Thursday, December 29, 2016

සේවක උපවාසය තව දුරටත් ක්‍රියාත්මකයි..

සේවක උපවාසය තව දුරත් ක්‍රියාත්මක කිරීමට සේවකයන් තීරණය කර ඇත,මන්ද අනෙක් සියලු පාර්ශව මේසදහා අනුමැතිය ලබා තිබියදී ටෙලිකොම් ප්‍රධාන විධයක නිලදාරී මේ සදහා අනුමැතිය ලබා නොදී සිටින්නේ මුරකරු අනුරගේ තර්ජනය කිරීම හමුවේද? මේ මුර කාරයා බදවා ගැනීමේ පටිපාටිය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලන්නේ ඔහුටද ඔහු කියනා සුදුසු කම් නොමැති නිසා වෙනි.


මේ අතර ස්ථිර සේවකයන්ගෙන් කැමැත්ත විමසීමට ඉදිරිපත් කර තිබු අයදුම් පත් වලින් 95 % පමණ මෙම සේවකයන් බදවා ගැනීමට සිය කැමැත්ත පල කොට ඇති නිසා අප ඔවුනට මුලින්ම හිස නවා ආචාර කල යුතුය.මෙයින්ද පරාජය වූ GCEO ඇතුළු හොර නඩය තවත් කුමන හෝ මගඩියකට සුදානම් ව සිටියදී විෂය භාර ඇමති වරයා හා රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන් දැයි සිතා ගත නොහැකි ය.දැනට දින 4 මහමග ඉන්නා සේවකයන් ගැන ජනාධිපතිවරයා නොදැන සිටීමද සිතා ගත නොහැක.

මෙතෙක් දවසක් HCS වෙතින් ආ තර්ජනය කල SMS දැන් නොඑන්නේ සියලු සේවකයින් එකාවන්ව නොබියව ඉන්නා නිසාය අතර පතර හොරිකඩයන් කිහිප දනෙකු සේවය කරන්නේ ඔවුන් ජාතක වී ඇත්තේ වැරදීමකින් නිසා විය හැකිය.

දැනගන්නට ලැබී ඇත්තේ 1500 පමණ සේවකයන් සේවයට වාර්තා නොකළ බවය .ස්තුති ඔබට සටන ජය ගැනීමට දුන් දායකත්වයට,,






මෙවෙනි උද්යෝගයක් හමුවේ මෙවන් හොරිකඩයන් තම සහෝදර සේවකයන් බිල්ලට දී ඇත. මෙන්න ඔවුන්

kaluthara


 marawilla
chilaw RTOM




තව ඉන්නවනම් කියන්න අපි හෙළි කරනවා ..ලගදීම ....

IT සේවකයන් ඉවත් කිරීමට තීරණය කලේ GCEO ද ?





අප නැවතත් සේවක අයිතීන් සුරැකීමට ඉදිරිපත් වන්නේ මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තුල සේවය කරන ලද සේවකයන් 16 දෙනෙකු සේවාවලින් 31 වැනිදා සිට ඉවත් කිරීමට ගෙන ඇති තීරණය නිසාය.මිට පෙර කරන ලද අරගලයේදී call center සේවකයන් කිහිප දෙනෙකු සේවයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන්ද මුලින්ම රටට හෙළිදරවු කල අප අද IT data oprater  වශයෙන් සේවය කල සේවකයන් 16 කිසිදු හේතුවක් නොමැතිව සේවයෙන් ඉවත් කිරීම ඉතා දැඩි ලෙස හෙලා දකිමු.

මිට වසර 2 වැඩි කාලයක් මොවුන් තමන්ගේ සේවය telecom ආයතනයට ලබා දී තිබියදී කගේ කුමන උවමනාවක් මත මෙසේ සිදු කලේද යන්න ප්‍රශ්නය පැන නැගී.ඔවුනට ලබාදුන් පත්වීමේ ලිපියේ කිසිදු ආකාරයකට මොවුන් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් බවට කිසිදු තැනක සදහන් කර නොමැත.එහෙත් 31 වෙනිදා සිට සේවා කාලය අවසන් බවට ඔවුනට දැනුම් දී ඇත්තේ ලෝක කම්කරු නීති ද වෙනස් කරමින්ය.ආයතනය තුල ඇති office 16 කට මොවුන් අනියුක්ත කිරීමට හැකියාව ඇතත් GCEO ටෙලිකොම් අයිති කරුවා මෙයට අනුමෙතිය ලබා නොදීම තුල හා HCS එකේ ඉන්නා නිලධාරීන් ඔවුන් ගැන නොබැලීම ඉතා කණගාටු දායක තත්වයකි.

HCS ආයතනයේ නීති නිලධාරියා ගේ පැටිකිරිය මිට පෙර අප හෙළි කරේ අද දවස ගැන ඉගි පල කරමිනි.මන්ද මෙම සේවකයන් හට කුමක් කරන්නද යන්න පවා මොහු නොදැන සිටීම HCS ආයතනය හා නීති නිලධාරී ,මනවසම්පත් පිළිබද පප්පා කිසිදු හිරිකිතයකින් තොරව ඉවත් කරේ කාගේ අනු දැනුම මතද?

මෙයට විසදුමක් සෙවීම සදහා කම්කරු කොමසාරිස් සමග කල සාකච්චාවේදී ලබන අවුරුද්ද තුල ආයතනය ට විරුද්දව නඩු මගට යෑමට තීරණය කලත් මෙම සේවකයන් හට යුක්තිය ඉටුවෙන තුරු අප විමසිල්ලෙන්.

Monday, December 26, 2016

SLT HCS සේවකයන් අඛණ්ඩ වර්ජනය දිගටම......

SLT  HCS සේවකයන්  අඛණ්ඩ වර්ජනය දිගටම......



    අද දින උදැසන සේවකයන් ආරම්භ කල විරෝධතාව සාර්ථක වුවේ උදැසනම දැනගන්නට ලැබුණු ආරංචිය නිසාය .ඒ ඉතාමත් ඉක්මනින් සේවකයන් 500 දෙනෙකු ස්ථිර සේවයට බදවා ගන්න දැනටමත් සුදානම් කර ඇති බව නිසාය.එහෙත් ඉතාම නරක ආරංචිය වනුයේ එම 500 දෙනා ගැනීමට පළමු සාකච්ඡාව ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙක් අතර සිදු වූ අතර එහිදී කියවී ඇත්තේ මෙයයි..

උපුටා ගැනීම.

සේවකයන් 2000 ඉන්න HCS එකේ මේ දේට එකතු වෙන්නේ බොහොම ටික දෙනයි .හැමදාම බැලුවොත් එකම මුණු ටිකක් තමයි මෙතන ඉන්නේ.මේකට ඇත්තටම ඉන්නේ OPMC හා ඊට අදාල සේවකයන් විතරයි.මුල් අවස්ථාවේ සිට බැලුකල මේදක්වා ආයතනයේ සුභසිද්දියට කැප වෙලා තියෙන්නේ මේ ටික විතරයි කියලා අපට පෙන්නේ.ඇත්තටම බැලුවොත් ආයතනයේ නමට මේ නිසා බලපෑමක් වෙලා තියෙනවා.එත් ආයතනයට ආදරය කරන්නේ මෙටික විතරයි කියල තමා හැගෙන්නේ.කලින් වූ වුර්තිය අරගල වලදී සේවකයන් ගේ පැමිණීමේ සටහන් ගැන බැලීමේදී හා දැඩි බල පෑමක් සිදු වී ඇත්තේ මේ technical staff නිසා RTOM වගේ office staff එක මේ වැඩේට සම්බන්ද නොවන්නේ මන්දැයි අප දන්නේ නැත.එහෙයින් අප නිර්දේශ කරන්නේ තවදුරටත් මේ ක්‍රියාකර කම් නිසා ආයතනයටද බලපෑමක් ද වන නිසා මෙහි මුල සිට ක්‍රියා කරන technical staff අදාල 500 දෙනා පමණක් ස්ථිර කර අනෙක් අය HCS එක තුල රදවා සේවාව ලබා ගැනීමට නිර්දේශ කරමි.

උපුටා ගැනීම අවසන්.

දැන් තෙරනවද ඔයාලට අපි මිට වඩා එකතු උනානම් හොදයි කියලා .දැන් පරක්කුයි කියන්න බැ.අරගලය කියන්නේ කාගෙවත් කරපිටින් යන්න බලන් ඉන්න එක නෙමෙයි.එක නිසා අපි තාමත් කියන්නේ අරගලයට සහභාගී වෙන්න .ඔයාලගේ ශක්තිය පෙන්නන්න.අමතක කරන්න එපා එතන තියෙන ඔයා අත්සන් කරන්න එක තමයි ඔයාලගේ ජය...අවසන් සටනට අපේ සුභපැතුම්

Friday, December 23, 2016

දිලීප ලොක්කා අයෙත් අසුචි නා ගනී.26 සේවකයන් වර්ජනයේ ...

දිලීප ලොක්කා අයෙත් අසුචි නා ගනී. 26 සේවකයන් වර්ජනයේ 


manpower ප්‍රශ්නය හමුවේ තමාගේ බලු ගතිය නැවතත් පෙන්වීමට දිලීප නමැති අය ක්‍රියා කර ඇත.සේවකයන් 3 දෙනෙකු ස්ථාන මාරු කර ඔහු සිතා සිටින්නේ මේ විදහට සේවකයන් මර්ධනය කිරීමටනම් එය අසාර්ථක උත්සහයක් වනුයේ සේවකයන් ඊට විරුද්දව නැගී සිටින නිසාය. 3 වෙනිදා ආරම්භ කිරීමට තිබු වැඩ වර්ජනය 26 පටන් ගැනීමට තීරණය කිරීමත් සමගය.

සියලුම පාරිබෝගිකයන් දැනුවත් කිරීමට අප කටයුතු කර ඇත.එමගින් ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ හැදුනුම් පත් නැති කිසිවෙකු ගෙවල් තුලට ගැනීමෙන් වැළකීමෙන් සිටින ලෙසත්.ආයතන සදහාද ආයතන ප්‍රධන නිලධාරීන් හට මේ පිළිබද දැනුවත් කිරීමේ email දැනටමත් සකස් කොට ඇති නිසා මෙය ආයතනය පරිහානියට පත් කරන මේ ප්‍රධාන නිලධාරී මෙහි වගකීම බාර ගත යුතුවේ.

දැනටමත් පරිබෝකයන් විශාල ප්‍රමාණයක් දැනුවත් කර ඇති අතර ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් සතුටු දායක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඒ කාලය තුල ආයතනය තුලට ගන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හැදුනුම් පත් අය බවය .

මේ පාර සියලුම ආකාරයෙන් සන්නදව සටන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත,

Tuesday, October 18, 2016

ජනාධිපතිතුමන්ට SLT manpower සම්බන්ධව ඉදිරිපත් කල ප්‍රශ්න ......





මෙම ප්‍රශ්න අප විසින් ජනාධිපති තුමාගේ නිල web අඩවියක් වන tell.president.gov.lk web අඩවියේ ජනාධිපති තුමාට කියන්න . අප තොරතුර නිසිපරිදි පුරවා උපදෙස් පිලිපැද්දද එතනින් එහාට එම වෙබ් අඩවිය ක්‍රියා නොකිරීම නිසා මෙය ප්‍රසිද්ධ කරන ලදී.එහෙත් අප උත්සාහය අතහැර නැත.

    "The page cannot be displayed because an internal server error has occurred."


අති ගරු ජනාධිපති තුමනි , SLT MANPOWER සේවකයන් තිදෙනෙකු තවමත් දුරකතන කුළුනක නැග කරනා සාධාරණ අරගලය කෙසේවුවත් ,රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ඔබ තුමහට වගකීමක් ඇත.මන්ද මේවන තෙක් කිසිදු වගකිවයුතු නිලධාරියෙකු මේ සම්බන්දව ක්‍රියා කලේ නැත.මාධ්‍ය මගින් දිගින් දිගට ප්‍රචාරය කලත් කිසිදු පියවරක් ගැනීමට තරම් ඔවුනට අවශ්‍ය නොවුණු හේතුව වන්නේ SLT GCEO ගේ නොමනා ක්‍රියාකාරකම් හමුවේය.ඔබතුමා හා අගමැති තුමා .කම්කරු ඇමති තුමා පවා නිර්දේශ කල තිබියෙදී පවා මෙය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද?
ඒ අනුර පෙරේරා නමැති මුර කරුගේ කීමට මේ GCEO කටයුතු කරන බැවිනි.අනුර පෙරේරා යනු මුර කරුවෙකි .8 පාස් නැති ඔහුට තම පැවැත්ම සදහා විවිද දේ කරනු ලබයි.මහින්ද මහතාගේ කාලයේදී මොහු විසින් හිටපු GCEO හා එක්ව චන්ද වැඩ කටයුතු වෙනුවෙන් SLT මුදල් විශාල ලෙස වියදම් කොට මාධ්‍ය සංදර්ශන පවත්වා ආයතනයේ මුදල් අව බාවිතා කල අදමයෙකි.

දවස් 7 පාරේ නිදා ගනිමින් යහපාලන රජය ගෙනඒමට කටයුතු කල මෙම සේවකයිට රජය මගින් ක්‍රියාත්මක කල විසදුමට පවා අනුර හා GCEO අකුල් හෙලන්නේ කාගේ බලපෑම උඩද?

මේ සදහා ඔබතුමා හට ඍජුව මැදිහත් විය නොහැකි මන්ද?

121 දෙනා ස්ථිර කරේ අඩු පඩියට බව ඔබ දන්නේ නැද්ද?

විවධ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට තරම් බලයක් SLT නිලධාරීන්ට ඇත්ද?

ඔබතුමාගේ සහෝදරයා වන SLT සභාපති තුමා ඔබතුමා දැනුවත් කරන්නේ නැද්ද?

මෙම manpower සේවකයන් ස්ථිර කර ,ආයතනයේ කෙරෙන වංචාව දුෂණය මැඩපවත්වා රජයට විශාල අදායමක් ලබා දිය හැකි SLT එක ගැන ඔබ තුමාගේ අවධානය යොමු කරන්නේ කවදද?

සේවකයන් 3 ක් කුලුන උඩ..ගරු ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.



      අති ගරු ජනාධිපති තුමනි , SLT MANPOWER සේවකයන් තිදෙනෙකු තවමත් දුරකතන කුළුනක නැග කරනා සාධාරණ අරගලය කෙසේවුවත් ,රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ඔබ තුමහට වගකීමක් ඇත.මන්ද මේවන තෙක් කිසිදු වගකිවයුතු නිලධාරියෙකු මේ සම්බන්දව ක්‍රියා කලේ නැත.මාධ්‍ය මගින් දිගින් දිගට ප්‍රචාරය කලත් කිසිදු පියවරක් ගැනීමට තරම් ඔවුනට අවශ්‍ය නොවුණු හේතුව වන්නේ SLT GCEO ගේ නොමනා ක්‍රියාකාරකම් හමුවේය.ඔබතුමා හා අගමැති තුමා .කම්කරු ඇමති තුමා පවා නිර්දේශ කල තිබියෙදී පවා මෙය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද?
ඒ අනුර පෙරේරා නමැති මුර කරුගේ කීමට මේ GCEO කටයුතු කරන බැවිනි.අනුර පෙරේරා යනු මුර කරුවෙකි .8 පාස් නැති ඔහුට තම පැවැත්ම සදහා විවිද දේ කරනු ලබයි.මහින්ද මහතාගේ කාලයේදී මොහු විසින් හිටපු GCEO හා එක්ව චන්ද වැඩ කටයුතු වෙනුවෙන් SLT මුදල් විශාල ලෙස වියදම් කොට මාධ්‍ය සංදර්ශන පවත්වා ආයතනයේ මුදල් අව බාවිතා කල අදමයෙකි.

දවස් 7 පාරේ නිදා ගනිමින් යහපාලන රජය ගෙනඒමට කටයුතු කල මෙම සේවකයිට රජය මගින් ක්‍රියාත්මක කල විසදුමට පවා අනුර හා GCEO අකුල් හෙලන්නේ කාගේ බලපෑම උඩද?




මෙන්න සාක්‍ෂි....

ආණ්ඩුවට එරෙහිව සේවකයන් උසි ගැන්වීමට මොහු උත්සහා ගත්තද ඔහු පැවෙත්වූ කතාව අසා සිටියේ 25 කට අඩු සේවකයන් පිරිසකි.





 නාධිපති තුමනි තවමත් සේවකයන් 3 නා කුලුන උඩ උවත් තවත් පිරිසක් ඔවුන් වටා හිදිමින් කරන්නේ රටේ බලයවත් ආණ්ඩු බලයවත් ලබා ගැනීම සදහා නොව තම අයිතිවාසිකම් දිනා ගැනීම සදහා පමණි.
රජයට SLT පාඩු ලබන බව පෙන්වමින් මේ කරනා මහා මුලය අපරාදය කෝප් වාර්තාවෙන් ඔබට බලා ගත හැකි අතර.මේ සේවකයන් පිට වරද පටවා මොඋන් කරන්නේ කුමක්ද?
ජනාධිපතිතුමනි මේ ඔබේ අවදානය පිණිසයි.....




Monday, May 30, 2016

SLT manpower සේවකයින් ජිනීවා මානව හිමිකම් ආයතනයට පැමිණිල්ලක්…..


Srilanka telecom manpower සේවකයින් ජිනීවා මානව හිමිකම් ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සැරසෙයි .ඒ පිලිබදව අප කල සොයා බැලීමකදී අපට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව එවන් පැමිණිල්ලකින් පසුව ශ්‍රී ලංකා රජයට විශාල අපකීර්තියක් හා GSP + සහනයද නොලැබී යන්නට තිබෙන අවස්ථාවක් බවයි.එමගින් මුළු මහත් ජනතාවටම මෙම ගින් අර්බුද රැසකට මුහුණ දිය යුතුව ඇත.මේ ක්‍රියාවට වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් පාලන අදිකාරිය ගත යුතුව ඇත.තොරතුරු හා ලිපිය ඉදිරියේදී ........

Thursday, April 28, 2016

SLT Manpower සේවකයන්ව රවට්ටන හැටි...........

SLT manpower සේවකයන් 25 වන දින සිට අකණ්ඩ උපවාසයකට සැරසී තිබියදී ,SLT ප්‍රධාන විධායක නිලධාරී විසින් 30 වෙනිදට අවසන් සාකච්චාව සදහා දින දීම තුල බැහැර කල නොහැකි කුතුහලයක් ගොඩ නැගී ඇත්තේ මෙන්න මේ නිසාය .25 දින සිට සේවකයන් උපවාසය කළහොත් මැයි 1 දාට ආණ්ඩුවේ හෙළුව රටටම හෙළිවන නිසාය.එය වලක්වාලීම සදහා අගමැති තුමා විසින් විෂය භාර අමාත්‍ය වරුන් හා ලේකම් වරුන් කැදවා එදිනට කිසිදු විරෝධතාවක් නොපවෙත්විමට කටයුතු කරන මෙන් උපදෙස් දී ඇත. රටේ සමහර SLT ආයතන වලට ගොස් CID නිලධාරීන් සේවකයන්ගෙන් පරශ්න කර ඇත. SLT නිලදාරීන් සේවක ස්ථිර කිරීමට කිසිදු උත්සහයක් නොමැති වෙලාවක මෙවන් තීරණයක් තුලින් ඔව්න්ට අනුව 30 වෙනදා සවස සාකච්චාවක් ලබා දීම තුලින් මෙම මෙම ප්‍රශ්නය ට විසදුම් දීම කල් දැමීමට තරම් මොවුන් සුක්ෂම වී ඇත.මන්ද 30 රැ වෙනකම් ප්‍රශ්නය දිග්ගස්සුවහොත් 1 වැනිදාට සේවකයන් එලියට එන්නේද නැත.ඔව්න් තිරණය කර ඇත්තේ 2 දා සිට අරගලය කිරීමටයි.එහිදී පරාජය වී ඇත්තේ සේවකයන් හා ජනතාව මිස අගමැති ප්‍රමුක ආණ්ඩුව නොවන බව අප එක හෙළ ප්‍රකාශ කර සිටිමු.SLT manpower සේවකයිනි මේ පිළිබධව දැනුවත් වන්න.

Comments System

Disqus Shortname