Thursday, March 12, 2015

SLT Manpower සේවකයන් දේශපාලන හා ජනතාව දැනුවත් කිරීම 15 වෙනිදා ......

SLT Manpower සේවකයන් දේශපාලන හා ජනතාව දැනුවත් කිරීම 15 වෙනිදා ......




සියලුමslt manpower සේවකයින්  ස්ථිර කරගැනීම අරමුණු කරගනිමින්  දේශපාලන බලාධිකාරියේ නියෝජිතයින් දැනුවත් කිරීමට මෙම 15 දින slt manpower සේවකයන් සුදානම් වනබව දැනගන්නට ලැබී ඇත.මෙය එකවර රට පුරා ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලපොරොත්තු නොවන අතර දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක 4 පැවෙත් වීමට සංවිධනය කර ඇත . කොළඹ , නුවර , කුරුණෑගල හා මාතර යන දිස්ත්‍රික්කයන්ය.මෙහිදී ප්‍රධාන වශයෙන් කරනු ලබන්නේ මෙම ප්‍රෝඩාකාර manpower ක්‍රමය පිළිබද මහජනතාව දැනුවත් කර මහජන විරෝධතාවක් ඇති කිරීමය .

රටේ සමස්ථ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන තුල ශ්‍රමය සුරා කන manpower ක්‍රමය ගැන දන්නේ නැත.මෙහදී විශාල වශයෙන් ලාබ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන තුලද මෙම වංචාව සිදුවන අතර මෙහිදී 15 slt manpower සේවකයන් මහජනතාව හා මහජන නියෝජිතයින් දැනුවත් කරන්නේ මෙම ක්‍රියාව නතර කිරීම පිණිසය.මෙම රජය හා දේශපාලන බලාධිකාරිය ඔවුනට මේ පිලිබදව පොරොන්දුවක් ලබා දි තිබුනත් එය මෙතෙක් ක්‍රියාත්මක නොකර එය ක්‍රියාමක කර ගැනීම ඔවුන් මෙමගින් බලාපොරොත්තු වේ...

මෙහිදී ඔවුන්  15 දින උදේ 8.30 වනව්ට  සියලුම සේවකයන්ගේ පැමිණීම බලාපොරොත්තු වන අතර දිස්ත්‍රික්කයේ ඇති මෙම slt ආයතන තුල සේවය කරන සේවකයන්ගේ සහාබාගීත්වය ඔවුන් දැඩිව බලාපොරොත්තු වේ...වැඩි විස්තර සදහා ප්‍රාදේශීය නායකයන් අමතන ලෙසද ඔවුන් අපට දන්නවා සිටි....

Monday, March 9, 2015

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධයක නිලධාරි ලෙස දිලීප විජේසුන්දර මහතා පත් වෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධයක නිලධාරි ලෙස දිලීප විජේසුන්දර මහතා පත් වෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා වශයෙන් දිලීප විජේසුන්දර මහතා අද වැඩ භාර ගන්නා ලදී.මෙරට ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවාවන්හි සහ අන්තර්ජාල සේවාවන්හි ප්‍රධානතම සැපයුම්කරුවා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අද සිට විජේසුන්දර මහතා නායකත්වය ලබා දෙයි. දිලීප විජේසුන්දර මහතා මෙරට රාජ්‍ය ක්ෂේත්‍රයේ තනතුරු ගණනාවක්ම හොබවා ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති වශයෙන්ද කටයුතු කර තිබේ.
ඉංජිනේරු විෂය පිළිබඳ බි.එස්.සී., එම්.එස්.සී. උපාධිධරයකු වන විජේසුන්දර මහතා ජාත්‍යන්තරවද පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්හිද සේවා අත්දැකීම් ලබා ඇත.
මෙහි හිටපු විධායක නිලධරියාවූ ලලිත් ද සිල්වාට එරෙහිව බරපතල මූල්‍ය දූෂණ චෝදනා මෙන්ම. පසුගිය ජනාධිපතිවරණයේදී එම ආයතනයේ මුදල් දේපල හා සේවකයන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගත් බවටද චෝදනා එල්ල වී තිබේ.
එහෙත් තව දුරටත් එම ආයතනයේ උපදේශකයකු ලෙස ලලිත් ද සිල්වා මහතා තබා ගැනිමට එම ආයතන සභාපති කුමාරසිංහ සිරිසේන මහතා උත්සහ ගනිමින් සිටින බවටද වෘත්තීය සමිති චෝදනා කර සිටී.ලංකාවේ ඉහළම මාසික වැ‍ටුල ලද සමාගම් නිළධාරියා වූයේ ද ලලිත්ද සිල්වාය ඒ රුපියල් ලක්ෂ එකසිය හතරකි. ඊට අමතරව සුපිරි වාහන 5 ක් හා සුපිරි නිවසක් වෙනුවෙන්ද ටෙලිකොම් ආයතය පිරිවැය දැරුවේය.

Tuesday, March 3, 2015

SLT GCEO ලලිත් ද සිල්වා ඉවත් වෙයි..

SLT GCEO ලලිත් ද සිල්වා ඉවත් වෙයි..



SLT GCEO ලලිත් ද සිල්වා 2015.02.28 දින සිට තමාගේ දූර කාලය අවසන් වීම නිසා ඉවත් වී ඇත,මොහු ගිය ආණ්ඩුව සමයේ ප්‍රසිද්දියේ කඩේ ගිය අයෙකු හා ඉතා විශාල ලෙස මුදල්  වංචා කල අයෙකු වේ.මොහු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.මෙහි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

DGM හා ඉංජිනේරු වෘත්තිය සමිතිය සේවකයන්ට පිළිලයක් වෙයි ද ? .......

DGM හා ඉංජිනේරු වෘත්තිය සමිතිය සේවකයන්ට පිළිලයක් වෙයි...



2015.2.27 අධ්‍යක්‍ෂක මණ්ඩල රැස්වීමක් තිබුනත් එහි කරුණු දැනගන්නට පෙර නැවත සුනඛයන් පිරිසක් ගෝරනාඩු කර ඇත.එහි කල එලි මංගල්‍ය ඔවුන් වචන කොට විශය භාර ඇමති වරයාටත් ,ආයතනයේ සබාපති තුමාටත් දන්වා ඇත.ඔවුන් එම ලිපිමගින් ඔවුනට අවශ්‍ය පහත් ආශාවන් ඉටුකර ගැනීමට විශාල උත්සහයක් ගෙන ඇත.අප මෙහිදී සියලුම DGM වරුන්ට හා ඉංජිනේරු වරුන්ට මෙය නොකීවත් කටු කන සුනඛයන් පිරිසක් නිසා අනෙක් අයට අප සමාව අයද සිටි.මන්ද දුක් මහන්සියෙන් ඉගෙන ගත් දුක දන්නා අය බහුල විශාලයඒ බව ඔවුන් සමග කතා කල අපිට දැනුනු දෙයයි.ඔව්නට දුදරුවන් ඇත.සමහර සේවකයන්ට ඔවුන් පියවරු වැනිය .එහෙත් සුනඛයන් සුනඛයන් මය.

Comments System

Disqus Shortname