Tuesday, March 3, 2015

DGM හා ඉංජිනේරු වෘත්තිය සමිතිය සේවකයන්ට පිළිලයක් වෙයි ද ? .......

DGM හා ඉංජිනේරු වෘත්තිය සමිතිය සේවකයන්ට පිළිලයක් වෙයි...



2015.2.27 අධ්‍යක්‍ෂක මණ්ඩල රැස්වීමක් තිබුනත් එහි කරුණු දැනගන්නට පෙර නැවත සුනඛයන් පිරිසක් ගෝරනාඩු කර ඇත.එහි කල එලි මංගල්‍ය ඔවුන් වචන කොට විශය භාර ඇමති වරයාටත් ,ආයතනයේ සබාපති තුමාටත් දන්වා ඇත.ඔවුන් එම ලිපිමගින් ඔවුනට අවශ්‍ය පහත් ආශාවන් ඉටුකර ගැනීමට විශාල උත්සහයක් ගෙන ඇත.අප මෙහිදී සියලුම DGM වරුන්ට හා ඉංජිනේරු වරුන්ට මෙය නොකීවත් කටු කන සුනඛයන් පිරිසක් නිසා අනෙක් අයට අප සමාව අයද සිටි.මන්ද දුක් මහන්සියෙන් ඉගෙන ගත් දුක දන්නා අය බහුල විශාලයඒ බව ඔවුන් සමග කතා කල අපිට දැනුනු දෙයයි.ඔව්නට දුදරුවන් ඇත.සමහර සේවකයන්ට ඔවුන් පියවරු වැනිය .එහෙත් සුනඛයන් සුනඛයන් මය.



මෙහිදී මොවුන් කියා සිටින්නේ සේවකයන් ස්ථිර කළහොත් ආයතනය පාඩු ලබන බවත් රැ 1200 ගන්නා කුලිකරයින්ගෙන් මෙය කරගෙන යාමට හැකි බවත්ය.තවද මෙම සේවකයන්ට ආයතනය තුලට ස්ථිර වීම සදහා කිසිදු සුදුසුකමක් සපුරා නොමැති බව හා පුරප්පාඩු නොමැති බවත් ඔවුන් තවද ඉතා පහත් ලෙස සේවකයන් හදුන්වා දි ඇත.

අපගේ සිංහල කියමනක් වනුයේ “ බල්ලට ඇති වැඩකුත් නැ හිමින් ගමනකුත් නැ.” මෙය අගේට මොවුනට ගැලපේ.මන්ද ආයතනය තුල මේ වනවිට හටගෙන ඇති අර්බුද මේවට හොදම නිදසුන්ය.මන්ද CDMA හා ADSL,PSTN,Cable දැනට හිග වීමයි.මෙය ඔබට සේවා ස්ථානයේදී අත්දකිනවා ඇත.තවමත් PEO TV හරිහැටි ක්‍රියා නොකරයි.මොවුන් මේවට ක්‍රියාමාර්ග ගන්නේ නැත.ඌරන් මෙන් ජරාව පමණක් මොවුන් සොයයි.රැ 1200 ගන්නා කුලිකරයින් නඩත්තු කටයුතු කරන විට පාරිභෝගිකයන් හට වග කියන්නේ කවුද? අප මෙය මගින්ද පාරිභෝගිකයන් ගෙන් ඉල්ලා සිටින්නේ SLT නොවන කිසිදු සේවකයෙකු වත්තට නොගන්නා ලෙසත්, ඔවුන්ගෙන් යම් ක්‍රියාවක් සිදුවුවහොත් SLT එක වග නොකියන බව මෙමගින් පාරිභෝගිකයන් හට දන්නවා සිටිමු.

මොවුන් මෙම සේවකයන් සුදුසුකම් නොමැති බව පවසන්නේ කෙසේද? මෙපමණ කාලයක් නුසුදුසු සේවකයන්ද මෙම SLT සේවයේ නිරත වුයේ.අපි අභියෝග කරමු, ඔබ කියන පරිදි ඔබගේ සුදුකම් තිබෙනා ස්ථිර සේවකයත් .නුසුදුසු manpower සේවකයගේත් දැනුම ගැන.එයට ඔබ සුදානම්ද? manpower සේවකයන් සැමදා එයට සුදානමින්?.....

මෙවැනි සේවා සපයන ආයතනයකට ස්ථිර සේවක සංක්‍යවක් අවශ්‍යය.එහෙත් මොවුන් රජයට පෙන්වා දි ඇත්තේ මෙහි පුරප්පාඩු නොමැති බව පෙන්වා ඇත්තේ slt හා manpower හා කුලිකරයින්ගෙ එකතුව පෙන්වයා.කුලිකරයින් ඉවත් කර මෙහි ඇති පුරප්පාඩු ගත්තත් අලුතින් ගත් manpower සේවකයන් 250 කට පමණ තවම ආයතනය තුල පුරප්පාඩු නොමැත.අනෙක් සියලු දෙනා මෙයට අන්තර්ග්‍රහණය කල හැකි බවද අප ඔවුන්ට මෙමගින් අවධරණය කරමු.....

අප ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මෙම අහිංසක සේවකයන් ගෙන් පළි නොගෙන ආයතනයේ දියුණුව හා යහපැවෙත්ම වෙනුවෙන් විතරක් කටයුතු කරන ලෙස මෙන්ය...............

No comments:

Post a Comment

Comments System

Disqus Shortname