Thursday, December 29, 2016

සේවක උපවාසය තව දුරටත් ක්‍රියාත්මකයි..

සේවක උපවාසය තව දුරත් ක්‍රියාත්මක කිරීමට සේවකයන් තීරණය කර ඇත,මන්ද අනෙක් සියලු පාර්ශව මේසදහා අනුමැතිය ලබා තිබියදී ටෙලිකොම් ප්‍රධාන විධයක නිලදාරී මේ සදහා අනුමැතිය ලබා නොදී සිටින්නේ මුරකරු අනුරගේ තර්ජනය කිරීම හමුවේද? මේ මුර කාරයා බදවා ගැනීමේ පටිපාටිය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලන්නේ ඔහුටද ඔහු කියනා සුදුසු කම් නොමැති නිසා වෙනි.


මේ අතර ස්ථිර සේවකයන්ගෙන් කැමැත්ත විමසීමට ඉදිරිපත් කර තිබු අයදුම් පත් වලින් 95 % පමණ මෙම සේවකයන් බදවා ගැනීමට සිය කැමැත්ත පල කොට ඇති නිසා අප ඔවුනට මුලින්ම හිස නවා ආචාර කල යුතුය.මෙයින්ද පරාජය වූ GCEO ඇතුළු හොර නඩය තවත් කුමන හෝ මගඩියකට සුදානම් ව සිටියදී විෂය භාර ඇමති වරයා හා රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන් දැයි සිතා ගත නොහැකි ය.දැනට දින 4 මහමග ඉන්නා සේවකයන් ගැන ජනාධිපතිවරයා නොදැන සිටීමද සිතා ගත නොහැක.

මෙතෙක් දවසක් HCS වෙතින් ආ තර්ජනය කල SMS දැන් නොඑන්නේ සියලු සේවකයින් එකාවන්ව නොබියව ඉන්නා නිසාය අතර පතර හොරිකඩයන් කිහිප දනෙකු සේවය කරන්නේ ඔවුන් ජාතක වී ඇත්තේ වැරදීමකින් නිසා විය හැකිය.

දැනගන්නට ලැබී ඇත්තේ 1500 පමණ සේවකයන් සේවයට වාර්තා නොකළ බවය .ස්තුති ඔබට සටන ජය ගැනීමට දුන් දායකත්වයට,,






මෙවෙනි උද්යෝගයක් හමුවේ මෙවන් හොරිකඩයන් තම සහෝදර සේවකයන් බිල්ලට දී ඇත. මෙන්න ඔවුන්

kaluthara


 marawilla
chilaw RTOM




තව ඉන්නවනම් කියන්න අපි හෙළි කරනවා ..ලගදීම ....

IT සේවකයන් ඉවත් කිරීමට තීරණය කලේ GCEO ද ?





අප නැවතත් සේවක අයිතීන් සුරැකීමට ඉදිරිපත් වන්නේ මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තුල සේවය කරන ලද සේවකයන් 16 දෙනෙකු සේවාවලින් 31 වැනිදා සිට ඉවත් කිරීමට ගෙන ඇති තීරණය නිසාය.මිට පෙර කරන ලද අරගලයේදී call center සේවකයන් කිහිප දෙනෙකු සේවයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන්ද මුලින්ම රටට හෙළිදරවු කල අප අද IT data oprater  වශයෙන් සේවය කල සේවකයන් 16 කිසිදු හේතුවක් නොමැතිව සේවයෙන් ඉවත් කිරීම ඉතා දැඩි ලෙස හෙලා දකිමු.

මිට වසර 2 වැඩි කාලයක් මොවුන් තමන්ගේ සේවය telecom ආයතනයට ලබා දී තිබියදී කගේ කුමන උවමනාවක් මත මෙසේ සිදු කලේද යන්න ප්‍රශ්නය පැන නැගී.ඔවුනට ලබාදුන් පත්වීමේ ලිපියේ කිසිදු ආකාරයකට මොවුන් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් බවට කිසිදු තැනක සදහන් කර නොමැත.එහෙත් 31 වෙනිදා සිට සේවා කාලය අවසන් බවට ඔවුනට දැනුම් දී ඇත්තේ ලෝක කම්කරු නීති ද වෙනස් කරමින්ය.ආයතනය තුල ඇති office 16 කට මොවුන් අනියුක්ත කිරීමට හැකියාව ඇතත් GCEO ටෙලිකොම් අයිති කරුවා මෙයට අනුමෙතිය ලබා නොදීම තුල හා HCS එකේ ඉන්නා නිලධාරීන් ඔවුන් ගැන නොබැලීම ඉතා කණගාටු දායක තත්වයකි.

HCS ආයතනයේ නීති නිලධාරියා ගේ පැටිකිරිය මිට පෙර අප හෙළි කරේ අද දවස ගැන ඉගි පල කරමිනි.මන්ද මෙම සේවකයන් හට කුමක් කරන්නද යන්න පවා මොහු නොදැන සිටීම HCS ආයතනය හා නීති නිලධාරී ,මනවසම්පත් පිළිබද පප්පා කිසිදු හිරිකිතයකින් තොරව ඉවත් කරේ කාගේ අනු දැනුම මතද?

මෙයට විසදුමක් සෙවීම සදහා කම්කරු කොමසාරිස් සමග කල සාකච්චාවේදී ලබන අවුරුද්ද තුල ආයතනය ට විරුද්දව නඩු මගට යෑමට තීරණය කලත් මෙම සේවකයන් හට යුක්තිය ඉටුවෙන තුරු අප විමසිල්ලෙන්.

Monday, December 26, 2016

SLT HCS සේවකයන් අඛණ්ඩ වර්ජනය දිගටම......

SLT  HCS සේවකයන්  අඛණ්ඩ වර්ජනය දිගටම......



    අද දින උදැසන සේවකයන් ආරම්භ කල විරෝධතාව සාර්ථක වුවේ උදැසනම දැනගන්නට ලැබුණු ආරංචිය නිසාය .ඒ ඉතාමත් ඉක්මනින් සේවකයන් 500 දෙනෙකු ස්ථිර සේවයට බදවා ගන්න දැනටමත් සුදානම් කර ඇති බව නිසාය.එහෙත් ඉතාම නරක ආරංචිය වනුයේ එම 500 දෙනා ගැනීමට පළමු සාකච්ඡාව ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙක් අතර සිදු වූ අතර එහිදී කියවී ඇත්තේ මෙයයි..

උපුටා ගැනීම.

සේවකයන් 2000 ඉන්න HCS එකේ මේ දේට එකතු වෙන්නේ බොහොම ටික දෙනයි .හැමදාම බැලුවොත් එකම මුණු ටිකක් තමයි මෙතන ඉන්නේ.මේකට ඇත්තටම ඉන්නේ OPMC හා ඊට අදාල සේවකයන් විතරයි.මුල් අවස්ථාවේ සිට බැලුකල මේදක්වා ආයතනයේ සුභසිද්දියට කැප වෙලා තියෙන්නේ මේ ටික විතරයි කියලා අපට පෙන්නේ.ඇත්තටම බැලුවොත් ආයතනයේ නමට මේ නිසා බලපෑමක් වෙලා තියෙනවා.එත් ආයතනයට ආදරය කරන්නේ මෙටික විතරයි කියල තමා හැගෙන්නේ.කලින් වූ වුර්තිය අරගල වලදී සේවකයන් ගේ පැමිණීමේ සටහන් ගැන බැලීමේදී හා දැඩි බල පෑමක් සිදු වී ඇත්තේ මේ technical staff නිසා RTOM වගේ office staff එක මේ වැඩේට සම්බන්ද නොවන්නේ මන්දැයි අප දන්නේ නැත.එහෙයින් අප නිර්දේශ කරන්නේ තවදුරටත් මේ ක්‍රියාකර කම් නිසා ආයතනයටද බලපෑමක් ද වන නිසා මෙහි මුල සිට ක්‍රියා කරන technical staff අදාල 500 දෙනා පමණක් ස්ථිර කර අනෙක් අය HCS එක තුල රදවා සේවාව ලබා ගැනීමට නිර්දේශ කරමි.

උපුටා ගැනීම අවසන්.

දැන් තෙරනවද ඔයාලට අපි මිට වඩා එකතු උනානම් හොදයි කියලා .දැන් පරක්කුයි කියන්න බැ.අරගලය කියන්නේ කාගෙවත් කරපිටින් යන්න බලන් ඉන්න එක නෙමෙයි.එක නිසා අපි තාමත් කියන්නේ අරගලයට සහභාගී වෙන්න .ඔයාලගේ ශක්තිය පෙන්නන්න.අමතක කරන්න එපා එතන තියෙන ඔයා අත්සන් කරන්න එක තමයි ඔයාලගේ ජය...අවසන් සටනට අපේ සුභපැතුම්

Friday, December 23, 2016

දිලීප ලොක්කා අයෙත් අසුචි නා ගනී.26 සේවකයන් වර්ජනයේ ...

දිලීප ලොක්කා අයෙත් අසුචි නා ගනී. 26 සේවකයන් වර්ජනයේ 


manpower ප්‍රශ්නය හමුවේ තමාගේ බලු ගතිය නැවතත් පෙන්වීමට දිලීප නමැති අය ක්‍රියා කර ඇත.සේවකයන් 3 දෙනෙකු ස්ථාන මාරු කර ඔහු සිතා සිටින්නේ මේ විදහට සේවකයන් මර්ධනය කිරීමටනම් එය අසාර්ථක උත්සහයක් වනුයේ සේවකයන් ඊට විරුද්දව නැගී සිටින නිසාය. 3 වෙනිදා ආරම්භ කිරීමට තිබු වැඩ වර්ජනය 26 පටන් ගැනීමට තීරණය කිරීමත් සමගය.

සියලුම පාරිබෝගිකයන් දැනුවත් කිරීමට අප කටයුතු කර ඇත.එමගින් ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ හැදුනුම් පත් නැති කිසිවෙකු ගෙවල් තුලට ගැනීමෙන් වැළකීමෙන් සිටින ලෙසත්.ආයතන සදහාද ආයතන ප්‍රධන නිලධාරීන් හට මේ පිළිබද දැනුවත් කිරීමේ email දැනටමත් සකස් කොට ඇති නිසා මෙය ආයතනය පරිහානියට පත් කරන මේ ප්‍රධාන නිලධාරී මෙහි වගකීම බාර ගත යුතුවේ.

දැනටමත් පරිබෝකයන් විශාල ප්‍රමාණයක් දැනුවත් කර ඇති අතර ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් සතුටු දායක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඒ කාලය තුල ආයතනය තුලට ගන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හැදුනුම් පත් අය බවය .

මේ පාර සියලුම ආකාරයෙන් සන්නදව සටන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත,

Comments System

Disqus Shortname