මාසයකට අසන්න කාලයක් ලංකාවේ අංක එකේ ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙහි manpower සේවකයන් ආරම්භකර ඇති උපවාසය හේතු කොට ගෙන මේ වනවිට දැඩි අර්බුදයකට කලමකාරිත්වය පත් වී ඇත.ජනාධිපති වරයා ඉතා දැඩිව සේවකයන් හට උපරිම සාධාරණය ඉටුකරන ලෙස පැවසීම තුලින් අන් කවරදාටත් වඩා මිට විරුද්ද සියල්ලෝ අන්ද මන්ද වී ඇත.එසේ සිදුවීමට විවිධ හේතු සාධක ඇත.එක්තරා වෘත්තීය සමිතියක නායකයෙකු තම facebook පිටුව තුල සේවකයන් පිලිබඳ ඉතා කණගාටුවෙන් කතා කොට ඇත.එහෙත් ඊට ප්‍රථම ඔහු මේ සේවකයන්හට ඉතා නින්දිත ලෙස බැන වැදී ඇත.මේ සියල්ල මේ ක්‍රියාත්මක වන යහපාලනය ගෙන ඒමට ක්‍රියා කල රාජිත සේනාරත්න ඇමති තුමාගේ මැදිහත් වීමයි.එතුමා කැබිනට් මණ්ඩලය අවසන් වීමෙන් පසුව ජනාධිපතිවරයා හට ඉතා දැඩිව කියා සිටියේ ඔබතුමාව මේ ආණ්ඩුව ගේන්න මේ අය කල කැපවීම මගේ ඇස් දෙකෙන් දැක්කා අපි හැමෝටම තැනක් තියෙනවා එත් සේවකයෝ තාම මහා පාරේ ,, එහිදී ජධිපතිවරයා මෙය කෙසේ හෝ කරන බවට සහතික වී ඇත.
එය එසේ සිදුවෙද්දී අද දින උසාවි නියෝගයක් ලබා ගැන එක්තරා ගුවන්විදුලි සේවාවක් විසින් 6.00 පුවත් විකාශයේදී විකාශය කරන ලදී.එහි සත්‍ය සොයා ගත් අප හට දැනගන්නට ලැබුනු පරිදි HCS ආයතනය මගින් කරනු ලැබූ බොරු ප්‍රචාරයක් බවයි. මිට ඉහතදීද අප කියා සිටියේ කිසිදු දිනයක සේවකයෙකුට විරුද්දව උසාවි නියෝග ලබා ගත නොහැක .අප සේවයට යන්නට කලින් උසාවියේ දී අත්සන් කර නොමැත,තවද සේවයෙන් ඉල්ලා අස්වීමේදී උසාවියට යන්නට උවමනා නොමැත.එමනිසා ඔබ කලබල වියයුතු නැත,
HCS විසින් කරන බොරු ප්‍රචාර කාගේ උවමනා වට බව දන්නා නිසා එය හිලිකිරීමට ප්‍රථම එහි පුර්ව දැන්වීමක් ප්‍රචාරය කරන ලදී.එහිදී අපට එය ප්‍රචාරය නොකරනලෙස ඉල්ලීමක් නිසා එය ඉවත් කරගන්නා ලදී.එහෙත් කිවයුතු වන්නේ HCS ආයතනය පවත්වා ගෙන යාමට උත්සහා කරන අයගේ නිවැරදි තොරතුරැ ලැබුනත් කල ඉල්ලීම් නිසා එය ප්‍රචාරය නොකිරීමට තීරණය කළෙමු.නැවතත් ඔවුන්ම මේ සදහා අනුමැතිය ලබා දුනහොත් එහි සත්‍ය ඔබට පැවසීමට අප සුදානම්.
HCS ආයතනය මගින් ඔවුන් වැටි ඇති උගුලෙන් බේරීමට මෙවැනි අසත්‍ය ප්‍රචාරය කරන බැවින් එවැනි දේ වලට නොරැවටෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
No comments:
Post a Comment