Thursday, December 29, 2016

IT සේවකයන් ඉවත් කිරීමට තීරණය කලේ GCEO ද ?





අප නැවතත් සේවක අයිතීන් සුරැකීමට ඉදිරිපත් වන්නේ මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තුල සේවය කරන ලද සේවකයන් 16 දෙනෙකු සේවාවලින් 31 වැනිදා සිට ඉවත් කිරීමට ගෙන ඇති තීරණය නිසාය.මිට පෙර කරන ලද අරගලයේදී call center සේවකයන් කිහිප දෙනෙකු සේවයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන්ද මුලින්ම රටට හෙළිදරවු කල අප අද IT data oprater  වශයෙන් සේවය කල සේවකයන් 16 කිසිදු හේතුවක් නොමැතිව සේවයෙන් ඉවත් කිරීම ඉතා දැඩි ලෙස හෙලා දකිමු.

මිට වසර 2 වැඩි කාලයක් මොවුන් තමන්ගේ සේවය telecom ආයතනයට ලබා දී තිබියදී කගේ කුමන උවමනාවක් මත මෙසේ සිදු කලේද යන්න ප්‍රශ්නය පැන නැගී.ඔවුනට ලබාදුන් පත්වීමේ ලිපියේ කිසිදු ආකාරයකට මොවුන් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් බවට කිසිදු තැනක සදහන් කර නොමැත.එහෙත් 31 වෙනිදා සිට සේවා කාලය අවසන් බවට ඔවුනට දැනුම් දී ඇත්තේ ලෝක කම්කරු නීති ද වෙනස් කරමින්ය.ආයතනය තුල ඇති office 16 කට මොවුන් අනියුක්ත කිරීමට හැකියාව ඇතත් GCEO ටෙලිකොම් අයිති කරුවා මෙයට අනුමෙතිය ලබා නොදීම තුල හා HCS එකේ ඉන්නා නිලධාරීන් ඔවුන් ගැන නොබැලීම ඉතා කණගාටු දායක තත්වයකි.

HCS ආයතනයේ නීති නිලධාරියා ගේ පැටිකිරිය මිට පෙර අප හෙළි කරේ අද දවස ගැන ඉගි පල කරමිනි.මන්ද මෙම සේවකයන් හට කුමක් කරන්නද යන්න පවා මොහු නොදැන සිටීම HCS ආයතනය හා නීති නිලධාරී ,මනවසම්පත් පිළිබද පප්පා කිසිදු හිරිකිතයකින් තොරව ඉවත් කරේ කාගේ අනු දැනුම මතද?

මෙයට විසදුමක් සෙවීම සදහා කම්කරු කොමසාරිස් සමග කල සාකච්චාවේදී ලබන අවුරුද්ද තුල ආයතනය ට විරුද්දව නඩු මගට යෑමට තීරණය කලත් මෙම සේවකයන් හට යුක්තිය ඉටුවෙන තුරු අප විමසිල්ලෙන්.

No comments:

Post a Comment

Comments System

Disqus Shortname