ඉන්නේ ඔයා අර 17500 ස්ථිර කරපු ගොන්නු ටිකට සුදුසු කම් තියෙනවද කියලද ඔයා එයාලගේ විස්තර හොයලා බලන්න එතකොටවත් ඔයාගේ ගැලවිචච රෙද්ද ඇඳ ගන්න පුළුවන් ..

කම්කරු ඇමති කියනවා අපිව ගත්තම පාඩුයි කියලා එයා එහෙම කියන්නේ කොහොමද ? එතකොට සේවකයෝ ගත්තම ටෙලිකොම් එක වැටෙනවා ..ඒ කියන්නේ මේ ගොල්ලෝ ටෙලිකොම් එකේ වැඩ කරලා තියෙන්නේ නිකන් පඩි ගන්නැතුව එකනේ ඇතුලට ගත්තම පාඩු කියන්නේ.මහත්තයෝ ඔයා කතා කරන්නෙත් දිව දෙකෙන්ද ? ඔයා කම්කරු ඇමති විදිහට මාධ්‍යට කියනවා manpower ක්‍රමය මේ සමාජයට ගැලපෙන්නේ නැ කියල ඒ කියලා ඔයා දෙනවා නිර්දේශයක් manpower සේවකයන් ඇතුලට ගන්න කියලා ..දැන් කැබිනට් එකේ කියනවා පාඩුයි කියලා ,, ඔයාටත් අත යටින් ගානක් දානවද?අපි හිතන්නේ නැ ඔයා කරන්න ඕනි කම්කරු ඇමති විදිහට මේ සේවකයන්ගේ ගැටලුව ගැන ටෙලිකොම් ආයතනයේ බඩු වාහන අරගෙන දෙවිදිහකට සලකන එක ගැන ඔබතුමාට කම්කරු ඇමති විදිහට වැඩක් නැද්ද?

ඔයාලට ඕනි මිනිස්සුන්ට මොනවහරි බොරුවක් කියලා ඊලග වතාවෙත් චන්දය ගන්න විතරයි..අපි මුළු හදවතින්ම ස්තුති වෙනවා රාජිත ඇමති තුමාට එතුමා දන්නවා ඔය යහපාලනය ගෙන්න මේ සේවකයෝ කල කැපවීම එතුමා විතරයි මාධ්‍ය ,කැබිනට් මේ හැමතැනම කතා කරන්නේ .අපිට දේශපාලන පක්ෂ වැඩක් නැ හැබයි රාජිත ඇමති තුමනි ඔයා සේවකයන්ට සාධාරණයක් ඉටුකළහොත් අපි ඔයාට මොන දේ උනත් කොන්දේසි විරහිතව ඔයාව බලයට ගන්න අකුරු වලින් ලොකු සටනක් දෙනවා නියතයි..

සේවකයිනි ඔබට ජය....

No comments:

Post a Comment

Comments System

Disqus Shortname