2017.01.28 දින මධ්‍යම රාත්‍රියේ මංගල ලුහුබැන්දේ කවුරුන්ද? එදා සිට අද දක්වා ඔහු අතුරුදහන්ව සිටි ..29 වැනිදා පිළියන්දල පොලිසියට ඉදිරිපත් වන පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් manpower සේවක සංගමයේ උප සභාපති වරයා අතුරුදහන් වී ඇත,මේ සම්බන්දව අද උදැසන ඔහුගේ යතුරු පැදිය පොලිසිය තුලින් මතුවීමත් සමගම ඉතා බරපතල නිතිය පිළිබද ගැටළුවක් පැනනැගී ඇත.ඔහුගේ අතුරුදහන් වීමට හේතුව ඔහු සේවක සංගමයේ උපසභාපති ලෙස කටයුතු කල නිසාම පමණක් නොව රජයට හා පාලන අධිකාරියේ පුටු රත් කරවූ ඉතිහාසයේ වඩා සාර්ථකම අරගලය වන SLT manpower සටන නිසාය.එකෙක් අතුරුදහන් කර අනිත් පිරිස බය කොට ගෙන්වා ගැනීමට විවිධ හොර රහසේ සිදුවූ සාකච්චා වලින් පසුව දවස් කිහිපයක් අරගල භුමියේ සේවකයන් නොදන්නා අයවලුන් කිහිප දෙනෙක් සැරිසරා ඇත.ඔවුන්ගේ රාජකාරිය වුයේ මෙයට නායකත්වය දෙන අයවලුන් හදුනා ගැනීමත් ඔවුන් එන යන වේලාවන් හා යන තැන් නිරීක්ෂණය කිරීමත් ය. එසේ තිබියදී අනෙක් අය සිටියදී කෙසේ හෝ මංගල මධ්‍යම රාත්‍රියේ පිටවත්ම ඔහුට නොදනිම ඔහුගේ පිටුපස කිසියම් පිරිසක් ගමන් කොට ඇත.
මේ අතුරුදහන් වීම පිටුපස SLT ආයතනයේ මෙන්ම රජයේ නිතිය කරන පාර්ශවය ටද ඇගිල්ල දිගු වී ඇත.එහෙත් නායක දඩයම මිට කලින් සිදුවීමට හොරරහසේ සකචචා කල නිලධාරීන් කවුරුන්ද? ඔවුන් කවුරු නමුත් යහපාලනය ගෙන ඒමට කටයුතු කල සේවකයන් අතුරුදහන් වෙද්දී ජනාධිපති තවමත් කතා නොකට සිටින්නේ මලයා ගේ කීම පිටද? දරුවන් 2 පියෙක් වූ මංගල ගේ දියණිය හඩා වැලපෙන රුප රාමු කිහිපයක් හිරු නාලිකාවේ විකාශනය වූ අතර සංවේදී සිත් ඇත්තන් ඔහු නිදහස් කරනතුරු බලා සිටි.
ජනාධිපති තුමනි රටේ නායකයා ලෙස ඔබට මේ ප්රශ්නය නොපනෙන්නේ SLT සභපති මල්ලි නිසාද? මේකද ඔබගේ යහපාලනය. මිනිසුන් පැතු පාලනය මෙයනම් ඔබටද යාමට සිදුවන කාලය වැඩි ඇතක නොවන බවද මතක් කර සිටිමු..
No comments:
Post a Comment