Saturday, December 19, 2015

Telecom Manpower සේවකයන් ළගදීම ස්ථිර සේවයට..........

Telecom Manpower සේවකයන් ළගදීම ස්ථිර සේවයට..........


Telecom manpower සේවකයන්ට අයදුම් පතක් පුරවා එවන ලෙස telecom අධිකාරිය දැනුවත් කර ඇත. ඒ සම්බන්දයෙන් දුරකථන ඇමතුම් අවු 07 වැඩි සියලු සේවකයන්ට දීමට තරම් කාරුණික වීමට බල අධිකාරිය පියවර ගෙන ඇත්තේ මෙතෙක් කලක් ඉතා දුෂ්කර ගමනක නිරත වූ සහෝදර ඔබ සැමගේ කැප වීම නිසාය .2008 සිට මේ වන තෙක් අරගල වල නිරත වෙමින් ,පාරවල් වල නිදි වරමින් කල කැප වීම ජයක් ග්‍රහණය බවට පත් වී ඇති හෙයින් මේ සදහා කැප වූ  සියලු දෙනාට සුභ පැතීම සදහා මෙය අවස්ථාවක් කර ගනිමි.

read more


එහෙත් කිවයුතු දේ ඇත, අයදුම් පත පුරවා යැවූ පමණින් කුමන පදනමක් මත මේ බදවා ගැනීම කරනවද යන්න තවමත් පැහැදිලි නැත. ඊයේ දිනයේදී විෂය බාර ඇමති තුමා අය වැය කතාවේදී පවසන්නේ අවු 07 වැඩි සියලු දෙනා ස්ථිර කිරීමටත් අනෙක් අයගෙන් අයදුම් පත් කැඳ වීමටත් ය .එහෙත් සේවකයන්ට ලැබී ඇති අයදුම් පතෙහි ඇත්තේ අවු 07 වැඩි කියා නිසා කතාව හා අයදුම් පත අතර පර්ස් පර තවක් ඇත.එහෙත් මෙය ලැබූ ඉතා විශාල ජයක් ග්‍රහනයක් නොව විජයක්ග්‍රහනයකි එයට අපගේ උණුසුම් සුබ පැතුම්..

තවද 2008 සිට සේවකයන් කැපවීමෙන් කරන ලද මෙම ක්‍රියා මාර්ග වලට කිසිසේත් සහභාගී නොවූ ගස්තරයන් පිරිසක්ද මේ හරහා මේ අවස්ථාව උදා කර ගැනීමට දත කට නියවා බලා සිටින බව සැමදෙන දන්නා කරුණකි.එහෙයින් අප පවසන්නේ මොන දේ කලත් මේසා දෙයක් ලබා ගැනීමට උරදුන් සියලු දෙනා අනිවාර්යෙන් ස්ථිර කලයුතු බවයි.හොදින් මතක තියා ගත යුත්තේ මෙයයි මේ සදහා කිසිම දෙකට සහභාගී නොවූ RTOM  කාර්යාලවල ( සමහර) සේවකයන් නම් ගම් අප සතුව ඇතත් එය අප ප්‍රදර්ශන නොකරන්නේ අනෙක් යට අසාධාරණයක් වනු ඇතැයි අප සිතන නිසාය .

කිව යුත්තේ මෙපමණය මේසදහා කැපවූ සේවකයන්ගේ ලේ දහඩිය මතින් ඔබ ගමන් ගන්නට සිතන කෙනෙක් නම් තව පාරක් සිතන්න මන්ද එය ඔබට මෙන්ම ඔබගේ යැපෙන්නන් ටත් හෙන ගහන බැවිනි.
ස්තුති ස්තුති ස්තුති  .... හද පිරි ප්‍රණාමය ...

තව දුරටත්
New World Tech  ඔබ වෙනුවෙන් ...

No comments:

Post a Comment

Comments System

Disqus Shortname