ශ්‍රී ලංකා ටෙලිකොම් මාතාව යටතේ සේවය කරන manpower සේවකයන්ගේ ප්රශ්නය ජයක්ග්‍රහනය ලැබෙන්න ඔන්න මෙන්න තියා ටෙලිකොම් මාතාව විකුණගෙන කෑමට විරෝධය පා ටෙලිකොම් ස්ථිර සේවක පිරිසක් හා කොන්දේසි විරහිතව ඔව්නට සහය දීමට තීරණය කල manpower සේවකයන් මේ පිළිබද කතා කරන්නේ ඇස් වලට එන කදුළු බින්දු පිස දා ගෙනය .
අපි කතා කරන විදිහට මේක කියන්නම්.ඔයාලා අපි දන්නවා ආයතනයට කොච්චර ආදරෙයිද කියලා ,එහෙම අයට තමයි මේකේ දුක තේරෙන්නේ 2008 ඉදලා manpower ඔයාලගෙන් කොච්චර මුදලක් මේ ලොක්කෝ ගසා කාලද? හිතා ගන්න බැ , ඇමති තුමා එක්ක සාකච්චා වට ගණනාවක් තිබුන බව ඔයාලා දන්නවා අපිත් කිව්වා මතකද ඒ ගොල්ලෝ ලියකියවිලි වගයක් එවලා තිබුනා කියලා අන්න එකේ තියෙනවා ඔයාලට රු 41000 මුලික වැටුපක් ගෙවනවා කියලා ඔයාලට දැන් දෙන වැටුපෙන් මේක අඩු කරලා 2100 වැඩි කරලා බලන්න මුන් කොච්චර ගානක් ගසා කාලා තියෙනවද කියලා 10000*2100=21000000 කොහොමද ගාන.අන්න ඒ නිසා තමයි ඔයාලා අරගල කරන්නේ ටෙලිකොම් මාතාවගේ රුදිරය වෙන උන් උරා බොනවට විරුද්දව.ඔයාලගෙන් ගසා කාපු මුදල් වලින් හෝටලයක් සඳහා ණය ගෙවන,කොටස් වෙළද පොලට ආයෝජනය කරන ,සූදු කෙලින ,වෙන ආයතනයකට ආයෝජනය කරන්න යොදා ගත්තා කියලා ...
ඒ දේවල් එක්ක පහුගිය මාස වල OT එක කැපුවා මතකද ? ඒ ඒගොල්ලන්ගේ මාසයකට එන ගාන අඩු වෙනවට මෙයාලා කැමති නැ අන්න ඒ නිසා .ලංකා බැංකුවෙන් රු. කෝටි ගණක ණයක් අරන් තියෙන්නේ රු බිලියන ගණන් ලාබ ලබපු ආයතනයක් .එකයි අපි කියන්නේ එලි පිට ටෙලිකොම් මාතාව දුෂණය කරන්නේ මේ පාදඩ නිලධාරීන් කියලා.
තවත් කරන මරු සෙල්ලමක් ගැන කියන්නම් ඒ තමයි ඔයාලා කැගහන outsource කියලා එක කලින් තිබුනේ new connection ඉට පස්සේ maintain තේරෙන විදිහට කිව්වොත් OPMC වැඩ දැන් කරන්න කලින් කියන්නම් මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා .කාලෙකට කලින් මතකද ලස්සනට ඇද ගත්ත මහත්තයෙක් OFFICE වලට ඇවිත් අපට වඩා ආයතනයක් ඉස්සරහට එන්න හදනවා එක අපි නවත්වන්න ඕනි ,,මතකද කෙනාව අන්න එයා දැන් දෙන්න හදන්නේ TELESHOP ටික එයාගේ ආයතනයක යටතට ගන්න කොහොමද වැඩේ.හිතන්න එයා කොච්චර මුදලක් එයින් ලබා ගන්න හදනවද කියලා .
තව තියෙනවා huawei ටෙන්ඩර් එක ZTE එකට දුන්න එක , CABLE නැව .තව තියෙනවා ,,දවස් 15 තිස්සේ මේ අම්මාගේ දරුවෝ ටික පාරේ තියලා උන්ගේ ඉවසීම බැලුවේ ටෙලිකොම් මාතාව පාරේ මිනිස්සු ඉස්සරහ නිරුවත් කරලා මේකට වග කියන්න ඕනි GCEO හා සභාපති එයාලා නම්බු පිට මේකෙන් අයින් වෙලා පුළුවන් කෙනෙක්ට මේක බාර දෙන්න ඕනි .රු බිලියන ගානක් අදායම තිබුණු ටෙලිකොම් මාතාව මහා පාරේ නිරුවත් කරලා දුෂණය කලේ මෙන්න මේ විදිහට...
හැබැයි මේකට සුපිරි කියාගන්න වෘතිය සමිති නායකයෝ ඒ ගොල්ලන් රට යනවා වාහන ගන්නවා ඒ ගොල්ලොත් මේකෙන් ගොඩ යනවා ,හිතන්න අපේ පරණ සේවක මහත්වරු ටික ඔයලා ආයතනය මෙතනට ගන්න මාර කැපවීමක් කරා එක ඔයාලගේ දරුවන්ට ඉතිරි කරලා දෙන්න පොඩි හරි සහයෝගයක් දෙන්න.
මේවා FCID එකට දුන්නනම් ඉවරයි දැනට එක්කෙනෙක් ඇතුලේ ඉන්නවනේ අන්න ඒ විදිහට තමයි කරන්න ඕනි.ඒ සදහා විරෝධය පාන සියලුම ටෙලිකොම් සේවකයන්ට අපගේ ස්තුතිය හා ආචාරය මෙයින් පුද කරන්නේ වසර 100 ගණනක් පැරණි ටෙලිකොම් මාතාව රැක ගෙන මතු අනාගත පරපුරට දායාද කරන මෙන් ඉල්ලා සිටිමි...
No comments:
Post a Comment