Friday, January 30, 2015

SLT HCS සේවකයන් දිවයින පුරා සාර්ථක කමිටු රැස්වීම් වල....

SLT HCS සේවකයන් දිවයින පුරා සාර්ථක කමිටු රැස්වීම් වල........

මේදවස් වල තිබෙන්නා වූ අය වැය හා විවිද දේශපාලන හැලහැප්පිම් අතරේ SLT HCS සේවකයන් තම අරගලය නොනවත්වා ඉදිරියට කරගෙන යනබව දැනගන්නට ලැබී ඇත .විවිද ප්‍රදේශ අවර්ණය කරමින් ඉතා සාර්ථක ලෙස මෙය ක්‍රියාත්මක වෙන බව සතුටින් ඔව්න් අප හා ප්‍රකාශ කර සිටි.තව දුරටත් ඔවුන් පවසන්නේ SLT බලධාරීන් සිතා සිටින්නේ මෙය අතහැර දැමුවද එය එසේ නොවන බවය.තම අවසාන සේවකයටද  යම් සාධාරණයක් ඉටුවනතෙක් මෙම අරගලය අත් නොහරින බවද ඔවුන් තරයේ ප්‍රකාශ කර සිටි.ඔබත් මෙම කමිටු රැස්වීම් වලට සහාබාගී වී මෙම අරගලය සාර්ථක ලෙස අවසන් කිරීමට සහය දෙනමෙන් ඔවුන් ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටි.....Photos සදහා Read More….

හිටපු SLT CEO ලලිත් ද සිල්වාට CID පරීක්ෂණයක්….?

හිටපු SLT CEO ලලිත් ද සිල්වාට CID පරීක්ෂණයක්….?


හිටපු  CEO ලලිත් ද සිල්වාට CID පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.එය පසුගිය කාලයේ සිදුවුනායයි කියවෙන හොරකම් හා මුදල් වංචාවන් සදහා මෙම පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව දැනගන්නට ලැබී ඇත.වැඩි විස්තර සදහා Read More 

Manpower සේවකයෝ SLT හා Mobitel CEO ලා ගෙදර යවයි........

Manpower සේවකයෝ SLT හා  Mobitel CEO ලා ගෙදර යවයි



අපට දැන් ලැබුණු ආරංචියකට අනුව මිට ටික වෙලාවකට පෙර  SLT CEO ලලිත් ද සිල්වා හා  Mobitel CEO රංජිත් රූපසිංහ ටෙලිකොම් ආයතනයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

එය හුදෙක් manpower සේවකයන් ලැබූ ජයක් බව ඉතා ආඩම්බරයෙන් දන්වා සිටියි.මෙම ඉවත් කිරීමෙන් පසු නව CEO දෙදෙනෙකු පත්කර ඇති බවටද වාර්තා වේ.manpower සේවකයන් SLT අන්තර්ග්‍රහණය කළහොත් ආයතනය පාඩු ලබනවා කි මෙම හොර තක්කඩි දෙදෙනා හොරා කැ මුදල් රුපියල් කෝටි ගණන්ය. ආණ්ඩුව වෙනස් වීමත් සමග SLT පරිපාලනය වෙනස් වීමෙන් මෙම  හොර නඩේට තවදුරටත් ආයතනයේ මුදල් ගසා කෑමට නොහැකි අතර හොරා කැ දේවල් පිලිබදව සොයා බැලීමෙන් අනතුරුව මොවුන් ඉවත් කර ඇත.

නව CEO පිළිබද විස්තර බලාපොරොත්තු වන්න.

Wednesday, January 28, 2015

SLT Manpower සේවකයන් නව සභාපති හමුවෙයි..

SLT Manpower සේවකයන් නව සභාපති  හමුවෙයි....වැඩිදුර කියවන්න 




අපි මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕනේ අපේ news එක වැරදුනාට ,අපිට එන ආරංචි තමයි ඔයාලගේ දැන ගැනීමට දෙන්නේ.අපි කිව්වා අද අගමැති සමග සාකඡ්චා අද කියල අද එහෙම එකක් තිබිලා නැ.

SLT Manpower සේවක යන් පිළිබද සාකච්ඡාව අගමැති සමග තවම ලබාගෙන නොමැති බව දැන ගන්නට ලැබී ඇත.එහෙත් ඊයේ නව සභාපති  හා අධකෂක මණ්ඩලය සමග සාකච්ඡාවක් තිබී ඇත.එහිදී manpower පාර්ශවය පමණක් සහභාගිවී ඇත.එහිදී නව සභාපති  තුමා මෙම SLT Manpower ප්‍රශ්නය පිළිබද දීර්ග වශෙයන් සාකච්ඡා කර ඇත .ඔහුද මේ ප්‍රශ්නය පිළිබද අධ්‍යනය කිරීම සදහා මාස 1 ඉල්ලා සිට ඇත.යම් සාධාරණයක් ඉටුකිරීමට ඔහු පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.


අපට දන ගන්නට ලැබී ඇති පරිදි  SLT CEO ලලිත් ද සිල්වා,  MOBITEL CEO රංජිත් රූපසිංහට විරුද්දව වැඩකරන සියලු සේවකයන් සහභාගී වන දැවෙන්ත උද්ගෝෂණයක් සැලසුම් කර ඇත . එය කවදා පැවැත්වීමට තිරණය කලදෑයි මෙතෙක් දැනගන්නට ලැබී නොමැත.

Tuesday, January 27, 2015

SLT Manpower සේවක ප්‍රශ්නය සාකච්ඡාව හෙට

SLT Manpower සේවක ප්‍රශ්නය සාකච්ඡාව හෙට



ශ්‍රීලංකා ටෙලිකොම් හි සේවයේ නියුතු Manpower සේවකයන්ගේ ප්‍රශ්නය පිළිබදව 2015.01.28 දින අගමැති තුමා සමගින් ඇති බව දැනගන්නට ලැබී ඇත. දිනය පමණක් ලබා දී ඇති මේ සාකච්ඡාව සදහා වෙලාවක් ලබා නොදීම පිලිබදව අපට යම් ගැටළුකාරී තත්වයක් උද්ගතව ඇත.මේ නිසා අපට කල හැක්කේ හෙට වන තුරු බලාසිටිම පමණි.හෙට පැවෙත්වෙන සාකච්ඡාව අපි අවදානයෙන් සිටිමු. එය සාර්ථක වේවා යයි පතමු.

එම සාකච්ඡාවේ තොරතුරැ හෙට ලබාපොරොත්තු වන්න.

Monday, January 26, 2015

ටෙලිකොම් රුපියල් 1200 සේවකින් තවදුරටත් ද ?

මොහොතක් සිතන්න SLT manpower ඔබේ තත්වය ගැන.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි සේවය නියුතු manpower සේවකයන් ආරම්භ කර තිබු වැඩ වර්ජනය නිසා 2014.12.29 සිට මේ දක්වා රුපියල් 1200 දවසේ පඩියට ගත් කුලී කරායින් තව දුරටත් තබා ගැනීමට පාලකයන් සුදානම් වන බවට අපට දැන ගැනීමට හැකි වී ඇත .

මොවුන් සදහා ආයතනය ගෙවන ගෙවීම් ඔබගේ අවදානයට යොමුකරමු .

Sunday, January 25, 2015

SLT Manpower සේවකයන් පිළිබඳව සාකච්ඡා කිරිම මේ සතියේ .

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතා manpower සේවකයන් පිළිබඳව සාකච්ඡා කිරිම මේ සතියේ .



ශ්‍ර්‍රී ලංකා ටෙලිකොම් අයතනයේ සේවය නියුතු manpower සේවකයන් පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා මේ සතියේ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතා හමුවිමට තීරණය කර ඇත. එතුමන් කලින් අප හට ලබා දුන් පොරොන්දුව ඉටු කරනු ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු.එ පිළිබඳව අප දැඩි විමසිල්ලේන් බලා සිටින්නෙමු. ඉදිරියේදි යම් ක්‍රියා මාර්ගයක් ගනු ලැබුවහොත් එ පිළිබඳව ඔබව දැනුවත් කිරිමටද අප බලාපොරොත්තු වෙමු.

මෙ අතර peo tv සබඳතා බැලිමට නොහැකි තත්වයකට අද වෙන විට පත් වී ඇත. කෝටී 3 පමණ වටිනා decoder අතුරැදහන් විම මෙසඳහා බලපා ඇති බව අනාවරනය වි ඇත.මෙය වසන් කිරිමට telecom ප්‍රධානින් කටයුතු කරමින් සිටී.එ සඳහා ඔවුන් MSAN හා Line වල දෝශ දැයි සොයා වර්ථා කරන ලෙස පහල නිලධාරින් වෙත දන්වා ඇත.peo තාකෂණ ශිල්පින්ට ගෙවල් වලට ගොස් දෝශ සොයන්න්ට පවරා ඇත .sever ප්‍රශ්න ඔවුනට විසදිය හැකි ද ? ප්‍රධානින් කරන්නේ කුමක් ද ? පරිභෝගිකයක්ට සිදුවන්නේ කුමක් ද? එ සඳහා අප අවධියෙන් ...........

ඔබ දන්නා තොරතුරැ අපගේ newweb1985@gmail.com   ලබා දෙන්න

Saturday, January 24, 2015

ක්‍ර්‍රිකට් විකාශන අයිතිය යලි ර‍ෑපවාහිණියට

ක්‍ර්‍රිකට් විකාශන අයිතිය යලි ර‍ෑපවාහිණියට

දැනට සී.එස්‌.එන්. නාලිකාව සතු කරගෙන ඇති ක්‍රිකට්‌ තරග විකාශන අයිතිය යළි ජාතික රූපවාහිනියට ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

Friday, January 23, 2015

අනාගතයේ එන විනිවිද පෙනෙන ජංගම දුරකථන තාක්ෂණය

විනිවිද පෙනෙන ජංගම දුරකතනය ළගදීම


විනිවිද පෙනෙන ජංගම දුරකතනය ළගදීම

මේ වන විට ජංගම දුරකථන විවිධ වෙනස්කම් වලට ලක්ව ව්‍යාප්ත වන මෙවලමක් බවට පත්වී අැත.තායිවානයේ පිහිටුවා ඇති පොලිටොන් ටෙක්නොලජීස් නම් සමාගම විසින් නිපදවා අැති විනිවිද පෙනෙන ජංගම දුරකතනය මේ වසර අගදී වෙළෙඳපොලට නිකුත් කිරීමට නියමිතය.
මෙම ජංගම දුරකතනය විනිවිද පෙනෙන බහුකාර්ය ස්පර්ෂක (Multi-touch) තිරයකින් සමන්විත වේ.
මෙහි මූලාකෘතියට ඔවුන් යොදා තිබෙන්නේ වෙනස් කල හැකි වීදුරු තාක්ෂණය (Switchable glass technology)යන අරුත් ඇති නව ක්‍රමයකි .ඒ ක්‍රමයට අනුව මෙහි රූප තිරයට ගෙනෙන්නේ ද්‍රව ස්ථටික අණු යොදාගනිමිනි. සන්නයන ගුණ ඇති කාබනික පොහොර විමෝචන ඩියෝඩ (Oled) රූප තිරය මත මැවීමට මෙහිදී භාවිත කෙරෙයි.

දුරකතනය වසා තබා ඇති විට මෙහි අණු ඒකරාශී වී කිරි පැහැති සංයෝගයක් බවට පත් වේ.නමුත් ස්විච් කළ වහාම ඒවා නැවත පෙළ ගැසි රූප සටහන්,සංකේත ඇතුළු වෙනත් ලකුණු තිරය මත මතු වේ.
මෙහි විනිවිද නොපෙනෙන කොටස් කිහිපයක් අන්තර් ගතය. එස්ඩී කාඩ්,සිම් කාඩ්,මයික්‍රෝෆෝනය,කැමරාව,බැටරිය ඒ අතර වේ.
එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ දුරකතනයේ දෙපැත්තම පරිහරණය කළ හැකි බවයි.

කෙසේ නමුත් විනිවිද පෙනෙන තිරයෙන් පමණක් මෙම දුරකතනයට වෙළෙඳපොල ආක්‍රමණය කිරීමට නොහැකි බැවින් අනෙකුත් ස්මාට් ෆෝන් වල ඇති සියලුම පහසුකම් මෙම ජංගම දුරකතනයට ඇතුලත් කිරීමට අදාළ සමාගම කටයුතු කරන බවද පැවසේ.

ටෙලිකොම් එක අායේත් වලපල්ලටද ?





ඉඟුරු ඇති මිරිස් එපාමයි..! මේ ඇරඹෙන්න යන්නේ මෛත්‍රී රෙජීමයද? මිතුරනි අවදියෙන් ඉන්න..!

(ලංකා ඊ නිව්ස් -2015.ජන.22, ප.ව.11.30) ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව යලිත් ඒ විනාශ මුඛයටම ගොදුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාද ආරම්භ කර තිබෙන වග සාතිශය සංවේගයෙන් වාර්තා කිරීමට සිදුව තිබේ.
ටෙලිකොම් සභාපති ධූරය වැනි, ව්‍යාපාරික සහ විද්‍යාඥ ඥානයෙන් යුත් නව යුගයේ ‘බරණ ගණිතයෙක්‘ අත රැඳිය යුතු අතිශය සංවේදී තනතුරකට මෛත්‍රීපාල සිරිසේන ගේ ගස් කපමින් සිටි ගොබ්බ මලයෙක් පත් කර තිබේ. පත්වීම සිදුකර ඇත්තේද මෛත්‍රී විසින්ම වීම කණගාටුදායකය.
පල්ලෙවත්ත ගමරාලලාගේ කුමාරසිංහ සිරිසේන නම් ටෙලිකොම් සභාපති ස්වීප් ටිකට් පත ලත් මේ පුද්ගලයා මීට පෙර 2006 වසරේ සිට රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබූ රාජ්‍ය ඉඩම් ටික මංකොල්ලා කෑම සඳහා  රාජපක්ෂලා විසින් ගොඩ නැගූ ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන පුද්ගලික සමාගම නම් අර්ධ රාජ්‍ය සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කළ මෛත්‍රීගේ මල්ලීට ඇත්තේ අතීතය සම්බන්ධ සුදු සහතිකයක් නොවේ. 

Wednesday, January 21, 2015

Sri Lanka Telecom WFM Phone Use New App


අපේ කොල්ලන්ගේ වැඩ

SLT WFM Phone  එකට අපේ කෙනෙක්  App එකක් හදලා බලන්න හොදයි ද කියලා  comment දාන්න අමතක කරන්න එපා

Download කර ගැනිම සදහා http://apps.appmakr.com/myslt


Tuesday, January 20, 2015

TELECOM GCEO ගේ හොර කම් එළි වෙයි

TELECOM GCEO ගේ හොර කම් එළි වෙයි



Samsung Secrets Codes

                             

Samsung Secrets Codes මෙන්න ඔයාලටත්


                                    ඔන්න ඉතින් මගේ යාලුවනේ අද මම ඔයාලට දෙන්න කියලා යන්නේ කාටත් වැදගත් වෙන දෙයක්.සමහර අයනම් දන්නවත් ඇතිනේ එත් නොදන්න අයත් ඇතිනේ.අද දෙන්න යන්නෙ Samsung Phone වල Secrets Codes තමා එහෙනම් ඉතින් ඔයාලත් මේ කෝඩ් ටික බලලා ලබා ගන්න කියන තැනින් ඒවා ටිකත් බාගෙන කොමන්ට් සහ ලයික් පාරකුත් දාලා යන්න හොදේ....



Comments System

Disqus Shortname