Saturday, January 7, 2017

HCS ජිම්පප්පා ද නීතිය නවන්නට සැරසෙයි....


ඉහත ලිපියට අත්සන් කල පුද්ගලයා තමයි මේ ඉන්නේ ,ලිපිමගින් හා sms මගින් සේවකයන්ට තර්ජනය කල නොහැකි බව ඔබ දන්නේ නැද්ද? සේවක අරගලයකට වැඩට එන්න කියා උසාවි නියෝග ගන්න උන රටක් හා ආයතනය ශ්‍රිලංකාවේ HCS ආයතනය වාර්තා පොත් අතරට එකතු වී ඇත.

වැඩට එන්න කියා  සේවකයන් උසාවියේ නාමයෙන් බය කිරීම අපි ඉතා දැඩි සේ හෙලා දකින අතර මෙය නිතිය හැල්ලුවට ලක් කිරීමක් හා උසාවියට කරන ලද අපහාසයක් බවද කියා සිටින්නේ ඉතා පිළිකුල් සහා තවය .පෙනුමෙන් පරිනත පුද්ගලයෙකු බව පෙනුනත් කරපු හා කල මෝඩ වැඩ නිසා සිංහල කියමනක් වන වයසට වඩා ගොන් කම වැඩි කතාව ඔබ තුමාට යසට ගැලපෙනවා යන්න මෙයින් ඉතා මනා ලෙස පැහැදිලි වේ.

අප සොයාගත් කරුණු අනුව මේ ලියුම සකස් කිරීමට ඔබලා ගත් තීරණයේදී ඔබතුමාද සාකච්චා මේසයේදී සිට ඇත.ලිපිය සකස් කොට ලිපියට අත්සන් කොට එයට වලංගු භාවය ලබා දෙන සීල් එක තබා නැත්තේ මන්ද.එක සේවකයන් බය ගන්විට මිස වෙනයම් කරුණකට නොවනබව ඉතා පැහැදිලිය .ඔබ ආයතනය මගින් අධිකරණ නියෝගයක් ලබා ගත්තේනම් එහි පිටපතක්ද සේවකයන්ට ලැබෙන ලෙස හෝ පුවත්පතක ප්‍රසිද්ද කල යුතුය.

අප අරගලයේ යෙදී සිටින සේවකයන් හට ඉතා දැඩිව කියා සිටින්නේ ඔබ SLT ආයතන වෙනුවෙන් කරන සේවයට අදාළ මුදල් එම ආයතනයෙන් ලබා ගෙන ඔබටත් වඩා වැටුපකට මොවුන් හිමිකම් කියන්නේ ඔබේ මුදල් වලින් මොවුන් වැටුප් ගන්නා නිසාය.sms හෝ කිසිදු නීතිමය වලංගු තාවයක් නැති ලියකියවිල්ලකට බය නොවන ලෙස ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙය සිදු කරනම් උසාවි නියෝගය ප්‍රසිද්ද කල යුතුය.

එසේ නොමැති නම් අප දැඩිව කියා සිටින්නේ නිතිය කරන බලධාරයෙනි නීතියට හා උසාවියට අපහස කරන්නේ අයිතිය වෙනුවෙන් පාරට ආ සේවකයන් නොව ඔවුන්ගේ කරමතින් දිව්‍ය සැප සම්පත් සොයන මෙවෙනි අඳබලයන් නිසා ඔවුනට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

අලුත් මානව සම්පත් කලමනාකර තුමාට..

No comments:

Post a Comment

Comments System

Disqus Shortname