Wednesday, February 8, 2017

මහා පුටු රත් වෙයි,, ජනපති ඔබ ඇමතීමට සුදානම්...




manpower සේවකයන් ආරම්හ කරනු ලැබූ අරගලය අද වනවිට ඉහල පුටු රත් කරමින් ශ්‍රී ලංකා දේශයම manpower ක්‍රමය පිළිබද කතා කරන වෙලාවක වෙනදා නොතිබූ මාධ්‍ය දිගින් දිගට ප්‍රචාරය කරද්දී සේවකයන් ඇමතීමට ජනපති සුදානමින් සිටින බව අප වෙත ආරංචි වී ඇත.අදත් උදැසන ලංකාවේ ප්‍රබල වෘතිය සමිති නායකයන් කම්කරු ඇමති සමග ඔබ පිලිබදව සාකච්චා කොට ඇත,මෙසේ ඔබ දවස් 46 අසන්න ප්‍රමාණයක් අරගලයේ  යෙදී සිටින මොහොතේ ඔබේ සහයට පක්ෂ විපක්ෂ මෙන්ම මහජනයාද සහයෝගය ලබා දී ඇත.එම නිසා ඔබ හට ඇමතීමට රටේ ප්‍රධාන පුරවැසියාට සිදුවී ඇති අවස්ථාවේ ඉතා කණගාටු දායක පුවතක් අප වෙත වාර්තා වී ඇත,

අලුතෙන් 150 - 200 අද හා ඊයේ සේවයට වාර්තා කර ඇත.වචන වලින් දවස් 46 ඔබ සමග සිටි අප ඔබේ අරගලය ඔබව අතහැර දැමුවේ නැත, එහෙත් ජය ටැඹ පෙනී පෙනී සටන අතහැර යාමට තරම් ඔබ නිවට වුයේ කෙසේද? මොහොතක් සිතන්න අවු 30 යුද්දය අපේ හමුදාව දින්නා ඇට ලේ මස් නහර පුජා කරමින් අන්තිම මොහොතේ ඔවුන් පසු බැස්සනම් අද අපට නිදහස තියෙනවද ?හිතන්න එක මොහොතක් .අපි දන්නවා නොයෙක් අමාරු කම් තියෙනවා එත් ඔයා එක්ක දවස් ගානක් පාරේ හිටපු කොල්ලොන්ව දාලා ඔබට සේවයට යන්න තරම් පහත් හිත් තියෙනවා කියලා හිතා ගන්න බැ.මුළු රටේම අවධානය යොමුවෙලා රටේ ලොක්කගේ පුටු රත් වෙච්ච වෙලාවේ වැඩේ ඉවර කරගෙන යන්න එතකොට තමයි යුද්දයක් දිනලා හිතේ පොඩි ආඩම්බරයක් එක්ක වැඩට යන්න පුළුවන් වෙන්නේ වීර සොල්දාදුවෝ වගේ.

ඔබ දන්නවද පාලන අධිකාරිය ගෙන ඇති තීරණක් ගැන.දෙසැම්බර් 26 සිට වැඩ කල හා වර්ජනයට සහභාගී වුවන් මෙන්ම මගදී අතහැර ගිය අයට සටන පැරදුනහොත් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන.

1. මින් මතු කිසිදු වෘතිය අරගලයකට සහබාගි නොවන බවට අත්සන් කරගන්නා ලියවිල්ලක් .( එය ඔබ සේවයෙන් ඉවත් කිරීමට තරම් හැකියාවක් ඇත.)
2 .කිසිදු වෘතිය සමිතියකට බැදීමට නොහැක.
3. දැනට ටෙලිකොම් මානව සම්පත් අංශය මගින් ඔබගේ දුක් ගැනවිලි ඇසුවත් මින් ඉදිරියට එය ක්‍රියාත්මක නොකර සිටීම.
4. මෙතෙක් ඔබට ලබා දුන් නිල ඇදුම් හා වෙනත් දේ ලබන වසරේ සිට ලබා නොදීම.
5 .දැනට ලබා දෙන ප්‍රසාද දීමනාව යම් ප්‍රමාණයක් කපා දැමීම
6. 8.5 % පඩි වැඩිවීම 2% දක්වා අඩු කිරීම
7. සියලුම දෙනා වෙනත් තැන් වලට මාරු කිරීම.

හිතන්න ඔබට මෙය පැරදුනහොත් ලැබෙන ප්‍රතිපලය .හැමෝටම කියන්න යාළුවන්ට කතා කරන්න .


මතක තියා ගන්න හෙට රටේ ප්‍රධානියා ඔයාලා ඔක්කොටම කතා කරන්න සුදානමින් ඉන්නේ එකට ඇත්තටම කට්ටිය ඉන්න ඕනි ඔයාලා මේ manpower ක්‍රමයට විරුදයිද කියන්න ඒ නිසා ඔයාලා ඔක්කොම හෙට යන්න .ගිහින් ජය ගන්න.ඔබට ජය.

No comments:

Post a Comment

Comments System

Disqus Shortname