Manpower ක්‍රමය පිළිබද
මෙම ආණ්ඩුවද කල් මරන බවක් අපිට පෙනීයන්නේ යහපාලනය මෙම සේවකයන්ට හිමිද යන්න පිලිබදව ප්‍රශ්නාර්ථයක්
අපේ හිතේ ඇති කරවමින්ය.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙම manpower සේවකයන් පිලිබදව එක තඹ
දොයිතුවකටත් මායිම් නොකෙරු මත මෙම සේවකයන් යහපාලනය දෙසට නැඹුරු වුයේ ය.manpower
සේවකයන්ට යහපාලනය තේරෙන්නෙද්ද? හෝ යහපාලනයට manpower සේවකයන් පෙනෙන්නේ නැද්ද?
දේශපාලන අධිකාරියේ විවිධ
අය ඔවුනට කුමන කතා කිවත් අප සිතන්නේ ඔවුන්ගේ යහපාලනයට මෙම සේවකයන් නොපෙනෙන
බවයි.දැනට මාස 2 කට ආසන්න වී ඇත.
සේවකයන් සිටින්නේ එතෙනමය .ටෙලිකොම් පාලනයද ඉතා සැක සහිතය . රැ . කෝටි ගණන් වංචා කල
slt හා mobitel CEO ලා තවමත් නිදැල්ලේ
සිටින්නේ මෙම යහපාලනය යහපත් නිසාද.? අපද සිතා සිටියේ යහපාලනයේ මුලිකයාගේ සහෝදරයෙකු
slt සභාපති වූ නිසා ආයතනය තුල පාලනය යහපත් වී හොරු ගෙදර යයි කියාය.නමුත් සිදුව
ඇත්තේ තවමත් හොරු ඒ ආකාරයෙන්ම සිටීමය .
අවු 7 සේවකයන් slt අන්තර් ග්‍රහණය කරගන්නා බවට ප්‍රකාශ
කලත් තවමත් එය ඇත්තේ වැට උඩ බව අපට හැඟෙයි. මන්ද රජය මෙම ක්‍රියාව ගැසට් එකක්
මගින් තවමත් ක්‍රියාත්මක නොකර සිටීමය.අවු 7 අඩු සේවකයන්ට සිදුවන්නේ කුමක්ද ? නිසි පිළිතුරක් තවම නැත.නව සභාපති ප්‍රකාශ
කර සිටියේ මෙම manpower ප්රශ්නය සදහා ඔහුට මාසයක කාලයක් අධ්‍යනය කිරීමට අවශ්‍ය
බවයි, මාසය නම් ගෙවී අවසන් නමුත් සේවකයන් තවම එතනය.manpower එකේ රංජිත් රූපසිංහ
මෙම සේවකයන්ගෙන් ගසා කන රැ 6000 සේවකයන්ට ලබා දෙන්නට නියෝග කර තිබියෙදී පවා එයද
නොසලකා හරින්නේ තවමත් ජනාධිපතිට වඩා බලතල slt එකට ඇති නිසාය.
මෙම මාස 27 අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් ඇති බව වාර්තා වූ අතර එය මෙම ප්රශ්නය විසදීම
සදහා කැඳ වූ බව ආරංචි වේ.විවිද අය මේ දවස්වල විවිද කටකතා පතුරවන අතර අප කියන්නේ
ඒවාට හසු නොවී සත්‍යය පමණක් අවබෝධ කරගන්නා ලෙසය.තවද සමහර DGM කිහිප දෙනෙකු මෙම manpower සේවකයන්ගේ අතිකාල කැපීමට යනබවක් ආරංචි
වූ නමුත් එහි සත්‍යය අසත්‍යය බවය තවම අපට කිව නොහැක.මාර්තු මාසය වනතෙක් බලා සිටීම
හැර වෙන විකල්පයක් ඔවුනට නැත.අප්‍රේල් මාසයේ ආණ්ඩුව විසිරුවහොත් ? තවමත් සේවකයන්
එතැනමය
............................?????????????????????????????????????????????????????????
No comments:
Post a Comment