Saturday, February 18, 2017

ඇමති, සබාපති, GCEO, යහපාලනයේ නිරුවත පෙන්නයි....


  ඊයේ දිනයේ රුපවාහිනී හා පුවත්පත් ගණනාවක තිබු ටෙලිකොම් manpower සියලු සේවකයන් ස්ථිර සේවයට බදවා ගන්නා බව කියන ප්‍රකාශය ඇමති විසින් සබාපති හා GCEO ගේ අනු දැනුම මත සිදු කල ප්‍රකාශයක් බවට එලිවී ඇත.මන්ද දවස් 54 පුරා ගෙන යන උපවාසය තවම නතර කිරීමට සේවකයන් තීරණය නොකිරීම එහි සත්‍ය අසත්‍ය තව මැනවින් පිලිබිබු වේ.ඉහිදී ඇමති ප්‍රකාශ කරන්නේ වසරකට 200 බැගින් ස්ථිර සේවයට බදවා ගන්නා බවය එහෙත් ඉතුරු සේවකයන්ට තම කාලය එනතුරු බලා සිටීමට සිදු වේ එය සමහර අයට අවුරුදු 10 දක්වා කාලයක් වේ. එහිදී ඔවුනට සිදුවන දේ පිලිබදව කිසිදු සදහනක් මෙම ප්‍රකාශයේ නොමැති වීම ඉතා බරපතල ගැටලුවකි.රටේ සැම අතින්ම සැමදාම විවිධ පාර්ශව තම අයිතීන් ඉල්ලා පාරට ඒමට සිදුවී ඇත්තේ මෙම පාලකයන්ට ගැටළු විසදීමට තරම් කිසිදු අවශ්‍ය තාවක් නොමැති බව පෙන්වමිනි.හරින් ඇමති ප්‍රසිද්දියේ තමාට වැඩ බැරි බව ප්‍රකාශ කල ඇමති වරයෙකි ,එහෙත් දැන් සිදුවී ඇත්තේ ජනපති ගේ මලයා කියන කියන දේ කරන නිවට අතකොළුවක් බවට පත් වී හමාර වූ ඇමති කෙනෙක් ලෙස නැවතත් කරලියට පැමිණීමය.

යහාපලනය ගැන පුරසාරම් තවමත් ඇසෙන කතා අඩුවක් නොමැති බවක් පෙනෙන්නට තිබේ.මන්ද ජනපති තවමත් ඒ ගැන තමා ගැන මහා ඉහලින් කතා කරන ඔහු රටේ සිදුවන දේ කිසිදු සැලකිල්ලකට භාජනය කර නොමැත.රටේ අගනගරය තුල දවස් 54 තම මල්ලි සබාපති සිටින තැනක සිදුවන ප්‍රශ්නය ගැන තවමත් ඍජු පියවරක් ගැනීමට ඔහු අපෝසත් වීම ඉතා කණගාටු දායකය .මහා ඉහලින් ජාත්‍යන්තරය ජය ගත්තා කීවද රටේ පුරවැසියන්ට සහන නොලැබීම තුලින් අසන්නට ඇත්තේ ජාත්‍යන්තරය කන්නද? කියා ඇසීම පමණකි.
සේවක වෘතිය සමිතිය දී ඇති ගිවිසුම කිසිදු අසාධාරණ ඉල්ලීම් සිදු කර නැත.එය ඉතා සාධාරණ ඉල්ලිම් කිහිපයකි.එය ගැන තවදුරටත් ක්‍රියා කිරීමට ඊයේ දිනයේ සුදානම් කර තිබුනත් සේවකයන් කිහිප දෙනෙක් කල සේවයට වාර්තා කොට කල ද්‍රෝහී ක්‍රියාව හේතු කොට ගෙන සාකච්චා කල් දමා ඇත.මේ සිදුවීම සිදු වී ඇත්තේ කුරුණෑගල හිදීය මන්ද එහි නියෝජ්‍ය සමනය අදිකාරී වරයා සේවකයන්ට තර්ජන කොට කොන්ත්‍රාත් සමාගම් ගෙන්වා පුරසාරම් කියා ඇත,මේ පිලිබදව කම්කරු කාර්යාල දැනුවත් කිරීමටද කටයුතු සිදු කර ඇත,අප එම නියෝජ්‍ය සමනය අදිකාරී වරයාට කියා සිටින්නේ ඔබ තුමාගේ කුණු එලියට ඇද නොගන්නා ලෙසයි චායාරූප හා දර්ශන වැනි කුණු ගොඩවල් අවුස්සා මුළු කුරුණෑගලම ගද නොගස්වන ලෙසයි.

මෙම සේවක ප්‍රශ්නය ගැන ඉදිරි සතියේ අවසානයක් දැකීමට සියලු පාර්ශව බලාපොරොත්තු වන අතර එසේ නොමැති වුවහොත් ඊට විරුද්දව ඉතා විශාල වශයෙන් ක්‍රියා කිරීමට සේවකයන් බලාපොරොත්තු වන බව එහි නිලධාරියෙකු අප සමග අදහස් දක්වමින් පවසා සිටි.අපද කියා සිටින්නේ මේ දැවෙන ප්‍රශනය ජනාදිපති මැදිහත් වී ඉතා ඉක්මනින් විසදා දී ටෙලිකොම් ආයතනය රැක ගන්නා ලෙසටය...


මුන්නේශ්වරම් හා සීනිගම , කතරගම .මහනුවර ,යාපනය දේවල වලදී අවනඩුව ට හා සබාපති GCEO මෙයට විරුද්ද සියලු පාර්ශවයන්ට එරෙහිව සිදුකරන මහා පුජාවල තොරතුරු ලැබූ විගස දැන්වීමට අප සුදානමින් සිටි.

No comments:

Post a Comment

Comments System

Disqus Shortname