Saturday, January 7, 2017

යහපාලනය යමපාලනයක් කරන ටෙලිකොම් ලොක්කෝ...







සේවකයන් දින 13 ගෙන යන අරගලය මේ වන විට සමාජ ප්‍රබල ප්‍රශනයක් බවට පත් වී ඇතත් රට කරවන පාලකයන් මේ පිළිබඳ අවදානය යොමු නොකරන්නේ ටෙලිකොම් ආයතනයේ අයිති කාරයා ලෙස සිතා සිටින ජනපති සොයුරු නිසාය.එක්තරා ඇමති වරයෙකු කියා සිටියේ , අපි දන්නවා ප්‍රශනේ ගැන එත් ඕවට අපිට කතා කරන්න බැ.විෂය භාර ඇමති ඉන්නවනේ එයාටනම් පොඩි ශේප් එකක් තියෙනවා අපි කතා කරොත් අපි ඉවරයි ,,අනික ලොක්කගේ මල්ලි ඔකේ ඉන්නේ හරින්ටත් ඕකට 100% මැදිහත් වෙන්නේ නැ.මිනිහත් බයයි.අපි කියලා නැ media වලට ඕක දෙන්න එපා කියල ඕක ඔයාලගේ company එක තමයි කියන්නේත්තේ.

අපි කියපු දේ ඇත්ත කියල හැමෝටම තේරෙනවා ඇති.රු.කෝටි ගණන් ගසා කන SLT එක ගැන එක දුරකථන ඇමතුමක් මගින් මේ හැම ප්‍රශ්නයක්ම විසදන්න පුළුවන් කම තියෙනවා.ලොතරැයි නියෝගිතයන්ට ජනාදිපති එන්න කියලා ඒ සුදු කෙලින අයට සුදු කෙලින්න ඉඩ දෙන්න ,හරි එකත් කමක් නැ .රටේ ප්‍රධාන සන්නිවේදන සහකරුවා එයාගේ සේවකයන් එළියේ ඉල්ලන්නේ රැකියා ස්තිර භාවය ,දුෂණ වංචා නවත්වන්න කියලා ඇයි ඕක රටේ ප්‍රධාන පුර වැසියා මගරින්නේ මල්ලිට බය නිසාද නැත්තම් එයට හම්බ කර ගන්න පොඩි ඉඩක් දෙන්න ඕනි නිසාද? අනේ මන්ද රජයට 52% තියෙන ආයතනයේ 45% +3% කැමති නම් ඉතුරු 52% මුළු අයිතිය තියෙන්නේ සමස්ත සේවකයන් ගෙන් ලොක්කන්ට විතරද ?

රාජපක්ෂ රජය පෙරලා යහපාලනයක් ගෙන්න මේ සේවකයන් කල කැපවීම ඔබතුමාට මතක නැතුව ඇති ,ඔබ තුමා ගමෙන් ආ ගැමියෙක් උනත් ඔය ලොකු පුටුවල තියෙන ප්‍රධාන ගැටලුව තමයි මුල අමතක වීම එක දැන් ඔබතුමාටත් වෙලා එකෙන් වෙලා තියෙන්නේ යහපාලනය යමපලනයක් උන එක විතරයි.ලෝකයටම කියනවා යහපාලනය ගැන එත් කියන්න ලැජ්ජයි SLT සේවකයන්ට ඔබතුමාගේ මල්ලි හා GCEO නිසා යනඑනමන් නැතිවෙලා .

අපි දන්නවා මේ හැම ලිපියක්ම කිසියම් පිරිසක් කියවනවා කියලා .තොරතුරු හොයනවා කියලත් දන්නවා එක ගැටළුවක් නැ.එත් ඉල්ලන එකම ඉල්ලීම සේවකයන්ගේ සේවා ස්ථිර කර රටේ සියලු ගැටළු විසදා කතිරයට වඩා රට ගැන සිතා යහපාලනය මුළු රටේම ඇති කරන ලෙසය..

1 comment:

  1. youtube - Vectorman 3 - Videodl.cc
    youtube - Vectorman 3 | Vectorman 3 | Videodl.cc | Vectorman 3 | Vectorman 3 | Videodl.cc | Vectorman 3. mp3 juice

    ReplyDelete

Comments System

Disqus Shortname