අද දිනයේ උදැසන අප පලකල පුවතේ තිබු දේවල වලට ගොස්
පුජා වතාවත් ඉටුකළ පුවත දැන් අපට ලැබී තිබෙනවා.
අද උදැසන කාලයේ රටේ ප්රධාන හාස්කම් තිබෙන දේවල
හා කෝවිල් වලට ගොස් තමන්ගේ දුක කීමට සේවකයන් තීරණය කොට තිබෙනවා.එහිදී සීනිගම
දේවාලයට ගොස් එහි පලි ගලහි අබ ඇඹරු බව ද මුනේශ්වරම් කාලි කෝවිලේද යම් යාතිකාවක්
සිදුවී ඇති බවද වාර්තා විය.
සීනිගම දේවාලයේ දී සේවකයෙක් සමග දුරකථන මගින්
කරුණු විමසු විට ඔහු කියා සිටියේ දවස් 54 තිස්සේ පාරේ තිබ්බ හා ස්ථිර බාවයට අකුල්
හෙලන පාලකයන් සියලු දෙනාට විරුද්දව ඔවුන් මෙසේ කල බවයි.තවදුරටත් කියා සිටියේ සියලු
සුදුසුකම් සපුරා දැනට අවුරුදු 9 පමණ සේවය කල තමන්ට කිසිදු සාධාරණත්වයක් නොලැබූ
බවත් සියලුම නිලධාරීන් තමන් වහල් සේවකයෙකු ලෙස සලකන බවත් ලබන වැටුපට වඩා සේවාවක්
කරන නිසා එම අසාධාරණය තවදුරටත් ඉවසීමට නොහැකි වූ තැන මේ ක්රියාව අකමැත්තෙන් හෝ
කිරීමට සිදු වූ බව පවසා සිටි.
අප කියන්නේ ,,පාලකයනි මෙසේ ඔබට විරුද්දව සේවකයන්
පලි ගැසීමට පවා ක්රියා කරන්නේ ඔබ තවම සේවකයන් හට සාධාරණය ඉටු නොකිරීම නිසාය.අප
දන්නා පරිදි සීනිගම පලි ගැසුවහොත් එය ඉටුවන බව මුළු මහත් ජනතාවම දන්නා කරුණකි .මෙය
ඔබට පමණක් නොව ඔබේ පවුල දු දරුවන් හටද බලපාන බවද මතක තබා ගන්නා ලෙස නැවත වතාවක්
මතක් කර දීමට අපට සිදුවී ඇත.
No comments:
Post a Comment