Wednesday, January 25, 2017

නොනවතින අරගලයක මහා රැළිය...

පුරා දින 31 අඛණ්ඩ වර්ජනයේ නියත සේවකයන් ශ්‍රීලංකා ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා තබමින් කොලොම් තොට පාරවල් වසා ගෙනගිය ඒ මහා රැළිය එතෙක් මෙතෙක් කල වර්ජන වල දැවැන්ත අරගලය බව පිළිගත යුතුය .රට කරවන ඇත්තන්ගේ පුටු මොළ රත් කල රැලියට පසු අද උදැසන sms පණිවිඩයක් සේවකයන් හට යවා ඇති HCS ආයතනයේ ගොන් රැල අවසාන තුරුම්පුව ගසා ඇත.එහි සදහන් ආකාරයට සේවයට වාර්තා නොකළහොත් සිය කැමැත්තෙන් සේවය අතහැර ගියා සේ හුවා දැක්වීමයි.දැනට ඉන්නා සේවකයන් එසේ එලියට දැමිය හැකි අධිකාරි බලය ඇත්තේ කා හටද?පුලුවන්නම් කර පෙන්නන.මන්ද නුවන් හා දිවාන් විවිධ පාර්ශව වලට නැවි බලු කුක්කන් මෙන් යදින්නේ තමාට ලැබෙන මේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙසයි.අධිකරණ නියෝග තර්ජන එල්ල කරමින් මොවුන් මේ ගෙන යන ක්‍රියාව ඔවුන් HCS ආයතන රටේ නීතියටද, පාලකයන්ටද පස්ස පෙන්වීමට තරම් ශක්තිමත් වන්නේ කගේ බලපෑම් උඩද?

දිවාන් ගේ  පැටිකිරිය මිට කලින්ද මුල් වරට හෙළි කරන ලද්දේද අපි.ඔහුගේ අඹේනිය ටෙලිකොම් එකේ සේවය කරන බවද දැන් හැමෝම දන්නා කරුණකි . ඔහු කරන්නේ අඹේනියගේ පිහිටෙන් තමන් ආරක්ෂා වීමටය .ඔහු මුල් වරට manpower එකට පත් වන්නේද අඹේනියගේ පිහිටෙනි .සේවකයන් HCS එකෙහි වහල් වැඩට ගෙන්වා ගැනීමට දත් කුරු කන මේ හොරිකඩයාට තම අඹේනිය HCS බදවා නොගන්නේ මන්ද .ඔහු මේ කරන්න හදන්නේ ටෙලිකොම් එකට රිංගා ගැනීමට බව හොදින් පෙනීයන කරුණකි ඒ සදහා ඔහු සොනාලි විජේකෝන් නමැති නිලධාරිනිය එතනින් ඉවත් කොට ඒ පුටුව ලාබා ගැනීමටය ..ඒ සදහා අවශ්‍ය පිබුරු පත් සකස් කරමින් සිටි.

මේ අතර හරීන් ඇමතිවරයා මාධ්‍ය හමුවේ මුල් වරට හෙළිකළේ තමාට වැඩ බැරි බවයි. මන්ද ඔහුව ඇමති දුරයට පත් කර ඇත්තේ නාමිකව බවයි.එහිදී ඔහු කියා සිටියේ 48% යන්නේ ටෙලිකොම් පඩි ගෙවීමට බවයි .ඇමති තුමා ටෙලිකොම් එක ගැන  දන්නේ නැති බව අයෙත් වරක් ප්‍රකාශ කර සිටින්නේ ඔහුගේ ඇමති දුරය ඕනෑම පොඩි ළමයෙකුටද වුව කල හැකි බව දන්වමිනි. ඇමති තුමා දන්නේ නැති උවත් 350 පමණ උසස් නිලධාරීන්ගේ පඩි හා ප්‍රවාහන දීමනා ගෙවීමට 30% යොදා ගන්නා බව ඇමති දන්නේ නැත.

මුළු රටම කතාවන මේ අරගලය රටේ ප්‍රධන පුටු රත් කරන බවට ලැබී ඇති තොරතුරු අනුව පෙනී යයි .අප තොරතුරු ලැබූ විගස දැන්වීමට බලාපොරොත්තු වෙමු.

No comments:

Post a Comment

Comments System

Disqus Shortname