දින ගානක් තිස්සේ මහා පාරේ නොකා නොබී අරගලයක නියෙලෙද්දී කිසිදු නිලධාරියෙකු රට කරවන පාලකයෙකුගේ ඇස නොගසුනේ මන්ද?තම සේවය ස්ථිර කරදෙන ලෙස ඉල්ලා දැනට දින 8 උපවාසයක් ආරම්භ කර ඇති manpower සේවකයන් 2017 අලුත් අවුරුද්දද සැමරුවේ ලෝටස් මාර්ගයේය.දින ගණනක් දහස් ගණනක් ජනී ජනයා බලාගෙන යද්දී අද ඔවුන් තම දෙමාපියන් දු දරුවන් සමග මහා පාරේ කිරිබත් කෑවේ මෙරට සුවහසක් ජනයට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. මන්ද රටේ ප්‍රධාන පුරවැසිය වන ජනාධිපතිගේද අවදානය මේ සදහා නොලැබුණු වටපිටාවකය .එහෙයින් දු දරුවන් සමග කිරිබත් කා එකිනෙකට සුබ පතා ගනිද්දී අවට සිටි මිනිසුන් යහපලනට සාප කලේ නෙතට නැගුනු කදුළු බිංදු පිස දමමින්ය.
දින ගණනාවක් පුරා ඇදුනු මෙම අරගලය දෙස ජඩ මාධ්‍ය නොබැලුවේ ටෙලිකොම් ආයතනයේ PEO TV හා වෙළද ප්‍රචාරණ ප්‍රධානින්ගේ නියෝග මතය .tv channle වලට ලබා දෙන වෙළද ප්‍රචාරණ අත්හිටුවන බවට තර්ජනය කරමින් ඒ සදහා මොවුන් කොන්දේසි පත්‍රයක්ද අත්සන් කර ගනිමිනි.නැතහොත් ගමක අදෝ වාතයක් පිටවුනත් දවසට දෙපාරක්වත් පෙන්වන මාධ්‍ය මේ සදහා කිසිදු උනන්දුවක් ලබා නොදීමට තරම් කටයුතු කලේ නිදහස් මාධ්‍ය පිළිබධ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.
එන්රික් නමැති ගයකයට තන පටයකින් ගැසූ පුවත අසා අපේ ජනාධිපති තුමා කුලප්පු වූ හැටි අපට තාම හොදට මතකය .රටේ ප්‍රධාන පරශ්න වලට එතුමා පියවර ගන්නේ නැති තරම්ය.ටෙලිකොම් manpower ගැටලුව ,විල්පත්තු ගැටලුව මෙරට බරපතලම ගැටළු උවත් එතුමාට කිසි ගානක් නොමැති තරම්ය.රටේ ජීවනාලිය බදු ටෙලිකොම් අරගලය එතුමා නොදෙන සිටීම සිතා ගත නොහැක්කේ එතුමාගේ සහෝදරයා ආයතනයේ සභාපති දුරය දරන නිසාය.
රුපියල් කෝටි ගණනින් දුෂණ වංචා සිදුවන විට ,ආයතනෙයේ සේවකයන් අරගල කරන විට ඔවුන් නොදැන සිටීමට හේතුවක් නොමැත.අප කියා සිටින්නේ ඔබතුමාට ඍජු තීරණයක් ගත හැකි අවස්ථාවක එසේ නොකර සිටින්නේ මන්ද?
සේවකයන් කියා සිටින්නේ ස්තිර පිළිතුරක් ලැබෙන තුරු අරගලය ක්‍රියාත්මක කරන බවයි.එසේ තිබියදී විෂය භාර ඇමති තවත් උගුලක් අටවමින් සිටින්නේ දැයි අපට සිතෙන්නේ GCEO සමග හොර රහසේ කතාකොට හෙට දින සාකච්චාවක් ලබා දීමට තීරණ කල නිසාය.අප කියා සිටින්නේ ස්ථිර විසදුමක් ලැබෙන තුරු අපද ම පිළිබධ අවදානයෙන් සිටින බවය.
ජනාධිපති තුමනි. අගමැති තුමනි ,විෂය භාර ඇමති තුමනි ,මේ ඔබේ අවධානය පිණිසයි...
No comments:
Post a Comment