Tuesday, March 21, 2017

මෙන්න හොරකම්,, පළාත් ප්‍රධානියෝ ටෙලිකොම් උලා කයි.






ආයතනය තුල වැඩවර්ජනය හේතු කොට ගෙන ඉතා දැඩි අපහසු තත්වයකට පත් වී ඇත.එම නිසා කොන්ත්‍රාත් සමාගම් හරහා ඉතා විශාල ලෙස මුදල් ගෙවා කිසිදු වගකීමකින් තොර සේවාවක් ලබා දී ඇති ටෙලිකොම් පාලන අධිකාරියට හා පළාත් ලොක්කන්ට මෙය ඉල්ලමක් පැදුන සේය.මන්ද තම පාරිභෝගිකයන්ට සේවාව ලබා දීමට මේ වනවිටත් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැන ඇත.එයින් එක කණ්ඩායමකට වැය කරන මුදල රු 9000 .එක් බාහිර නඩත්තු අංශයක එවෙනි කණ්ඩායම් 10 සිට 20 දක්වා සේවය කරයි.එවිට ආයතනයට වැයවන මුදල ????

එමගින් පළාත් ප්‍රධානීන්ට ලැබෙන කොමිස් මුදල ???? රු 6000 පමණ .

luminex හා මුදලිගේ වැනි ආයතන කාගේද?  විශ්‍රාම ගිය ලොක්කන්ගේ නොවේද??

පානදුර ප්‍රදේශය භාර පළාත් සමනය අධිකාරී වරයා manpower කාලකන්නි අයේ වැඩට ගන්න එපා කිවේ ලැබෙන කොමිස් මුදල ඔහුට නොලැබෙන නිසාද?? 

ගරු ජනාධිපති තුමනි ,අගමැති තුමනි හා වගකිවයුතු පාර්ශව කරුවනි මේ ඔබේ අවධානය පිණිසයි..



එක් කොන්ත්‍රාත් කණ්ඩායමකට  = 9000
සාමාජිකයන් දෙදෙනාට              = 2000
ත්‍රිවිලරයට  හා ඉන්දන                =  800

ඉතිරි මුදල කොන්ත්‍රාත් ආයතනයට= 2000                 

9000 -2000-800-2000= 4200 

4200 පළාත් ලොක්කෝ ගසා කයි ,සේවකයන් නැවත සේවයට වාර්තා කළහොත් ලැබෙන කොමිස් මුදල නැති වී යන නිසා සේවකයන් හට කරන තර්ජන ඉතා පිළිකුලෙන් යුතුව හෙළ දකිමු.
           

W.D.J සමග හරින් ටෙලිකොම් එකට විරුද්දව කඩුව මුවහත් කරයි....



   දින 85 පුරා උපවාසයේ යෙදී සිටින සේවකයන් හා මාරාන්තික උපවාසයේ යෙදී සිටින සේවකයන් දෙදෙනා තවමත් ලෝටස් පාරේ අරගලයේ යෙදී සිටි.එහෙත් ටෙලිකොම් ප්‍රධානීන්ට හා රටේ ප්‍රධානීන්ට මේ ගැටලුව තවමත් විසදීමට කිසිදු උත්සහයක් නොගන්නා අතර කම්කරු ඇමති කම්කරු නිතිය අනුව මේ ගැටලුව විසදීමට තීරණය කරන ලද්දේ ටෙලිකොම් සභාපති දේශද්‍රෝහියෙකු ලෙස හා මෝඩයෙකු ලෙස රටට හුවා දක්වමිනි.මන්ද සභාපති ගේ උගත් කම නමට කලින් ඇති අකුරුවලින් පෙන්නුම් කරත් ඒවාද සල්ලි දී ලබා ගත් පට්ටම් බව මේ වනවිට හෙළිදරවු වී ඇත.ඒ නිසා දෝ ඔහු හා අයියා නිසා සිදුවන ආර්ථික බලපෑම තේරුම් ගැනීමට තරම් මොලයක් නොමැති වීම රටේ මෙන්ම ආයතනයේ  අවාසනාවකි.


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොටස් වෙළද පොළ තුල ක්‍රියාත්මක වන ආයතනයකට නඩු හෝ නීතිමය ගැටළු තිබිය නොහැක.එහෙත් ප්‍රශ්න මග හැර ජනපති අයියා සමග කටත් හොරා කරන විවිධ සාකච්චා නිසා කම්කරු ඇමති කම්කරු නිතිය ක්‍රියාමක කරන්නේ ඔහුටද කර කියා ගන්නට නොහැකි නිසාය.එහෙත් රට ගැන සිතීමට තරම් මොලයක් තිබුන හෙයින් සති කිහිපයක් ටෙලිකොම් පාලන අධිකාරියට කාලය ලබා දී තිබුනත් ඔවුන් ප්‍රශ්න මග හරිම නිසා බේරුම් කරණය වෙත යොමු වී ඇත.එය අද හෝ හෙට දිනයේ ක්‍රියාත්මක කොට ගැටලුව විසදීමට නියමිත ව ඇත.

මේ අතර හරින් ඇමති මේ සතියේ ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇමති වූ තමාට වඩා ටෙලිකොම් සභාපතිට හා විධායක නිලධාරියට ඇති බැවින් ඉතා ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වී ඇති බවය.එහෙත් අමාත්‍යංශ ආරංචි මාර්ග අනුව සේවකයන් 1000 ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකසා ඇති අතර එය ඇත්තේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීම පමණකි .එහිදී සිකුරාදා වනවිට මේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වීමට නියමිත වුවත් තම මලයාගේ ආයතනයේ ප්‍රශ්න වලට මැදිහත් වීමක් ජනපති සිදු කළහොත් එය ගගට කැපු ඉනි මෙන් කිසිදු වැඩක් නොවන්නේය.එහෙත් හරින් ගේ ක්‍රියාවලිය කල් ගත වී හෝ ඔහුට අවබෝධ වීම ගැන අපට ඇත්තේ සියුම් සතුටකි.එහෙත් ජනපති සොහොයුරාට එරෙහිව මැදිහත් නොවී ඉතා බියගුළු ලෙස පසුබෑම ගැන රටේ ජනතාවට ඇත්තේ ඔහු ගැන ඇත්තේ ඉතා අප්‍රසන්න චින්තනයකි.

රටේ ජනපති හා අගමැති ගැන මුළු මහත් ජනතාවට ඇත්තේ අප්‍රසන්න හැගීමකි.මන්ද එන්රික් ගේ තන පට හුටපටය පෙනුන ඔහුට විල්පත්තුව .මාලබේ ,manpower ගැන කතා නොකිරීම ඔහු ගැන හා මේ ආණ්ඩුව ගැන සිතීමට කාලය එලබ ඇත,.

කෙසේ හෝ දින 86 කල වාර්තා ගත උසාවි නියෝග වලින් අවරණය වූ විවිධ බලපෑම් හමුවේ කල අරගලය නිමාවට පත්ව කොන්ද කෙලින් තබාගෙන නැවත සේවයට යා හැකි වේවා යැයි අපගේ ප්‍රාර්ථනයයි..

Comments System

Disqus Shortname