Tuesday, March 21, 2017

මෙන්න හොරකම්,, පළාත් ප්‍රධානියෝ ටෙලිකොම් උලා කයි.






ආයතනය තුල වැඩවර්ජනය හේතු කොට ගෙන ඉතා දැඩි අපහසු තත්වයකට පත් වී ඇත.එම නිසා කොන්ත්‍රාත් සමාගම් හරහා ඉතා විශාල ලෙස මුදල් ගෙවා කිසිදු වගකීමකින් තොර සේවාවක් ලබා දී ඇති ටෙලිකොම් පාලන අධිකාරියට හා පළාත් ලොක්කන්ට මෙය ඉල්ලමක් පැදුන සේය.මන්ද තම පාරිභෝගිකයන්ට සේවාව ලබා දීමට මේ වනවිටත් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැන ඇත.එයින් එක කණ්ඩායමකට වැය කරන මුදල රු 9000 .එක් බාහිර නඩත්තු අංශයක එවෙනි කණ්ඩායම් 10 සිට 20 දක්වා සේවය කරයි.එවිට ආයතනයට වැයවන මුදල ????

එමගින් පළාත් ප්‍රධානීන්ට ලැබෙන කොමිස් මුදල ???? රු 6000 පමණ .

luminex හා මුදලිගේ වැනි ආයතන කාගේද?  විශ්‍රාම ගිය ලොක්කන්ගේ නොවේද??

පානදුර ප්‍රදේශය භාර පළාත් සමනය අධිකාරී වරයා manpower කාලකන්නි අයේ වැඩට ගන්න එපා කිවේ ලැබෙන කොමිස් මුදල ඔහුට නොලැබෙන නිසාද?? 

ගරු ජනාධිපති තුමනි ,අගමැති තුමනි හා වගකිවයුතු පාර්ශව කරුවනි මේ ඔබේ අවධානය පිණිසයි..



එක් කොන්ත්‍රාත් කණ්ඩායමකට  = 9000
සාමාජිකයන් දෙදෙනාට              = 2000
ත්‍රිවිලරයට  හා ඉන්දන                =  800

ඉතිරි මුදල කොන්ත්‍රාත් ආයතනයට= 2000                 

9000 -2000-800-2000= 4200 

4200 පළාත් ලොක්කෝ ගසා කයි ,සේවකයන් නැවත සේවයට වාර්තා කළහොත් ලැබෙන කොමිස් මුදල නැති වී යන නිසා සේවකයන් හට කරන තර්ජන ඉතා පිළිකුලෙන් යුතුව හෙළ දකිමු.
           

W.D.J සමග හරින් ටෙලිකොම් එකට විරුද්දව කඩුව මුවහත් කරයි....



   දින 85 පුරා උපවාසයේ යෙදී සිටින සේවකයන් හා මාරාන්තික උපවාසයේ යෙදී සිටින සේවකයන් දෙදෙනා තවමත් ලෝටස් පාරේ අරගලයේ යෙදී සිටි.එහෙත් ටෙලිකොම් ප්‍රධානීන්ට හා රටේ ප්‍රධානීන්ට මේ ගැටලුව තවමත් විසදීමට කිසිදු උත්සහයක් නොගන්නා අතර කම්කරු ඇමති කම්කරු නිතිය අනුව මේ ගැටලුව විසදීමට තීරණය කරන ලද්දේ ටෙලිකොම් සභාපති දේශද්‍රෝහියෙකු ලෙස හා මෝඩයෙකු ලෙස රටට හුවා දක්වමිනි.මන්ද සභාපති ගේ උගත් කම නමට කලින් ඇති අකුරුවලින් පෙන්නුම් කරත් ඒවාද සල්ලි දී ලබා ගත් පට්ටම් බව මේ වනවිට හෙළිදරවු වී ඇත.ඒ නිසා දෝ ඔහු හා අයියා නිසා සිදුවන ආර්ථික බලපෑම තේරුම් ගැනීමට තරම් මොලයක් නොමැති වීම රටේ මෙන්ම ආයතනයේ  අවාසනාවකි.


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොටස් වෙළද පොළ තුල ක්‍රියාත්මක වන ආයතනයකට නඩු හෝ නීතිමය ගැටළු තිබිය නොහැක.එහෙත් ප්‍රශ්න මග හැර ජනපති අයියා සමග කටත් හොරා කරන විවිධ සාකච්චා නිසා කම්කරු ඇමති කම්කරු නිතිය ක්‍රියාමක කරන්නේ ඔහුටද කර කියා ගන්නට නොහැකි නිසාය.එහෙත් රට ගැන සිතීමට තරම් මොලයක් තිබුන හෙයින් සති කිහිපයක් ටෙලිකොම් පාලන අධිකාරියට කාලය ලබා දී තිබුනත් ඔවුන් ප්‍රශ්න මග හරිම නිසා බේරුම් කරණය වෙත යොමු වී ඇත.එය අද හෝ හෙට දිනයේ ක්‍රියාත්මක කොට ගැටලුව විසදීමට නියමිත ව ඇත.

මේ අතර හරින් ඇමති මේ සතියේ ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇමති වූ තමාට වඩා ටෙලිකොම් සභාපතිට හා විධායක නිලධාරියට ඇති බැවින් ඉතා ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වී ඇති බවය.එහෙත් අමාත්‍යංශ ආරංචි මාර්ග අනුව සේවකයන් 1000 ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකසා ඇති අතර එය ඇත්තේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීම පමණකි .එහිදී සිකුරාදා වනවිට මේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වීමට නියමිත වුවත් තම මලයාගේ ආයතනයේ ප්‍රශ්න වලට මැදිහත් වීමක් ජනපති සිදු කළහොත් එය ගගට කැපු ඉනි මෙන් කිසිදු වැඩක් නොවන්නේය.එහෙත් හරින් ගේ ක්‍රියාවලිය කල් ගත වී හෝ ඔහුට අවබෝධ වීම ගැන අපට ඇත්තේ සියුම් සතුටකි.එහෙත් ජනපති සොහොයුරාට එරෙහිව මැදිහත් නොවී ඉතා බියගුළු ලෙස පසුබෑම ගැන රටේ ජනතාවට ඇත්තේ ඔහු ගැන ඇත්තේ ඉතා අප්‍රසන්න චින්තනයකි.

රටේ ජනපති හා අගමැති ගැන මුළු මහත් ජනතාවට ඇත්තේ අප්‍රසන්න හැගීමකි.මන්ද එන්රික් ගේ තන පට හුටපටය පෙනුන ඔහුට විල්පත්තුව .මාලබේ ,manpower ගැන කතා නොකිරීම ඔහු ගැන හා මේ ආණ්ඩුව ගැන සිතීමට කාලය එලබ ඇත,.

කෙසේ හෝ දින 86 කල වාර්තා ගත උසාවි නියෝග වලින් අවරණය වූ විවිධ බලපෑම් හමුවේ කල අරගලය නිමාවට පත්ව කොන්ද කෙලින් තබාගෙන නැවත සේවයට යා හැකි වේවා යැයි අපගේ ප්‍රාර්ථනයයි..

Friday, March 17, 2017

මාරාන්තික උපවාසයත් සමග W.D.J සටන අතට ගනී.. ටෙලිකොම් ලොක්කෝ බයේ සිසිකඩ හැන්ගෙයි...



දින 81 පුරා කරන අරගලයට ටෙලිකොම් සේවකයන් තම ශක්තිය උපරිමයෙන් යොදා ඇත.ඒ සඳහා හොදම උදාහරණය වන්නේ සේවකයන් දෙදෙනෙකු ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයයි.එය මෙතෙක් කිසිදු මධ්‍යක ප්‍රචාරය නොවුනත් මේ මැරෙන්නට යන්නේ රටේ පුරවැසියන් දෙදෙනෙකු බව මෙරට ජඩ මාධ්‍යට හා හොර දේශපාලුවන්ට නොපෙනීම මෙවෙනි පවුකාර රටක ඉපදීමට තරම් අප කරුමයක් කල නිසාය.ලෝකයෙන් උතුම් රට කියා උදම් අනන මේ පෙරේත දේශපාලුවෝ රටේ ප්‍රධාන ආගම පවා විකුණන තත්වයකට පත්ව සිටි.මේ කිසිදු ප්‍රශනයක් මෙරට ප්‍රධානින් වන ජනපති හා අගමැති හට නොපෙනීම සිතා ගත නොහැකිය.තම මල්ලි ටෙලිකොම් සභාපති කරවූ ජනපති ඇටිකෙහෙල් කැ උගුඩුවේකු ලෙස සිටින්නේ යහපාලනය නමැති කිරි කාලයට ගොම බින්දුවක් නොව ගොම තැඹි එක්කරමිනි.

පසු ගිය සතිය පුරා හා මේ සතිය පුරා ටෙලිකොම් පාලන අධිකාරිය සමග පැවැත්වූ සාකච්චා ඉතා සාර්ථක මට්ටමකට ගෙන ඒමට දෙපාර්ශවයම එකග විය හැකි කරුණු ඉදිරිපත් කර අවබෝධතා ගිවිසුම සකස් කර තිබියදී සභාපති හා පාලන අධිකාරිය මග හරින්නේ මේ ගැටලුව තව තවත් අගාදයට ඇද දමමින්ය.රටේ කම්කරු ඇමති කාලය ලබාදෙමින් සිටියදී සභාපතිවරයා හොරිකඩ අනුර පෙරේරා සමග නටන නාඩගම තම අයියගේ හයිය පෙන්වීමට බව පෙනේ .මන්ද අවසන් අත්සන් කිරීමට ඇමති වරයා පාව මගහරින්නේ එම නිසාය.
පාලන අධිකාරිය හා කම්කරු ඇමති හා සකසා ඇති ගිවිසුම අවම ගිවිසුමකි.කොටස් කිහිපයක් ලෙස අන්තර්ග්‍රහණය කොට ඔවුන් සුදුසු වැටුප් තලයක් පිහිටුවා මේ ප්‍රශ්නය සමතයකට පත් කිරීම මෙහි මුලික පරමාර්ථයයි .එහෙත් පාලනාධිකාරිය මෙය තවදුරටත් කර අරින්නේනෙම් මේ ප්‍රශ්නය සමතයකට පත් කිරීමට නීතිමය තත්වයක් පවතී ඒ සඳහා කම්කරු ඇමති වරයා ඊයේ සිට කටයුතු කර ඇති අතර ඒ සඳහා ඔහු ලබන සදුදා 12 දක්වා කල් ලබා දී තිබේ.ඒ රජයට කොටස් හිමි ආයතනයකට කම්කරු පනත් යටතේ නීතිමය කටයුතු කළහොත් කොටස් වෙළඳ පොලෙහි කොටස් විකිනෙන ආයතන වල විශාල කඩා වැටීමක් සිදුවිය හැකි බැවිනි.එය සිදුවුවහොත් රජයට සිදුවන්නේ ලොකු පාඩුවකි එම නිසා ඇමති වරයා සදුදා 12 දක්වා කල් ලබා දී ඇත,එහෙත් මාරාන්තික උපවාසයක් කරන සේවකයන් දෙදෙනාට කුමක් සිදුවීද යන්න අපට කිව නොහැක.පසු ගිය අවුරුද්දේ කුළුණක් මතට නැගී 2100 කගේ බර කරට ගත්තා මෙන් දැන් මොවුන් දෙදෙනා මේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලී සිටියදී පවා සමහර සේවකයන් සේවයට යන්නේ තම ආත්ම අභිමානය මුදලට විකුණා දමමිනි.ඈත අතීතයේ සිටම මෙවැනි පාවා දීම නිසා නිහින ජාතියක් බවට පත් වී ඇත්තේ රටේ ප්‍රශ්නයක් නිසා නොව අපි තවමත් මුදලට යටවන නිසාය.


සිතන්නට කාලය එලබ ඇත.කම්කරු ඇමති ,මාරාන්තික උපවාසය කරන සේවකයන් දෙදෙනා ,නායකත්වය ,සේවක විශේෂ බලකාය අන්තිම සටනට ක්‍රියා කාරී ලෙස යුද්දයට මැදි වෙද්දී නිවට සිංහලුන් මෙන් තම ආත්මය මුදලට පාවා නොදී අවසන් මොහොතේ අවසානය දක්වා සටන ගෙන ගොස් ආත්ම අභිමානයෙන් නැවත සේවයට යන උදාර සිතුවිල්ල සිත දරා ගෙන ලබන සතියේ සිට එකතු වන්න ....

Thursday, March 9, 2017

නිදහස් මාධ්‍ය හා ටෙලිකොම් අරගලය....





දින 74 ක් උපවාසයේ යෙදී සිටින ටෙලිකොම් manpower සේවකයන් සදහා වන ඉතා වැදගත් සාකච්චාවක් අද පස්වරු කාලයේ කම්කරු කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත,ඒ සඳහා පාර්ශව 3 ටම කැඳවීම් ලිපි ලබා දී ඇත.මේ සඳහා සියලුම දෙනා අවධානයෙන් පසුවන අතර එය සතුටු දායක ලෙස අවසන් කිරීමට හැකිවේවා යැයි අපගේ ප්‍රර්ථනයයි.

මෙසේ දින 74 ක මහා මෙහෙයුම ක්‍රියාත්මක වීම නිසා රජය හා පාලන අධිකාරියට විවිධ බලපෑම් එල්ලවී ඇත.රටට ලැබීමට තිබු GSP සහනය තාවකාලිකව අත්හිටුවා ඇති බව සියලු දෙනා දන්නා කරුණකි.මේ සියලුම දේ සඳහා විවිධ පාර්ශව පෙනී සිටි අතර ඒ සමහරක් දෙනාට රැකියා අහිමි කිරීමට තරම් මේ යමපාලනය ක්‍රියාකොට ඇත.ඒ සදහා සේවකයන් වෙනුවෙන් මාධ්‍ය වගකීම අකුරටම ඉටුකළ ඉරුදින පුවත් පතට සති 3 පිටු 3 පලකල අප මාධ්‍ය සගයා කසුන් පුස්වෙල හා ඉරුදින කතෘ සේවයෙන් ඉවත් කොට ඇත.එයට හේතු දක්වා ඇත්තේ රජය අපහසු තාවයට පත් කරන අකාරයේ පුවත් පලකල නිසාය.අප ඕකට කියන්නේ මුන්ගේ *** මාධ්‍ය නිදහස කියාය.තොරතුරු දැනගැනීමේ පනත මාධ්‍ය නිදහස ගැන පුරසාරම් ගැසූ සිරිසේන ජනපති වාරයත්,අගමැති වාරයත් මේ සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොගැනීම ඔය කියන මාධ්‍ය නිදහස මේ රට තුල තිබෙනවද යන්න ප්‍රශ්නය ඉතිරි වී ඇත,ජනාදිපති පති රට ගැන දැනගන්නේ පත්තර බැලීමෙනි ඔහු නොදන්වා විය හැකිය වෙනත් කිසිදු මාධ්‍යක් තම සගයෙකුට වූ අසදරණය වෙනුවෙන් කතා කොට නැත.මාධ්‍ය ගැන හෙළුව පෙනුනේ ටෙලිකොම් ගැටලුවත් සමගය සේවකයන් විවිධ ආකාරයෙන් ක්‍රියා කරත් මාධ්‍ය වේදීන් 10 -15 අතර ප්‍රමාණයක් ආවරණය කරත් පුවතක් ලෙස පලවන්නේ ඉතාම අල්ප වශයෙනි .මන්ද මුදල් මත යැපෙන මාධ්‍ය අතර හිරු, දෙරණ , ස්වර්ණවාහිනී ,සිරස හා රජයේ මාධ්‍ය උදාහරණ වේ .වෙළද දැන්වීම නැති වන නිසා තොරතුර ජනතාව අතරට ගෙනයාමට ඔවුන් අපෝසත් විය .එහෙත් facebook යනු ලෝක  මාධ්‍ය ජාලයකි.ඔබගේ මුදල් මාධ්‍ය වලට වඩා ප්‍රබලව බාවිතා කරමින් manpower සේවකයන් ජාත්‍යන්තරය පවා අවධානය යොමු කර GSP සහනයට පවා බලපෑම් කර ඇත,ඒ සදහා වගකීම දැරිය යුත්තේ රටකරවන ඇත්තන්ය .


දින 74 උපවාසය අවසන් කිරීමටත් ,ඉරුදින සේවකයන්හට සාධාරණය ඉෂ්ට කිරීමටත් ,සයිටම් අහෝසි කරමින් රට ගමන් ගන්නා දිශාව වෙනස් කොට අලුත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගේවා යැයි අපගේ ප්‍රාර්ථනයයි.

Monday, March 6, 2017

විනාශය අත ළඟ ,,, රටයි ටෙලිකොම් එකයි ලොක්කෝ උලාකයි.



අදට දින 71 කාලයක් පාලකයන් විසදීමට අපෝසත් වූ අරගලය හේතුවෙන් මහා විනාශයක් සිදු වීමට නියමිතව ඇත.මන්ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු සමහර ප්‍රදේශවල ඇති නඩත්තු කාර්යාල වසා දැමීමට හා අනෙක් ස්ථාන කොන්ත්‍රාත් කරුවන්ට ලබා දීමට මේ වන විට කටයුතු යොදා ඇත.මෙහිදී පානදුර හා කළුතර පමණක් ස්ථාන 06 වසා අනෙක් ඒවා කොන්ත්‍රාත් කරුවන්ට ලබා දීම සදහා ටෙලිකොම් ස්ථිර සේවකයන් විවිධ ස්ථාන වලට හෙට දවසේ සිට වාර්තා කරන ලෙස දන්වා ඇත.තම අයිතිය වෙනුවෙන් ස්ථිර සේවකයන් උද්ගෝෂණ කරද්දී එයට සහභාගී නොවී manpower සේවකයන්ට විරුද්ධව කොළඹ ආ ස්ථිර සේවකයන්ට ද මරු පහරකි.

දින 71 සපිරෙන අවස්ථාවේ යුරෝපා සංගමය වෙත CMU මගින් ඉදිරිපත් කිරීමට යන ලියවිල්ල හේතු කොට ගෙන GSP+ සහනය නොලැබී යාමේ තත්වයක් උදා වී ඇති හෙයින් රටේ ඇතිවන ආර්ථික අර්බුදයට ටෙලිකොම් සභාපති හා විධායක නිලධාරියා පමණක් නොව හොර අධ්‍යක්ෂක මණ්ඩලයද පම්පෝරි ගසමින් ඉන්නා ආණ්ඩුව මෙන්ම ජනපතිද වගකීම බාර ගත යුතුව ඇත.

අප යුරෝපා සංගමය තුල ඇති gsp+ සහනයට අදාල ව කරන ලද විමසීමකදී ඔවුන් කියා සිටියේ රජයට සම්බන්ද ආයතනයක සේවකයන් හට (ස්ථිර හෝ අනියම් )සේවකයන්ට විරුද්දව උසාවි නියෝග ගෙන ඇත්නම් හා එම ආයතන තුල සංහිදියාව ක්‍රියාත්මක නොවෙයි නම් ඒ කිසිදු රටක් සදහා සහන ලබා නොදීමටත් ලබා දී ඇති සහන ඉවත් කිරීමට සිදුවිය හැකි බවත්ය.මෙහිදී gsp පමණක් නොව නැවත මත්සය තහනම ක්‍රියාත්මක වීමටද ඉඩ ඇත.මන්ද manpower සේවක ගැටලුවට ධිවර සංවිධානද මේ සදහා සයෝගය දැක්වීම එය තවත් තිර්ව විය හැකිය.

රටේ පුරවැසි සංවිධාන මෙන්ම පුරවැසියන්ද මේ සම්බන්ධව කටයුතු කරද්දී පවා පොඩි මල්ලි මගහරිමින් ආයතනය මෙන්ම රටද අගාධයකට ඇද දමනවා නිසැකය.රට විනාස කළා යැයි ලතෝනි ගසා පත් වූ ජනපතිට කිසිදු ගානක් නොමැති වීම හාස්‍ය උපද වීමකි ,8 ජනාධිපති වී උණුසුම යන්නත් කලින් මල්ලිට තනතුරු දුන් සිරිසෙන් ජනපති මහින්ද ජනපතිට වඩා එක අඩියක් ඉස්සරහට තබමිනි.

කම්කරු අමාත්‍ය වරයා ටෙලිකොම් සමාගමට එරෙහිව යුද්දය ප්‍රකාශ කොට ඇති අවස්ථාවක තම සහෝදරයා බේරා ගැනීමට ජනපති අයියා උත්සහා නොකරනවා දැයි අපට දැනට කිව නොහැක,එය එසේ සිදු වී නම් යහපාලනය ගෙනා ලක්ෂ 62 ජනතාවට කන්න වෙන්නේ පිදුරු බවද සිහි තබා ගත යුතුව ඇත,මන්ද ඇට මාලයක් පැළඳ එන මල්ලිගේ ජීවිතය බේරා ගැනීමට විවිධ උපක්‍රම යොදා ගනිමින් කම්කරු ඇමතිගේ කට වැසීමට උත්සහා නොගන්නවා විය නොහැක ඒ දෙස අප මෙන්ම රටේ මහජනතාවද සේවකයන්ද 8 වෙනිදා බලා සිටි..


සේවක අතිකාල කප්පාදු කොට (සෙනසුරාදා හා ඉරිදා සේවයට වාර්තා නොකරන ලෙස ,,,මෙය ඉදිරි දින කිහිපයේදී සිදුවීමට නියමිත වේ. ) තවත් කොටසක් මහා පාරේ තබමින් ආයතන කොන්ත්‍රාත් කරුවන්ට ලබා දී මේ නටන නාඩගම නිසා අවුරුදු 150 වයස ටෙලිකොම් මාතාව විකුණගෙන කෑමේ තුරුම්පු ඔවුන් ගසා ඇත.සේවකයිනි ඔබේ අම්මාව සුරැකීමට කාලය එලබ ඇත.

Friday, March 3, 2017

Telecom එකට විරුද්දව W.D.J සටනට .........




පුරා මාස 2 අධික කාලයක් කෙරෙන අරගලයක් පුවත් පතක් මගින් හෝ රටේ ජනාධිපති වරයා ලෙස කියාගන්නා පුද්ගලයා පාවා නොදැන සිටීම මේ රටේ පුරවැසියන් වූ අප ලැජ්ජා විය යුතුවේ.මහින්ද මෙන්ම සිරිසේනද සහෝදර කැක්කුම හමුවේ රටේ පුරවැසියන්ව පාරට ඇද දැමීම කොතරම් සාධාරණ කල හැකිද යන්න සිතා බැලිය යුතුවේ ,මහින්ද ගේ සහෝදරයන් සිටියේ සිරිසේනගේ මෙන් නොවේ අනෙක සිරිසේන ජනපති තම මැතිවරණ වේදිකාවේ මර හඬ දුන්නේ සහෝදර ප්‍රේමයට තිත තබන බවයි.එහෙත් සිදු වුවේ අනෙකකි මල්ලි ටෙලිකොම් සභාපති වෙද්දී  දුව ටෙලිකොම් විනාස කරන ආයතනයක් පිහිටුවාගෙන  ටෙලිකොම් පවුලේ සියලු වෙළද දැන්වීම් හා ඊට අදාල විවිධ කටයුතු තම බාප්පා හරහා තම ආයතනයට ලබා ගනිමින් සිටි එයට දැනට විශ්‍රාම ගොස් ඇති මෙන්ම සේවය කරන දුෂිත නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ද කර ගනිමිනි. මිට කලින් අප හෙළි කල ආකාරයට dialog ගැන සේවකයන්ට භීතිකාවක් ඇති කල නිලධාරියා එම ආයතනයේ ප්‍රධාන නිලධාරියා ලෙස ක්‍රියා කරන බව දැනගන්නට ලැබී ඇත.රටේ ජනාධිපති වරයා තම හිතවතුන් මේ කරන ක්‍රියා කලාපය නොදෙන සිටීමට හේතුවක් නොමැත.

රටේ ප්‍රධාන ප්‍රශ්න වලට ජනාධිපතිගේ මැදිහත් වීම පාසලක පන්ති නායකයෙකු මැදිහත් වූ එකක් ලෙස අර්ථ දැක්වීමට හැකිය.මහා ආන්දෝලනයකට තුඩු දුන් මහා බැංකු කොල්ලය සිදුවී අවුරුදු 2 යන තෙක් කිසිදු ක්‍රියා මාර්ග ගෙන නොමැත,තවද SAITM ප්‍රශනය විසදීමට නොහැකිව රෝහල් කටයුතු අඩාල වෙද්දී රටේ උගතුන් විසදුම් දෙද්දී ජානාධිපති විද්‍යුත් මාධ්‍ය වල තමාගේ ලොකු කම් කියා පැමිණ සිටීම චන්දය දුන් සියලුම පුරවැසියන් සිතිය යුතුය.සහල් ප්‍රශ්නයේදී මුළු මහත් රට මෙන්ම පොළොන්නරු ජනතාවද සහල් හොරා ලෙස හංවඩු ගැසූ පුද්ගලයාව හා ඊට අදාල පුද්ගලයන් පමණක් ලේකම් කාර්යාලයට ගෙනවිත් නැටු නැටුම හා පුද්ගලික බස් වලට පෙන්වූ නාටකය ලංකා ඉතිහාසයේ යහාපලනය කියන වචනයට පවා මිනිසුන් සාප කරන තත්වයකට පත් වී ඇත.

පසුගිය සතියේ කම්කරු ඇමති ටෙලිකොම් සේවක ප්‍රශ්නයට මැදිහත් වූ අතර 28 වන දින විශේෂ සාකච්චාවක් පැවැත්වන බව ටෙලිකොම් සභාපති ට හා වෘතිය සමිතිවලට දැනුම් දී තිබුනේ ජනපති ලේකම් වරයෙකුගේ මැදිහත් වීම තුලය එහිදී තම සහෝදරයාගේ බල තල හා යහපාලන අයියගේ සරම ගලවමින් මලයා රට පැන්නේ කිසිවෙකුටත් නොදන්වාය එහිදී කම්කරු ඇමති ටෙලිකොම් ප්‍රධාන නිලිදරියට දුරකථන ඇමතුමක් ලබා දී ඉතා දැඩි වචන මාලාවකින් සංග්‍රහා කර ඇත්තේ රජය හා තමන්ව හා සේවකයන්ට වන  අපහසු තාවයට ඔහුට කියා ගැනීමට දෙයක් නොමැති වූ නිසාය .එහිදී සභාපති රට ගිය දවස ගැන ඇතිවූ පරස් පර අදහස් නිසා නැවතත් ඇමති  ටෙලිකොම් ප්‍රධාන නිලිදරියට නැවත වචන වලින් සංග්‍රහ කොට සබාපති පැමිණෙන දිනයේදී මේ ගැටලුව විසදා ගැනීමටය . 8 වෙනිදා පැමිණීමට නියමිත වුවත් සබාපති ලංකාවේ සැඟ වී සිටිමින් මේ ප්‍රශනය මග හැරීමට උත්සහා ගන්නා බවට තොරතුරු ලැබී ඇත.

මේ දේවල් මෙසේ සිදු වෙද්දී කෙසේ හෝ මේ ප්‍රශ්නය විසදා ටෙලිකොම් ආයතනය නැවත රටේ අංක එකේ ආයතනයට බවට පත් කිරීම සියලු දෙනා ගේ වගකීම වේ.

Comments System

Disqus Shortname