Sunday, January 22, 2017

යහපාලනයේ අවාසනාවන්ත කදුළු කතාව...


මාසයකටත් කිට්ටුයි නේද ? එහෙන් අව්ව්ව ,දුවිල්ල කොළඹ ගැන කියන්න ඕනි නැනේ අයේ.කරපු කැපවීම .. ඇත්තටම ගිනස් වාර්තාවක් තියන්න පුළුවන් ඔයාලගේ ඔය කදුළු කතාව.අපි ගියා එයාලා එක්ක පොඩි වෙලාවක් ගතකරන්න එකනම් මහා පුදුමාකාර එකමතු කමක්,කෙල්ලොත් හිටියා එත් කොල්ලෝ තමයි වැඩිපුර හිටියේ ,අර පේමන්ට් එකේ ඉදන් බත් කනවා ඇත්තටම ලංකාවේ දෙකොනේ ඉන්න කොල්ලෝ හිතාගන්න බැ...අපේ සමහර අය බොරුවට ජාතිවාදය ගැන කතා කරනවා දුකක් කරදරයක් උනාම අපිට ඒවා වැඩක් නැ..ඇයි ඔයාලා එකතුවෙලා ඉල්ලන්නේ SLT එකට අනුයුක්ත කරන්න කියලා ..එක අසාධාරණ නැ ඉල්ලීම අහස විකුණලා  රැ කෝටි ගණන් හම්බ කරන SLT එක දැනුත් ඔයාලට පඩි ගෙවනවා එත් එක වෙන HCS කියලා ආයතනයක් හරහා ඇයි එහෙම ආයතනයක් හරහා පඩි ගෙවන්නේ එකේ ලොකු ලොකු කතා ගොඩක් තියෙනවා ,,,නොදන්නා කෙනෙකුට දැනගන්න කෙටියෙන් කියන්නම් කෝ.ඇත්ත ඔයාලා SLT HCS එකේ වැඩ හරි ඇත්තටම වැඩ කරන්නේ මොන ආයතනයටද? SLT එකට නේද?ඔයාල වැඩ කරන්නේ SLT අයත් එක්ක එකම වැඩේ නේද? හැබැයි පඩි ගෙවන්නේ වරප්‍රසාද දෙන්නේ දෙවිදිහකට අන්න එතන තමයි වැරැද්ද ..HCS වගේ ආයතන පටන් ගන්නේ කිහිප දෙනෙක්ගේ උවමනාවට එයාලට ලොකු කොමිස් මුදල් එකෙන් හම්බ වෙනවා...තේරෙන විදිහට කිව්වොත් ඔයාලා වැඩ කාරාට නිකන් ඔයාලව විකුණන් කන මිනිස්සු ටිකක් ඉන්නවා එකට විරුද්දව තමයි ඔය සටන් කරන්නේ..

මට මතකයි 2015 දී ආණ්ඩුව පෙරලන්න ඒ කියන්නේ යහපාලනය ගන්න ඔයාලා ඔය විදිහටම පාරේ නිදාගෙන ඔයවගේම කට්ටක් කැවා අන්ඩුවනම් පෙරලුනා එත් ඔයාලා හිටපු විදිහමයි නේද? ඔයාලා වගේම මමත් හිතුවා යහපාලන ආණ්ඩුවේ අයවැය තුලින් කිව්ව විදිහට කරයි කියල එත් එකටත් මොකා හරි හෙනහුරෙක් කඩාගෙන වැටුන කියලා වැඩක් නැ.මේ රටේ මිනිස්සු බොහෝ බලාපොරොත්තු තියාගෙන හිටියා යහපාලනය ගැන CEB එකට යන්තම් ගොඩ යන්න පුළුවන් උනා එත් ඔය අරගලය පටන් ගත්ත ඔයාලා තාම එතන.ඔයාලා ගැන රටේ පාලකයෝ දන්නවා එත් කිහිප දෙනෙක්ගේ උවමනාවට එයාලා ඔයාලගේ ස්ථිර කරන්න ඉඩ දෙන්නේ නැ.එයාලා ලොකු ලොකු පඩි කොමිස් ගන්න අය එයාලගේ අදායම එකෙන් අඩු වෙනවා අන්න එක නිසා තමයි මේකට කැමති නැත්තේ.

ගිය සතියේ රාජිත ඇමති තුමා රට හොල්ලන කතා කිහිපයක් කිව්වා එකෙන් තමයි මේක ටිකක් උඩට අවේ ඔයලා වගේම මාත් හිතනවා ඉක්මනට විසදුමක් දේවි කියලා අපි බලමු නේද?නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියා ගන්න එපා කියලා කිව්වේ නිකන් නෙමෙයි.ලොක්කෝ කියනවලු එයාලට පාඩු නැ කියලා ඔව් දැනට එහෙම නැ.ඔය කියන එයාලගේ ආයතන පටන් අරගෙන තමයි කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කර ගන්නේ ඉතින් ලබන මාසේ එයාලගේ මුදල් ගෙව්වට පස්සේ තේරෙයි මොකද වෙලා තියෙන්නේ කියලා .GCEO හා සභාපති අයේ ඉංජිනේරු සංගමය එක එක වෙලාවට එක එක කතා කියනවා.මමනම් හිතන්නේ මේක CID එකට දීලා හොයන්න ඕනි දෙයක් කියලා .මට අද දැනගන්න ලැබුනා 25 ගිවිසුමකට අත්සන් කරනවා කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා තව ලොකු පා ගමනක් ලෑස්ති කරලා තියෙනවා එකට එන්න ඔයාලා එකතු උනොත් තමයි මේක දිනන්න පුළුවන්.

ඔය අතරේ ඔයාලගේ දුරකතනයට SMS එකක් ඇවිත් ඇති උසාවි නියෝගයක් ගැන.ඔයාලට පුලුවන්ද බලෙන් උසාවි නියෝගයක් අරගෙන බලෙන් වැඩ ගන්න බැ.එහෙම බැ ඔයලා මේක කරන්නේ ලෝකේ ,රටේ තියන කම්කරු නීති හැටියට ඉතින් sms උසාවි නියෝග දෙන්න බැ.එහෙම දානවනම් එක අනිවාර්යෙන් මුද්‍රත ,විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කල යුතුයි.මගේ සගයා කලින් ලිපියේ මේ ගැන කියලා තියෙනවා ..
මට මේක කියන්නම වෙනවා ඔය HCS එකේ ඉන්න අයගේ රැකියාව ඔයාලා SLT එකට ගත්තොත් එයාලට එක නැති වෙනවා.මොකද එයාලගේ ඔය අභිමානය රැදිලා තියෙන්නේ ඔය ඔයාලා වහල් කම් කරන HCS එක නිසා .ඔයාලා දන්නේ නැතිව ඇති ඔකේ ඉන්න නීති නිලධාරියාගේ පවුලේ හිතවතුන් ගොඩක් SLT එකේ ඉන්නවා ඉතින් කොහොමද එයාලා ඔයාලව ස්ථිර කරොත් ඔය සුකිත මුදිත ජීවිතය ගත කරන්නේ .

ඉතින් මන් ඔයාල හැමෝගෙන්ම ඉල්ලන්නේ එකට ඉදලා කොහොමහරි ගොඩ යන්න කියලා .එකට සමාජයේ අය වෙනත් වෘතීයසමිති වගේම නොපෙනන බලවේග වලත් ආශීර්වාදය තියනවා .අයෙ ඉල්ලන්නේ එකට එකා වගේ එකට ඉදලා දිනන්න කියලා ඒ වගේම 25 පා ගමනට සහභාගී වෙන්න එදාට 99% ලොකු දෙයක් වෙන්න තියෙනවා එක දැනගන්නත් එක්ක උදේම එන්න කියලා ඔක්කොටම කියනවා ...

No comments:

Post a Comment

Comments System

Disqus Shortname