ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධයක නිලධාරි ලෙස දිලීප විජේසුන්දර මහතා පත් වෙයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා වශයෙන් දිලීප විජේසුන්දර මහතා අද වැඩ භාර ගන්නා ලදී.මෙරට ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවාවන්හි සහ අන්තර්ජාල සේවාවන්හි ප්‍රධානතම සැපයුම්කරුවා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අද සිට විජේසුන්දර මහතා නායකත්වය ලබා දෙයි. දිලීප විජේසුන්දර මහතා මෙරට රාජ්‍ය ක්ෂේත්රයේ තනතුරු ගණනාවක්ම හොබවා ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හා ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති වශයෙන්ද කටයුතු කර තිබේ.
ඉංජිනේරු විෂය පිළිබඳ බි.එස්.සී., එම්.එස්.සී. උපාධිධරයකු වන විජේසුන්දර මහතා ජාත්‍යන්තරවද පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්හිද සේවා අත්දැකීම් ලබා ඇත.
මෙහි හිටපු විධායක නිලධරියාවූ ලලිත් ද සිල්වාට එරෙහිව බරපතල මූල්‍ය දූෂණ චෝදනා මෙන්ම. පසුගිය ජනාධිපතිවරණයේදී එම ආයතනයේ මුදල් දේපල හා සේවකයන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගත් බවටද චෝදනා එල්ල වී තිබේ.
එහෙත් තව දුරටත් එම ආයතනයේ උපදේශකයකු ලෙස ලලිත් ද සිල්වා මහතා තබා ගැනිමට එම ආයතන සභාපති කුමාරසිංහ සිරිසේන මහතා උත්සහ ගනිමින් සිටින බවටද වෘත්තීය සමිති චෝදනා කර සිටී.ලංකාවේ ඉහළම මාසික වැටුල ලද සමාගම් නිළධාරියා වූයේ ද ලලිත්ද සිල්වාය ඒ රුපියල් ලක්ෂ එකසිය හතරකි. ඊට අමතරව සුපිරි වාහන 5 ක් හා සුපිරි නිවසක් වෙනුවෙන්ද ටෙලිකොම් ආයතය පිරිවැය දැරුවේය.
No comments:
Post a Comment