අදට දින 71 කාලයක් පාලකයන් විසදීමට අපෝසත් වූ
අරගලය හේතුවෙන් මහා විනාශයක් සිදු වීමට නියමිතව ඇත.මන්ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය
සතු සමහර ප්‍රදේශවල ඇති නඩත්තු කාර්යාල වසා දැමීමට හා අනෙක් ස්ථාන කොන්ත්‍රාත්
කරුවන්ට ලබා දීමට මේ වන විට කටයුතු යොදා ඇත.මෙහිදී පානදුර හා කළුතර පමණක් ස්ථාන 06
වසා අනෙක් ඒවා කොන්ත්‍රාත් කරුවන්ට ලබා දීම සදහා ටෙලිකොම් ස්ථිර සේවකයන් විවිධ
ස්ථාන වලට හෙට දවසේ සිට වාර්තා කරන ලෙස දන්වා ඇත.තම අයිතිය වෙනුවෙන් ස්ථිර සේවකයන්
උද්ගෝෂණ කරද්දී එයට සහභාගී නොවී manpower සේවකයන්ට විරුද්ධව කොළඹ ආ ස්ථිර සේවකයන්ට
ද මරු පහරකි.
දින 71 සපිරෙන අවස්ථාවේ යුරෝපා සංගමය වෙත CMU
මගින් ඉදිරිපත් කිරීමට යන ලියවිල්ල හේතු කොට ගෙන GSP+ සහනය නොලැබී යාමේ තත්වයක්
උදා වී ඇති හෙයින් රටේ ඇතිවන ආර්ථික අර්බුදයට ටෙලිකොම් සභාපති හා විධායක නිලධාරියා
පමණක් නොව හොර අධ්‍යක්ෂක මණ්ඩලයද පම්පෝරි ගසමින් ඉන්නා ආණ්ඩුව මෙන්ම ජනපතිද වගකීම
බාර ගත යුතුව ඇත.
අප යුරෝපා සංගමය තුල ඇති gsp+ සහනයට අදාල ව කරන
ලද විමසීමකදී ඔවුන් කියා සිටියේ රජයට සම්බන්ද ආයතනයක සේවකයන් හට (ස්ථිර හෝ අනියම්
)සේවකයන්ට විරුද්දව උසාවි නියෝග ගෙන ඇත්නම් හා එම ආයතන තුල සංහිදියාව ක්‍රියාත්මක
නොවෙයි නම් ඒ කිසිදු රටක් සදහා සහන ලබා නොදීමටත් ලබා දී ඇති සහන ඉවත් කිරීමට
සිදුවිය හැකි බවත්ය.මෙහිදී gsp පමණක් නොව නැවත මත්සය තහනම ක්‍රියාත්මක වීමටද ඉඩ
ඇත.මන්ද manpower සේවක ගැටලුවට ධිවර සංවිධානද මේ සදහා සයෝගය දැක්වීම එය තවත් තිර්ව
විය හැකිය.
රටේ පුරවැසි සංවිධාන මෙන්ම පුරවැසියන්ද මේ
සම්බන්ධව කටයුතු කරද්දී පවා පොඩි මල්ලි මගහරිමින් ආයතනය මෙන්ම රටද අගාධයකට ඇද
දමනවා නිසැකය.රට විනාස කළා යැයි ලතෝනි ගසා පත් වූ ජනපතිට කිසිදු ගානක් නොමැති වීම
හාස්‍ය උපද වීමකි ,8 ජනාධිපති වී උණුසුම යන්නත් කලින් මල්ලිට තනතුරු දුන් සිරිසෙන්
ජනපති මහින්ද ජනපතිට වඩා එක අඩියක් ඉස්සරහට තබමිනි.
කම්කරු අමාත්‍ය වරයා ටෙලිකොම් සමාගමට එරෙහිව
යුද්දය ප්‍රකාශ කොට ඇති අවස්ථාවක තම සහෝදරයා බේරා ගැනීමට ජනපති අයියා උත්සහා
නොකරනවා දැයි අපට දැනට කිව නොහැක,එය එසේ සිදු වී නම් යහපාලනය ගෙනා ලක්ෂ 62 ජනතාවට
කන්න වෙන්නේ පිදුරු බවද සිහි තබා ගත යුතුව ඇත,මන්ද ඇට මාලයක් පැළඳ එන මල්ලිගේ
ජීවිතය බේරා ගැනීමට විවිධ උපක්‍රම යොදා ගනිමින් කම්කරු ඇමතිගේ කට වැසීමට උත්සහා
නොගන්නවා විය නොහැක ඒ දෙස අප මෙන්ම රටේ මහජනතාවද සේවකයන්ද 8 වෙනිදා බලා සිටි..
සේවක අතිකාල කප්පාදු කොට (සෙනසුරාදා හා ඉරිදා සේවයට
වාර්තා නොකරන ලෙස ,,,මෙය ඉදිරි දින කිහිපයේදී සිදුවීමට නියමිත වේ. ) තවත් කොටසක්
මහා පාරේ තබමින් ආයතන කොන්ත්‍රාත් කරුවන්ට ලබා දී මේ නටන නාඩගම නිසා අවුරුදු 150
වයස ටෙලිකොම් මාතාව විකුණගෙන කෑමේ තුරුම්පු ඔවුන් ගසා ඇත.සේවකයිනි ඔබේ අම්මාව
සුරැකීමට කාලය එලබ ඇත.
No comments:
Post a Comment