විශේෂ ලියුම් කරුවෙකු විසින්.
ටික කාලයකට පස්සේ තමයි ලිපියක් පලකරන්න පුළුවන්
උනේ .ADMIN මේ දවස්වල නැති නිසා ඔයාලා වෙනුවෙන් ලෝකේ කොහේ හිටියත් කාලයක් ඔයාලා
එක්ක වැඩ කරලා දැන් නැතිවුනත් එකවචනයකින් හරි උදවුවක් වෙයි කියලා හිතුනා.
ශ්‍රී ලංකා ටෙලිකොම් manpower සේවකයන් අරඹා ඇති
උපවාසය දැනට මාස 2 ක්‍රියාත්මක කර තිබේ.තවමත් රටේ පාලකයන්ටද ආයතනයේ පාලකයන්ටද
නොපෙනෙන මේ ගැටලුව විසාදීමට පාලකයන් විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මකකර ඇත.17500
පත්තර add දමා සේවකයන් මානසිකව වට්ටවා ගැනීමට මොවුන් කල උත්සාහය සාර්ථක අසාර්ථක
බාවය නොදන්නා නමුත් කිහිප දෙනෙක් විසින් පාලකයන්ගේ උවමනාව මනාව ඉටු කරමින් සිටයි.ඔවුන්ද
දවස් 50 පමණ පාරේ සිට මෙසේ කිරීම එක සිතින් හෙලා දැකිය යුතු වේ.ප්‍රදේශ වශයෙන් ගත්
කල නුවර ,රත්නපුර ,හලාවත.අනුරධපුර ,කුරුණෑගල ආදී ප්‍රදේශ වලින් අරගලය අතහැර
සොච්චම් පඩියට ඇතුලට යාමට උත්සහා ගන්නේ අරගලය වෙනුවෙන් මහා හඬක් දුන් ප්‍රාදේශීය
නායකයන් විසින්ම වීම ඉතා අවාසනාවන්ත කරුණකි.ඉතිහාසයේ සිටම සිංහලයන් ,ශ්‍රී
ලාංකිකයන් තමාගේ වාසියට තම මවු බිම පාවා දී ඇත,එහි ප්‍රතිපල තවමත් අප තුල පවතී
.ටෙලිකොම් අරගල තුලද මා සිටින කල සිටි නායකයන් 17500 සේවයට ගොස් හමාරය.
මෙය මෙසේ තිබියදී ශ්‍රීලංකා ටෙලිකොම් හි ඇති රජයේ
කොටස් මිලදී ගැනීමට කිසිවෙකු හෝ සුදානමින් සිටි .එහි නම් ගම හෙළි කිරීමට තවම කාලය නොවන
නිසා එය පසුව අප හෙලිදරවු කරමු.එහි කතාව වන්නේ විවිධ අන්දමින් ටෙලිකොම් ආයතනය තුල
ගැටළු නිර්මාණ කර මෙය රජය සතු කොටස් වෙනත් සමාගමකට විකුණා දැමීමය ඒ සදහා වන පිබුරු
පත් සකසා ඇත්තේ අයතනයෙම නිලධාරීන්ගේ සහයෝගය ඇතිව බව දැනගන්නට ලැබී ඇත,ඒ පිලිබදව
බැලුන් ඇමති වත්,රජයවත් තවම නොදන්නා බව කිව යුතුය.
මේ අතර 28 වෙනිදා අවසන් තීන්දුව දීමට නියමිත බවත්
එය එසේ සිදු නොවුනහොත් ඉදිරියේදී ජිවිත බිලි අරගෙන හෝ මේ ගැටලුවට පිළියම් සොයන බව
එහි සේවකයෙකු මා සමග පැවසුවේ ඉතා දැඩි අවෙගයකිනි.
27 ,28 ටෙලිකොම් ඉදිරිපිටට රැස් වන්න ..මේ
ඔවුන්ගේ අවසන් ඉල්ලීමයි.
මේ තියෙන්නේ ඔයාල වෙනුවෙන් අකුරු කරන ඇඩ්මින් ගේ ඕස්ට්‍රේලියා විසා එක .මතක තියා ගන්න මේ කරන්නේ ඔයාලා වෙනුවෙන් ඔයාලගේ කෙනෙක් කියලා...