Wednesday, February 18, 2015

තම රැකියා අහිමි කලායැයි SLT Manpower සේවකයන් කාලි මෑණියන් ඉදිරියට....


තම රැකියා අහිමි කලායැයි SLT Manpower සේවකයන් කාලි මෑණියන් ඉදිරියට





ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සේවය කල manpower සේවකයන් කිහිප දෙනෙකු ඉතා නින්දිත ලෙස සේවයෙන් නෙරපා ඇත.2014 ඔවුන් සිය වෘත්තිය ඉල්ලීම් කිහිපයක් අරමුණු කොට ගෙන අකණ්ඩ වැඩ වර්ජනයක නිරත වුයේ තමන් තමා මව් ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තමා රැකියාව ස්ථිර කර ලෙස දෙන මෙන්ය.මෙහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමහර නින්දිත හා දුෂිත නිලදාරීන් ;කිහිප දෙනෙකු මෙම සේවකයන් ගෙන් කිහිප දෙනෙකු සාවද්‍ය චෝදනා නගා සේවයෙන් ඉවත් කොට එත ,මෙම සේවකයන්ට තිබු චෝදනා වලට කිසිදු සාදාරණ හේතුවක් දැක්වීමට නොහැකි වූ නිසා නැවත ඔවුන් හට සේවය ලබා දීමට පාලන අදිකාරිය තීරණය කලත් ( manpower) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් ඔවුන් හට මේවනතෙක් සේවය ලබා දි නොමැත.DGM තනතුරු දරන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු සේවකයන්ගෙන් ඉතා අමානුශික ලෙස පලිගන්නා බවටද අප වෙත තොරතුරු ලැබී ඇත.එහෙත් බහුතර නිලධාරීන් මෙම සේවකයන්ට සේවා ස්තිරත්වයට කැමති බව ද දන ගන්නට ලැබී ඇත.

දැනට කිසිදු හේතුවක් නොමැතිව සේවයෙන් ඉවත් කර ඇති මෙම සේවකයන් ලොව ප්‍රකට හලාවත මුන්නේශ්වරම් කාලිඅම්මාන් කෝවිලේ දි මෙම අවනඩුව ඇයට කීමට සැරසෙන බව ඉතා විස්වාස දායක ආරංචි මර්ගයකින් දැන ගන්නට ලැබී ඇත .මේ සදහා ඔබගේ පැමිණීමද ඔවුන් අපේක්ෂා කරන අතර විශේෂයෙන් මේ සදහා පොල් ගෙඩියක් රැගෙන එන ලෙසටද ඔවුන් සියලු සේවක යන්ගෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වේ.

අප මාධ්‍ය කණ්ඩායම මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අවදියෙන් සිටින අතර මෙහි තොරතුරු ලද සැනින් ඔබට ලබා දීමට අප කටයුතු සලසා ඇති නිසා අප සමග රැදී සිටින්න....


No comments:

Post a Comment

Comments System

Disqus Shortname