Sunday, April 5, 2015

SLT Manpower සේවකයන්ගේ උත්සව අත්තිකාරමටත් කෙලී ද ?

SLT Manpower සේවකයන්ගේ උත්සව අත්තිකාරමටත්  කෙලී  ද ?


මෙවර අලුත් අවූරුදු උත්සවය සේවකයන් බහුතරයක් සමරන නිසා වෙනදා මෙන්ම ඔවුහු  මාර්තු 24 දින ලැබුණු sms පණිවිඩයට අනුව උත්සව අත්තිකාරම් අයදුම් පත් පුරවා යවන ලදී.එහෙත් අද 04 04 වන විටත් එම ගෙවීම පිළිබද කිසිදු තීරණයක් අරගෙන නැතෙයි වාර්තා වෙයි.රැ 12500 යක් මාස 10 කින් පඩියෙන් කාපා ගන්නා මෙයටද සමහර සුනකයන් විරුද්ධ බව ඔවුන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කල ඉල්ලීමෙන් සනාථ වේ.ගිය

Read more...
ආණ්ඩුවට කඩේ ගිය එක්තරා DGM කෙනෙකු කියා එත්තේ “ ඕකුන්ට සත පහක්වත් මේ පාර දෙන්න හොඳ නෑ” කියාය.මේ තිරිසනාට දරුවන්ද ඇති අයෙකු වේ .මෙම සේවකයන් බහුතරය මෙම දීමනාව බලාපොරොත්තුවෙන් සිටින්නේ තමා දුදරුවන්ට ඇදුමක් දෙකක් අරගෙන දීමටය .12500 කඩේට ගොස් පවුලේ 4 දෙනෙකුට රෙදි මිලදී ගත නොහැක එය මුළු සමාජයම දන්නා කරුණකි එහෙත් මෙම සේවකයන්ට මෙම 12500 මහා මෙරක් වන්නේ යන්තම් හෝ අලුත් අවුරුද්ද සැමරීමට මෙය ඔවුන්ට අත්‍යවශය වන නිසාය.අප කල සොයා බැලීමේදී දෙනගන්නට ලැබුනේ SLT ස්ථිර සේවකයන්ට මෙම උත්සව අත්තිකරම හා ප්‍රසාද දීමනාව මෙම මස 06 -07 ඔවුනට ගෙවීමට සැලසුම් කර ඇති බවයි .එකම ආයතනයේ සේවය කරන සේවකයන් හට දෙවිදිහකට සලකන්නේ ඇයි ? මෙම ප්‍රශ්න විසදීමට විෂය බාර ඇමති , අගමැති තුමන් . ගරු ජනාධිපති තුමන් මැදිහත් වෙයැයි සේවකයන් මෙන්ම අපද බලාපොරොත්තු වන්නෙමු.එවිට ගරු ජනාධිපති තුමනි ඔබතුමා සිතු පැතු යහපාලනය මෙම සේවකයන්ටද ලැබෙනවා නියතයි එය මුළුමහත් සමාජයේම එකම පැතුමයි..........
ගරු ජනාධිපති තුමනි ,අගමැති තුමනි ,ඇමති තුමනි මෙය ඔබේ අවදානය පිණිසයි............................. 

No comments:

Post a Comment

Comments System

Disqus Shortname