Monday, January 26, 2015

ටෙලිකොම් රුපියල් 1200 සේවකින් තවදුරටත් ද ?

මොහොතක් සිතන්න SLT manpower ඔබේ තත්වය ගැන.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි සේවය නියුතු manpower සේවකයන් ආරම්භ කර තිබු වැඩ වර්ජනය නිසා 2014.12.29 සිට මේ දක්වා රුපියල් 1200 දවසේ පඩියට ගත් කුලී කරායින් තව දුරටත් තබා ගැනීමට පාලකයන් සුදානම් වන බවට අපට දැන ගැනීමට හැකි වී ඇත .

මොවුන් සදහා ආයතනය ගෙවන ගෙවීම් ඔබගේ අවදානයට යොමුකරමු .



දවසට ගෙවන ගාන - 1200
අමතර වැඩි වන පැයකට  -225
ඉරිදා හෝ නිවාඩු දවසක එක පැයකට  -300

දැන් අපි ගාන හදලා බලමුද ?   1200*25  = 30000   (දවස් 25 සදහා )

අපේ අයත් එක්ක වැඩකරලා අතිකාල ලෙස  දවසට  full bata  පැය 3 ( 225*3= 675)  half bata පැය 

(225*2=550) හරි අපේ කෙනෙක් පැය 75 කරත් අරයත් පැය 75 එතකොට ගාන 16875 .

ඉරිදා දවස් 4 ම කරෝත්  300*32 = 9600

දැන් ඔක්කොම එකතු කරලා බලමුද ?   30000 +16875+9600 = 56475

දැන් තේරෙනවද manpower කොල්ලෙක් ඔය ගාන ගන්න පුලුවන්ද ?                                               

 අමාරුයි නේද ?දැන් තේරෙනවද පාලකයින් ඔබට  සලකන විදිය ගැන.ඔබ අර කුලී කාරයටත් වඩා පහලට දමා ඇති බව.
අපි මේ ගැන සොයා බැලීමේදී සාමාන්‍ය අපගේ සේවක මහතෙකුගේ මාසික වැටුප මෙයට වඩා අඩු බව .මේ ප්‍රමාණය ගැනීම සදහා අතිකාල පැය 150 වත් කලයුතු ව ඇත.නමුත් 1200 කුලී කාරයා කිසිදු වැඩක් නොකර මේසා විශාල මුදලක් ලබයි.මේ සදහා අපට ඔප්පු කල හැකි අතර ඒ සදහා විරොදයක් දැක්වීමට ඔබට අයිතියක් ඇත.

මෙම පාලකයින් අපව ස්ථිර කිරීමට මුදල් නැහැ කියා ඔඋන්ගේ මඩිය තර කර ගනියි.අප අලුත් රජයෙන් ඉල්ලා සිටින්නේ ලලිත් ද සිල්වා , රංජිත් රූපසිංහ, වැනි හොරුන් telecom එලවා දමා මෙය අපේ රටේ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර දෙන මෙන්ය

මෙය ඔවුන්ට ලබාදෙන attendance record sheet එකකි

No comments:

Post a Comment

Comments System

Disqus Shortname