Friday, March 17, 2017

මාරාන්තික උපවාසයත් සමග W.D.J සටන අතට ගනී.. ටෙලිකොම් ලොක්කෝ බයේ සිසිකඩ හැන්ගෙයි...



දින 81 පුරා කරන අරගලයට ටෙලිකොම් සේවකයන් තම ශක්තිය උපරිමයෙන් යොදා ඇත.ඒ සඳහා හොදම උදාහරණය වන්නේ සේවකයන් දෙදෙනෙකු ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයයි.එය මෙතෙක් කිසිදු මධ්‍යක ප්‍රචාරය නොවුනත් මේ මැරෙන්නට යන්නේ රටේ පුරවැසියන් දෙදෙනෙකු බව මෙරට ජඩ මාධ්‍යට හා හොර දේශපාලුවන්ට නොපෙනීම මෙවෙනි පවුකාර රටක ඉපදීමට තරම් අප කරුමයක් කල නිසාය.ලෝකයෙන් උතුම් රට කියා උදම් අනන මේ පෙරේත දේශපාලුවෝ රටේ ප්‍රධාන ආගම පවා විකුණන තත්වයකට පත්ව සිටි.මේ කිසිදු ප්‍රශනයක් මෙරට ප්‍රධානින් වන ජනපති හා අගමැති හට නොපෙනීම සිතා ගත නොහැකිය.තම මල්ලි ටෙලිකොම් සභාපති කරවූ ජනපති ඇටිකෙහෙල් කැ උගුඩුවේකු ලෙස සිටින්නේ යහපාලනය නමැති කිරි කාලයට ගොම බින්දුවක් නොව ගොම තැඹි එක්කරමිනි.

පසු ගිය සතිය පුරා හා මේ සතිය පුරා ටෙලිකොම් පාලන අධිකාරිය සමග පැවැත්වූ සාකච්චා ඉතා සාර්ථක මට්ටමකට ගෙන ඒමට දෙපාර්ශවයම එකග විය හැකි කරුණු ඉදිරිපත් කර අවබෝධතා ගිවිසුම සකස් කර තිබියදී සභාපති හා පාලන අධිකාරිය මග හරින්නේ මේ ගැටලුව තව තවත් අගාදයට ඇද දමමින්ය.රටේ කම්කරු ඇමති කාලය ලබාදෙමින් සිටියදී සභාපතිවරයා හොරිකඩ අනුර පෙරේරා සමග නටන නාඩගම තම අයියගේ හයිය පෙන්වීමට බව පෙනේ .මන්ද අවසන් අත්සන් කිරීමට ඇමති වරයා පාව මගහරින්නේ එම නිසාය.
පාලන අධිකාරිය හා කම්කරු ඇමති හා සකසා ඇති ගිවිසුම අවම ගිවිසුමකි.කොටස් කිහිපයක් ලෙස අන්තර්ග්‍රහණය කොට ඔවුන් සුදුසු වැටුප් තලයක් පිහිටුවා මේ ප්‍රශ්නය සමතයකට පත් කිරීම මෙහි මුලික පරමාර්ථයයි .එහෙත් පාලනාධිකාරිය මෙය තවදුරටත් කර අරින්නේනෙම් මේ ප්‍රශ්නය සමතයකට පත් කිරීමට නීතිමය තත්වයක් පවතී ඒ සඳහා කම්කරු ඇමති වරයා ඊයේ සිට කටයුතු කර ඇති අතර ඒ සඳහා ඔහු ලබන සදුදා 12 දක්වා කල් ලබා දී තිබේ.ඒ රජයට කොටස් හිමි ආයතනයකට කම්කරු පනත් යටතේ නීතිමය කටයුතු කළහොත් කොටස් වෙළඳ පොලෙහි කොටස් විකිනෙන ආයතන වල විශාල කඩා වැටීමක් සිදුවිය හැකි බැවිනි.එය සිදුවුවහොත් රජයට සිදුවන්නේ ලොකු පාඩුවකි එම නිසා ඇමති වරයා සදුදා 12 දක්වා කල් ලබා දී ඇත,එහෙත් මාරාන්තික උපවාසයක් කරන සේවකයන් දෙදෙනාට කුමක් සිදුවීද යන්න අපට කිව නොහැක.පසු ගිය අවුරුද්දේ කුළුණක් මතට නැගී 2100 කගේ බර කරට ගත්තා මෙන් දැන් මොවුන් දෙදෙනා මේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලී සිටියදී පවා සමහර සේවකයන් සේවයට යන්නේ තම ආත්ම අභිමානය මුදලට විකුණා දමමිනි.ඈත අතීතයේ සිටම මෙවැනි පාවා දීම නිසා නිහින ජාතියක් බවට පත් වී ඇත්තේ රටේ ප්‍රශ්නයක් නිසා නොව අපි තවමත් මුදලට යටවන නිසාය.


සිතන්නට කාලය එලබ ඇත.කම්කරු ඇමති ,මාරාන්තික උපවාසය කරන සේවකයන් දෙදෙනා ,නායකත්වය ,සේවක විශේෂ බලකාය අන්තිම සටනට ක්‍රියා කාරී ලෙස යුද්දයට මැදි වෙද්දී නිවට සිංහලුන් මෙන් තම ආත්මය මුදලට පාවා නොදී අවසන් මොහොතේ අවසානය දක්වා සටන ගෙන ගොස් ආත්ම අභිමානයෙන් නැවත සේවයට යන උදාර සිතුවිල්ල සිත දරා ගෙන ලබන සතියේ සිට එකතු වන්න ....

No comments:

Post a Comment

Comments System

Disqus Shortname