දින 85 පුරා උපවාසයේ යෙදී සිටින සේවකයන් හා මාරාන්තික උපවාසයේ යෙදී සිටින සේවකයන් දෙදෙනා තවමත් ලෝටස් පාරේ අරගලයේ යෙදී සිටි.එහෙත් ටෙලිකොම් ප්‍රධානීන්ට හා රටේ ප්‍රධානීන්ට මේ ගැටලුව තවමත් විසදීමට කිසිදු උත්සහයක් නොගන්නා අතර කම්කරු ඇමති කම්කරු නිතිය අනුව මේ ගැටලුව විසදීමට තීරණය කරන ලද්දේ ටෙලිකොම් සභාපති දේශද්‍රෝහියෙකු ලෙස හා මෝඩයෙකු ලෙස රටට හුවා දක්වමිනි.මන්ද සභාපති ගේ උගත් කම නමට කලින් ඇති අකුරුවලින් පෙන්නුම් කරත් ඒවාද සල්ලි දී ලබා ගත් පට්ටම් බව මේ වනවිට හෙළිදරවු වී ඇත.ඒ නිසා දෝ ඔහු හා අයියා නිසා සිදුවන ආර්ථික බලපෑම තේරුම් ගැනීමට තරම් මොලයක් නොමැති වීම රටේ මෙන්ම ආයතනයේ අවාසනාවකි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොටස් වෙළද පොළ තුල ක්‍රියාත්මක
වන ආයතනයකට නඩු හෝ නීතිමය ගැටළු තිබිය නොහැක.එහෙත් ප්‍රශ්න මග හැර ජනපති අයියා සමග
කටත් හොරා කරන විවිධ සාකච්චා නිසා කම්කරු ඇමති කම්කරු නිතිය ක්‍රියාමක කරන්නේ
ඔහුටද කර කියා ගන්නට නොහැකි නිසාය.එහෙත් රට ගැන සිතීමට තරම් මොලයක් තිබුන හෙයින්
සති කිහිපයක් ටෙලිකොම් පාලන අධිකාරියට කාලය ලබා දී තිබුනත් ඔවුන් ප්‍රශ්න මග හරිම
නිසා බේරුම් කරණය වෙත යොමු වී ඇත.එය අද හෝ හෙට දිනයේ ක්‍රියාත්මක කොට ගැටලුව
විසදීමට නියමිත ව ඇත.
මේ අතර හරින් ඇමති මේ සතියේ ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
කරමින් කියා සිටියේ ඇමති වූ තමාට වඩා ටෙලිකොම් සභාපතිට හා විධායක නිලධාරියට ඇති
බැවින් ඉතා ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වී ඇති බවය.එහෙත් අමාත්‍යංශ ආරංචි මාර්ග
අනුව සේවකයන් 1000 ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකසා ඇති අතර එය ඇත්තේ කැබිනට්
මණ්ඩලයට යොමු කිරීම පමණකි .එහිදී සිකුරාදා වනවිට මේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය
හිමි වීමට නියමිත වුවත් තම මලයාගේ ආයතනයේ ප්‍රශ්න වලට මැදිහත් වීමක් ජනපති සිදු
කළහොත් එය ගගට කැපු ඉනි මෙන් කිසිදු වැඩක් නොවන්නේය.එහෙත් හරින් ගේ ක්‍රියාවලිය
කල් ගත වී හෝ ඔහුට අවබෝධ වීම ගැන අපට ඇත්තේ සියුම් සතුටකි.එහෙත් ජනපති සොහොයුරාට
එරෙහිව මැදිහත් නොවී ඉතා බියගුළු ලෙස පසුබෑම ගැන රටේ ජනතාවට ඇත්තේ ඔහු ගැන ඇත්තේ
ඉතා අප්‍රසන්න චින්තනයකි.
රටේ ජනපති හා අගමැති ගැන මුළු මහත් ජනතාවට ඇත්තේ අප්‍රසන්න
හැගීමකි.මන්ද එන්රික් ගේ තන පට හුටපටය පෙනුන ඔහුට විල්පත්තුව .මාලබේ ,manpower ගැන
කතා නොකිරීම ඔහු ගැන හා මේ ආණ්ඩුව ගැන සිතීමට කාලය එලබ ඇත,.
කෙසේ හෝ දින 86 කල වාර්තා ගත උසාවි නියෝග වලින්
අවරණය වූ විවිධ බලපෑම් හමුවේ කල අරගලය නිමාවට පත්ව කොන්ද කෙලින් තබාගෙන නැවත සේවයට
යා හැකි වේවා යැයි අපගේ ප්‍රාර්ථනයයි..
No comments:
Post a Comment