SLT manpower සේවකයින්ගේ රැලිය අති
සාර්ථකයි.........
2015.02.08 දින පැවති
රැලිය ඉතා සාර්ථක ලෙස අවසන් වූ බව ඉතා සතුටින් දැනුම් දෙමු.දවස් ගනනක මහන්සියේ ප්‍රතිපලයක්
ලෙස මෙම රැලිය අපට හදුන්වා දියහැක.සියලු වෘත්තීය
සමිති නායකයින්ද සේවකයන්ද මෙම රැලියට ඉතා උද්යෝගයෙන් සහාබාගී වී සිටිනු අපට දැක ගත
හැකි විය.ඉතා දුර බැහැර සිට මෙම රැලියේ සාර්ථක කර ගැනීමට ඔවුන් සහාබාගී වී සිටිනු
දැක ගත හැකි විය.
වැඩි විස්තර හා සේයාරු සදහා click Read More
මෙයට දේශපාලන බල
අදිකාරියේ කිහිප පොලක් සහාබාගී වීමට නියමිත ව සිටියත් අවසානයේ සහාබාගී වුයේ ගරු
රාජිත සේනාරත්න මැතිතුමාගේ පුත් චතුර සේනාරත්න මහාතය .එතුමාගේ සහය රැලියට ලැබීමත්
සමග එය තවත් සාර්ථක වූ බව අපට පෙනී යයි.
තවදුරටත් එතුමා සදහන්
කරේ රටේ දේශපාලන අදිකාරියේ වෙනසත් සමග මෙම ප්‍රශ්නය විසදීමට හැකි බවයි.හිටපු
ජනාධිපති හා ඔහුගේ පුතා විසින් මෙම සේවකයන් ඉතා පහත් තත්වයෙන් සැලකීම ඔහු හෙලා
දැක්කේය.තවද manpower ක්‍රමය මේ රටෙන් අතුගා දැමීමටත් ,අසාධාරණයට ලක් වූ අයට
සාධාරණ ඉටු කිරීමටත් ක්‍රියා කරන බවද පැවසිය.SLT මුදල් වංචා කල අයටද ඔහු රතු
එළියක් දල්වා කියා සිටියේ ඔවුන්වද නීතිය හමුවට ගෙන එන බව හා ඔවුන් වංචා කල මුදල්
නැවත සේවකයන්ට ලබා දෙන මෙන් ජනාධිපති තුමා SLT සභාපති තුමාට නියෝග කර ඇති බවයි.එය
මෙම සේවකයන් ලැබූ ජයක්ග්‍රහනයක් බව එක හෙලා පිළිගත යුතුය. මෙම ජයක්ග්‍රහනය ලබා ගත්තේ
මල් යහනකින් නොව කටු පදුරු තිබු මාවතක ගමන් කොට ලබා ගත් ජයක් බවද මතක් කොට සිටිය
යුතුය. දවස් කිහිපයක් පාරේ ගතකොට මෙම හෝ ජය ලබා ගත්තේ සේවක යන් තුල තිබු දහිරිය
තුලිනි.මෙම සේවකයන් සියලු දෙනාට අපගේ උත්තමාචාරය හිස නමා පිරිනමමි.
අද පැවති රැලියේ කථනයෙන්
සහය වූ අපගේ සහෝදරියටත් ,සියලුම වෘත්තීය සමිති නායකයින්ද සේවකයන්ද, ගරු චතුර
සේනාරත්න මහතාටද අපගේ ස්තුතිය මෙයින් පිරිනමමි.
සියලු සේයාරු .......
කථනයෙන් සහය වූ අපගේ සහෝදරිය
පොල්තෙල් පහන දැල්වූ මොහොත.....
විවිද අයුරින් මෙම අරගලයට සහය දැක්වූ වෘත්තීය සමිති නායකයින් ඇගයිමට ලක් කරමින්.
චතුර සේනාරත්න මහතා රැලියට සහාබාගී වූ මොහොත..
ගුරුසිංහ සහෝදරයා හා උපුල් සහෝදරයා සමුළුව අමතමින්...
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායක උදේනි තන්ත්‍රී මහතා අපගේ සමුළුව සදහා පැමිණි අවස්ථාව






















No comments:
Post a Comment