Tuesday, January 31, 2017

මධ්‍යම රාත්‍රියේ මංගල ලුහුබැන්දේ කවුරුන්ද?


2017.01.28 දින මධ්‍යම රාත්‍රියේ මංගල ලුහුබැන්දේ කවුරුන්ද? එදා සිට අද දක්වා ඔහු අතුරුදහන්ව සිටි ..29 වැනිදා පිළියන්දල පොලිසියට ඉදිරිපත් වන පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් manpower සේවක සංගමයේ උප සභාපති වරයා අතුරුදහන් වී ඇත,මේ සම්බන්දව අද උදැසන ඔහුගේ යතුරු පැදිය පොලිසිය තුලින් මතුවීමත් සමගම ඉතා බරපතල නිතිය පිළිබද ගැටළුවක් පැනනැගී ඇත.ඔහුගේ අතුරුදහන් වීමට හේතුව ඔහු සේවක සංගමයේ උපසභාපති ලෙස කටයුතු කල නිසාම පමණක් නොව රජයට හා පාලන අධිකාරියේ පුටු රත් කරවූ ඉතිහාසයේ වඩා සාර්ථකම අරගලය වන SLT manpower සටන නිසාය.එකෙක් අතුරුදහන් කර අනිත් පිරිස බය කොට ගෙන්වා ගැනීමට විවිධ හොර රහසේ සිදුවූ සාකච්චා වලින් පසුව දවස් කිහිපයක් අරගල භුමියේ සේවකයන් නොදන්නා අයවලුන් කිහිප දෙනෙක් සැරිසරා ඇත.ඔවුන්ගේ රාජකාරිය වුයේ මෙයට නායකත්වය දෙන අයවලුන් හදුනා ගැනීමත් ඔවුන් එන යන වේලාවන් හා යන තැන් නිරීක්ෂණය කිරීමත් ය. එසේ තිබියදී අනෙක් අය සිටියදී කෙසේ හෝ මංගල මධ්‍යම රාත්‍රියේ පිටවත්ම ඔහුට නොදනිම ඔහුගේ පිටුපස කිසියම් පිරිසක් ගමන් කොට ඇත.
මේ අතුරුදහන් වීම පිටුපස SLT ආයතනයේ මෙන්ම රජයේ නිතිය කරන පාර්ශවය ටද ඇගිල්ල දිගු වී ඇත.එහෙත් නායක දඩයම මිට කලින් සිදුවීමට හොරරහසේ සකචචා කල නිලධාරීන් කවුරුන්ද? ඔවුන් කවුරු නමුත් යහපාලනය ගෙන ඒමට කටයුතු කල සේවකයන් අතුරුදහන් වෙද්දී ජනාධිපති තවමත් කතා නොකට සිටින්නේ මලයා ගේ කීම පිටද? දරුවන් 2 පියෙක් වූ මංගල ගේ දියණිය හඩා වැලපෙන රුප රාමු කිහිපයක් හිරු නාලිකාවේ විකාශනය වූ අතර සංවේදී සිත් ඇත්තන් ඔහු නිදහස් කරනතුරු බලා සිටි.

ජනාධිපති තුමනි රටේ නායකයා ලෙස ඔබට මේ ප්‍රශ්නය නොපනෙන්නේ SLT සභපති මල්ලි නිසාද? මේකද ඔබගේ යහපාලනය. මිනිසුන් පැතු පාලනය මෙයනම් ඔබටද යාමට සිදුවන කාලය වැඩි ඇතක නොවන බවද මතක් කර සිටිමු..

Wednesday, January 25, 2017

නොනවතින අරගලයක මහා රැළිය...

පුරා දින 31 අඛණ්ඩ වර්ජනයේ නියත සේවකයන් ශ්‍රීලංකා ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා තබමින් කොලොම් තොට පාරවල් වසා ගෙනගිය ඒ මහා රැළිය එතෙක් මෙතෙක් කල වර්ජන වල දැවැන්ත අරගලය බව පිළිගත යුතුය .රට කරවන ඇත්තන්ගේ පුටු මොළ රත් කල රැලියට පසු අද උදැසන sms පණිවිඩයක් සේවකයන් හට යවා ඇති HCS ආයතනයේ ගොන් රැල අවසාන තුරුම්පුව ගසා ඇත.එහි සදහන් ආකාරයට සේවයට වාර්තා නොකළහොත් සිය කැමැත්තෙන් සේවය අතහැර ගියා සේ හුවා දැක්වීමයි.දැනට ඉන්නා සේවකයන් එසේ එලියට දැමිය හැකි අධිකාරි බලය ඇත්තේ කා හටද?පුලුවන්නම් කර පෙන්නන.මන්ද නුවන් හා දිවාන් විවිධ පාර්ශව වලට නැවි බලු කුක්කන් මෙන් යදින්නේ තමාට ලැබෙන මේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙසයි.අධිකරණ නියෝග තර්ජන එල්ල කරමින් මොවුන් මේ ගෙන යන ක්‍රියාව ඔවුන් HCS ආයතන රටේ නීතියටද, පාලකයන්ටද පස්ස පෙන්වීමට තරම් ශක්තිමත් වන්නේ කගේ බලපෑම් උඩද?

දිවාන් ගේ  පැටිකිරිය මිට කලින්ද මුල් වරට හෙළි කරන ලද්දේද අපි.ඔහුගේ අඹේනිය ටෙලිකොම් එකේ සේවය කරන බවද දැන් හැමෝම දන්නා කරුණකි . ඔහු කරන්නේ අඹේනියගේ පිහිටෙන් තමන් ආරක්ෂා වීමටය .ඔහු මුල් වරට manpower එකට පත් වන්නේද අඹේනියගේ පිහිටෙනි .සේවකයන් HCS එකෙහි වහල් වැඩට ගෙන්වා ගැනීමට දත් කුරු කන මේ හොරිකඩයාට තම අඹේනිය HCS බදවා නොගන්නේ මන්ද .ඔහු මේ කරන්න හදන්නේ ටෙලිකොම් එකට රිංගා ගැනීමට බව හොදින් පෙනීයන කරුණකි ඒ සදහා ඔහු සොනාලි විජේකෝන් නමැති නිලධාරිනිය එතනින් ඉවත් කොට ඒ පුටුව ලාබා ගැනීමටය ..ඒ සදහා අවශ්‍ය පිබුරු පත් සකස් කරමින් සිටි.

මේ අතර හරීන් ඇමතිවරයා මාධ්‍ය හමුවේ මුල් වරට හෙළිකළේ තමාට වැඩ බැරි බවයි. මන්ද ඔහුව ඇමති දුරයට පත් කර ඇත්තේ නාමිකව බවයි.එහිදී ඔහු කියා සිටියේ 48% යන්නේ ටෙලිකොම් පඩි ගෙවීමට බවයි .ඇමති තුමා ටෙලිකොම් එක ගැන  දන්නේ නැති බව අයෙත් වරක් ප්‍රකාශ කර සිටින්නේ ඔහුගේ ඇමති දුරය ඕනෑම පොඩි ළමයෙකුටද වුව කල හැකි බව දන්වමිනි. ඇමති තුමා දන්නේ නැති උවත් 350 පමණ උසස් නිලධාරීන්ගේ පඩි හා ප්‍රවාහන දීමනා ගෙවීමට 30% යොදා ගන්නා බව ඇමති දන්නේ නැත.

මුළු රටම කතාවන මේ අරගලය රටේ ප්‍රධන පුටු රත් කරන බවට ලැබී ඇති තොරතුරු අනුව පෙනී යයි .අප තොරතුරු ලැබූ විගස දැන්වීමට බලාපොරොත්තු වෙමු.

Sunday, January 22, 2017

යහපාලනයේ අවාසනාවන්ත කදුළු කතාව...


මාසයකටත් කිට්ටුයි නේද ? එහෙන් අව්ව්ව ,දුවිල්ල කොළඹ ගැන කියන්න ඕනි නැනේ අයේ.කරපු කැපවීම .. ඇත්තටම ගිනස් වාර්තාවක් තියන්න පුළුවන් ඔයාලගේ ඔය කදුළු කතාව.අපි ගියා එයාලා එක්ක පොඩි වෙලාවක් ගතකරන්න එකනම් මහා පුදුමාකාර එකමතු කමක්,කෙල්ලොත් හිටියා එත් කොල්ලෝ තමයි වැඩිපුර හිටියේ ,අර පේමන්ට් එකේ ඉදන් බත් කනවා ඇත්තටම ලංකාවේ දෙකොනේ ඉන්න කොල්ලෝ හිතාගන්න බැ...අපේ සමහර අය බොරුවට ජාතිවාදය ගැන කතා කරනවා දුකක් කරදරයක් උනාම අපිට ඒවා වැඩක් නැ..ඇයි ඔයාලා එකතුවෙලා ඉල්ලන්නේ SLT එකට අනුයුක්ත කරන්න කියලා ..එක අසාධාරණ නැ ඉල්ලීම අහස විකුණලා  රැ කෝටි ගණන් හම්බ කරන SLT එක දැනුත් ඔයාලට පඩි ගෙවනවා එත් එක වෙන HCS කියලා ආයතනයක් හරහා ඇයි එහෙම ආයතනයක් හරහා පඩි ගෙවන්නේ එකේ ලොකු ලොකු කතා ගොඩක් තියෙනවා ,,,නොදන්නා කෙනෙකුට දැනගන්න කෙටියෙන් කියන්නම් කෝ.ඇත්ත ඔයාලා SLT HCS එකේ වැඩ හරි ඇත්තටම වැඩ කරන්නේ මොන ආයතනයටද? SLT එකට නේද?ඔයාල වැඩ කරන්නේ SLT අයත් එක්ක එකම වැඩේ නේද? හැබැයි පඩි ගෙවන්නේ වරප්‍රසාද දෙන්නේ දෙවිදිහකට අන්න එතන තමයි වැරැද්ද ..HCS වගේ ආයතන පටන් ගන්නේ කිහිප දෙනෙක්ගේ උවමනාවට එයාලට ලොකු කොමිස් මුදල් එකෙන් හම්බ වෙනවා...තේරෙන විදිහට කිව්වොත් ඔයාලා වැඩ කාරාට නිකන් ඔයාලව විකුණන් කන මිනිස්සු ටිකක් ඉන්නවා එකට විරුද්දව තමයි ඔය සටන් කරන්නේ..

මට මතකයි 2015 දී ආණ්ඩුව පෙරලන්න ඒ කියන්නේ යහපාලනය ගන්න ඔයාලා ඔය විදිහටම පාරේ නිදාගෙන ඔයවගේම කට්ටක් කැවා අන්ඩුවනම් පෙරලුනා එත් ඔයාලා හිටපු විදිහමයි නේද? ඔයාලා වගේම මමත් හිතුවා යහපාලන ආණ්ඩුවේ අයවැය තුලින් කිව්ව විදිහට කරයි කියල එත් එකටත් මොකා හරි හෙනහුරෙක් කඩාගෙන වැටුන කියලා වැඩක් නැ.මේ රටේ මිනිස්සු බොහෝ බලාපොරොත්තු තියාගෙන හිටියා යහපාලනය ගැන CEB එකට යන්තම් ගොඩ යන්න පුළුවන් උනා එත් ඔය අරගලය පටන් ගත්ත ඔයාලා තාම එතන.ඔයාලා ගැන රටේ පාලකයෝ දන්නවා එත් කිහිප දෙනෙක්ගේ උවමනාවට එයාලා ඔයාලගේ ස්ථිර කරන්න ඉඩ දෙන්නේ නැ.එයාලා ලොකු ලොකු පඩි කොමිස් ගන්න අය එයාලගේ අදායම එකෙන් අඩු වෙනවා අන්න එක නිසා තමයි මේකට කැමති නැත්තේ.

ගිය සතියේ රාජිත ඇමති තුමා රට හොල්ලන කතා කිහිපයක් කිව්වා එකෙන් තමයි මේක ටිකක් උඩට අවේ ඔයලා වගේම මාත් හිතනවා ඉක්මනට විසදුමක් දේවි කියලා අපි බලමු නේද?නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියා ගන්න එපා කියලා කිව්වේ නිකන් නෙමෙයි.ලොක්කෝ කියනවලු එයාලට පාඩු නැ කියලා ඔව් දැනට එහෙම නැ.ඔය කියන එයාලගේ ආයතන පටන් අරගෙන තමයි කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කර ගන්නේ ඉතින් ලබන මාසේ එයාලගේ මුදල් ගෙව්වට පස්සේ තේරෙයි මොකද වෙලා තියෙන්නේ කියලා .GCEO හා සභාපති අයේ ඉංජිනේරු සංගමය එක එක වෙලාවට එක එක කතා කියනවා.මමනම් හිතන්නේ මේක CID එකට දීලා හොයන්න ඕනි දෙයක් කියලා .මට අද දැනගන්න ලැබුනා 25 ගිවිසුමකට අත්සන් කරනවා කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා තව ලොකු පා ගමනක් ලෑස්ති කරලා තියෙනවා එකට එන්න ඔයාලා එකතු උනොත් තමයි මේක දිනන්න පුළුවන්.

ඔය අතරේ ඔයාලගේ දුරකතනයට SMS එකක් ඇවිත් ඇති උසාවි නියෝගයක් ගැන.ඔයාලට පුලුවන්ද බලෙන් උසාවි නියෝගයක් අරගෙන බලෙන් වැඩ ගන්න බැ.එහෙම බැ ඔයලා මේක කරන්නේ ලෝකේ ,රටේ තියන කම්කරු නීති හැටියට ඉතින් sms උසාවි නියෝග දෙන්න බැ.එහෙම දානවනම් එක අනිවාර්යෙන් මුද්‍රත ,විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කල යුතුයි.මගේ සගයා කලින් ලිපියේ මේ ගැන කියලා තියෙනවා ..
මට මේක කියන්නම වෙනවා ඔය HCS එකේ ඉන්න අයගේ රැකියාව ඔයාලා SLT එකට ගත්තොත් එයාලට එක නැති වෙනවා.මොකද එයාලගේ ඔය අභිමානය රැදිලා තියෙන්නේ ඔය ඔයාලා වහල් කම් කරන HCS එක නිසා .ඔයාලා දන්නේ නැතිව ඇති ඔකේ ඉන්න නීති නිලධාරියාගේ පවුලේ හිතවතුන් ගොඩක් SLT එකේ ඉන්නවා ඉතින් කොහොමද එයාලා ඔයාලව ස්ථිර කරොත් ඔය සුකිත මුදිත ජීවිතය ගත කරන්නේ .

ඉතින් මන් ඔයාල හැමෝගෙන්ම ඉල්ලන්නේ එකට ඉදලා කොහොමහරි ගොඩ යන්න කියලා .එකට සමාජයේ අය වෙනත් වෘතීයසමිති වගේම නොපෙනන බලවේග වලත් ආශීර්වාදය තියනවා .අයෙ ඉල්ලන්නේ එකට එකා වගේ එකට ඉදලා දිනන්න කියලා ඒ වගේම 25 පා ගමනට සහභාගී වෙන්න එදාට 99% ලොකු දෙයක් වෙන්න තියෙනවා එක දැනගන්නත් එක්ක උදේම එන්න කියලා ඔක්කොටම කියනවා ...

Friday, January 20, 2017

දින 26 ක නිමාව...HCS තවත් බොරුවක් ඇද බායි....


මාසයකට අසන්න කාලයක් ලංකාවේ අංක එකේ ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙහි manpower සේවකයන් ආරම්භකර ඇති උපවාසය හේතු කොට ගෙන මේ වනවිට දැඩි අර්බුදයකට කලමකාරිත්වය පත් වී ඇත.ජනාධිපති වරයා ඉතා දැඩිව සේවකයන් හට උපරිම සාධාරණය ඉටුකරන ලෙස පැවසීම තුලින් අන් කවරදාටත් වඩා මිට විරුද්ද සියල්ලෝ අන්ද මන්ද වී ඇත.එසේ සිදුවීමට විවිධ හේතු සාධක ඇත.එක්තරා වෘත්තීය සමිතියක නායකයෙකු තම facebook පිටුව තුල සේවකයන් පිලිබඳ ඉතා කණගාටුවෙන් කතා කොට ඇත.එහෙත් ඊට ප්‍රථම ඔහු මේ සේවකයන්හට ඉතා නින්දිත ලෙස බැන වැදී ඇත.මේ සියල්ල මේ ක්‍රියාත්මක වන යහපාලනය ගෙන ඒමට ක්‍රියා කල රාජිත සේනාරත්න ඇමති තුමාගේ මැදිහත් වීමයි.එතුමා කැබිනට් මණ්ඩලය අවසන් වීමෙන් පසුව ජනාධිපතිවරයා හට ඉතා දැඩිව කියා සිටියේ ඔබතුමාව මේ ආණ්ඩුව ගේන්න මේ අය කල කැපවීම මගේ ඇස් දෙකෙන් දැක්කා අපි හැමෝටම තැනක් තියෙනවා එත් සේවකයෝ තාම මහා පාරේ ,, එහිදී ජධිපතිවරයා මෙය කෙසේ හෝ කරන බවට සහතික වී ඇත.

එය එසේ සිදුවෙද්දී අද දින උසාවි නියෝගයක් ලබා ගැන එක්තරා ගුවන්විදුලි සේවාවක් විසින් 6.00 පුවත් විකාශයේදී විකාශය කරන ලදී.එහි සත්‍ය සොයා ගත් අප හට දැනගන්නට ලැබුනු පරිදි HCS ආයතනය මගින් කරනු ලැබූ බොරු ප්‍රචාරයක් බවයි. මිට ඉහතදීද අප කියා සිටියේ කිසිදු දිනයක සේවකයෙකුට විරුද්දව උසාවි නියෝග ලබා ගත නොහැක .අප සේවයට යන්නට කලින් උසාවියේ දී අත්සන් කර නොමැත,තවද සේවයෙන් ඉල්ලා අස්වීමේදී උසාවියට යන්නට උවමනා නොමැත.එමනිසා ඔබ කලබල වියයුතු නැත,

HCS විසින් කරන බොරු ප්‍රචාර කාගේ උවමනා වට බව දන්නා නිසා එය හිලිකිරීමට ප්‍රථම එහි පුර්ව දැන්වීමක් ප්‍රචාරය කරන ලදී.එහිදී අපට එය ප්‍රචාරය නොකරනලෙස ඉල්ලීමක් නිසා එය ඉවත් කරගන්නා ලදී.එහෙත් කිවයුතු වන්නේ HCS ආයතනය පවත්වා ගෙන යාමට උත්සහා කරන අයගේ නිවැරදි තොරතුරැ ලැබුනත් කල ඉල්ලීම් නිසා එය ප්‍රචාරය නොකිරීමට තීරණය කළෙමු.නැවතත් ඔවුන්ම මේ සදහා අනුමැතිය ලබා දුනහොත් එහි සත්‍ය ඔබට පැවසීමට අප සුදානම්.

HCS ආයතනය මගින් ඔවුන් වැටි ඇති උගුලෙන් බේරීමට මෙවැනි අසත්‍ය ප්‍රචාරය කරන බැවින් එවැනි දේ වලට නොරැවටෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

Monday, January 16, 2017

කැබිනට් මණ්ඩලය උණුසුම් කල කතාව මෙන්න .. හරින් ජනපතිට බොරු කියයි.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය රැස් වුයේ ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙනි.එහිදී ශ්‍රීලංකා ටෙලිකොම් manpower ප්‍රශ්නය ගැන සාකච්චාවට බදුන් වුයේ රාජිත සේනාරත්න ඇමති වරයාගේ මැදිහත් වීම මතය .එහිදී හරින් ඇමතිවරයා ජනාධිපති තුමා හමුවේ ප්‍රකාශ කල සිටියේ දැනට සිටින සේවකයනට සුදුසු කම් නොමැති බවයි.හරින් යනු දිවදෙකේ නයෙක් බව එහිදී ඔහු තමාගේ ඇත්ත රටට හෙළි කළේය.සේවකයන් සමග ඔහු සාකච්චා කරන විට ඔහු කියන්නේ ,, මල්ලිලා මන් දන්නවා වෙන්නේ අසාදාරනයක් මන් කොහොම හරි වැඩේ කරලා දෙනවා ,,
       ගරු ඇමතිතුමෝ ඔයා කොහොමද කියන්නේ මේ සේවකයන්ට සුදුසුකම් නැ කියලා නිකම් මෝඩ කතා කියන්න එපා ඔයා මෙයාලව සම්මුකපරික්ෂණයක් තිබ්බද .ඔයා එයාලගේ අධාපන සුදුසුකම් බැලුවේ කොහොමද ,ගරු මහත්තයෝ මේකට එනකොට NVQ 4 තිබ්බ අය ඉන්නවා network වලින්, A/C ,power වලින් උසස් පෙළ සමත් අය බහුතරයක් ඉන්නවා .ඔයා කොහොමද නොදැන මෙහෙම ජනාධිපති ඉදිරියේ බොරු කියන්නේ ,,ආ අමතක උනා ඔයාට ඕක වැඩිය ගානක් නැ.ඔයා ඔතන ඉන්නේ මහජනතාවට බොරු කියලා පත් වෙලානේ.ඔයා ඔයාගේ අමාත්‍යංශයේ තේරුම හොයපු කෙනෙක් ඉතින් ඔයා digital වචනේ තේරුම අහන්න ඔය පාරේ ඉන්න කොල්ලෙක්ගෙන් ,,ලැජ්ජයි.ඔයා අන්දන්න හදන්නේ රටේ අනාගතය .ඔයා දන්නවද කෝල් එකක් හැදෙන විදිහ නැ ඔයා දන්නේ නැ.මහත්තයෝ කොල්ලන්ගේ සුදුසුකම් බලන්න කලින් ඔයාට තියෙන සුදුසුකම් මොනවද මේ සම්බන්දව කියල බලන්න.දැන් කියයි ලොක්කා දුන්න නිසා ගත්තා කියලා ...අන්න එක තමයි අපිටත් ඕනි .ඔය සේවකයෝ manpower එක හරහා බදවා ගන්නකොට සුදුසු කම් බලලා නෙමෙයිද අරගෙන තියෙන්නේ .හරි අපි හිතමු එක manpower එකට වැඩක් නැ කියලා .එතකොට ඔය ටෙලිකොම් එකේ ඉන්න ගොන් රැල තමන්ගේ ආයතනයට අපු සේවකයන්ගේ සුදුසු කම් බැලුවේ නැද්ද.? ඇයි එයාලට SLT සේවා අංකයක් දුන්නේ එයාලට බඩු දුන්නේ ඇයි? අන්න ඒවා හොයා ගන්න ..දැන් කියයි දේශපාලන පත්වීම් කියලා ඔව් දුන්නා එහෙම අය ඉන්නාව හැබැයි මේ අරගලයට එයාලා එන්නේ නැ මොකද එයාලා අවේ දේශපාලනයෙන් ඉතින් මේ අය හිතාගෙන ඉන්නේ පාරේ ඉන්න කොල්ලන්ගේ පිහිටෙන් ඇතුලට යන්න. ඔතන මහත්තයෝ බොක්කෙන් කරන අය ඉන්නේ 700 විතර එයාලව ගන්න එයාලට manpower හරහා ටෙලිකොම් එකට ගත්ත සුදුසුකම් බලලා ගන්න.තව එකක් ඔයා හිතාගෙන ඉන්නේ ඔයා අර 17500 ස්ථිර කරපු ගොන්නු ටිකට සුදුසු කම් තියෙනවද කියලද ඔයා එයාලගේ විස්තර හොයලා බලන්න එතකොටවත් ඔයාගේ ගැලවිචච රෙද්ද ඇඳ ගන්න පුළුවන් ..

කම්කරු ඇමති කියනවා අපිව ගත්තම පාඩුයි කියලා එයා එහෙම කියන්නේ කොහොමද ? එතකොට සේවකයෝ ගත්තම ටෙලිකොම් එක වැටෙනවා ..ඒ කියන්නේ මේ ගොල්ලෝ ටෙලිකොම් එකේ වැඩ කරලා තියෙන්නේ නිකන් පඩි ගන්නැතුව එකනේ ඇතුලට ගත්තම පාඩු කියන්නේ.මහත්තයෝ ඔයා කතා කරන්නෙත් දිව දෙකෙන්ද ? ඔයා කම්කරු ඇමති විදිහට මාධ්‍යට කියනවා manpower ක්‍රමය මේ සමාජයට ගැලපෙන්නේ නැ කියල ඒ කියලා ඔයා දෙනවා නිර්දේශයක් manpower සේවකයන් ඇතුලට ගන්න කියලා ..දැන් කැබිනට් එකේ කියනවා පාඩුයි කියලා ,, ඔයාටත් අත යටින් ගානක් දානවද?අපි හිතන්නේ නැ ඔයා කරන්න ඕනි කම්කරු ඇමති විදිහට මේ සේවකයන්ගේ ගැටලුව ගැන ටෙලිකොම් ආයතනයේ බඩු වාහන අරගෙන දෙවිදිහකට සලකන එක ගැන ඔබතුමාට කම්කරු ඇමති විදිහට වැඩක් නැද්ද?

ඔයාලට ඕනි මිනිස්සුන්ට මොනවහරි බොරුවක් කියලා ඊලග වතාවෙත් චන්දය ගන්න විතරයි..අපි මුළු හදවතින්ම ස්තුති වෙනවා රාජිත ඇමති තුමාට එතුමා දන්නවා ඔය යහපාලනය ගෙන්න මේ සේවකයෝ කල කැපවීම එතුමා විතරයි මාධ්‍ය ,කැබිනට් මේ හැමතැනම කතා කරන්නේ .අපිට දේශපාලන පක්ෂ වැඩක් නැ හැබයි රාජිත ඇමති තුමනි ඔයා සේවකයන්ට සාධාරණයක් ඉටුකළහොත් අපි ඔයාට මොන දේ උනත් කොන්දේසි විරහිතව ඔයාව බලයට ගන්න අකුරු වලින් ලොකු සටනක් දෙනවා නියතයි..

සේවකයිනි ඔබට ජය....

Thursday, January 12, 2017

හෝරා කිහිපයකින් අවසන් තීන්දුවට ...........

හෙට දිනට පුරා දින 19 එක දිගට කල කැපවීම මල් පල ගැන්වෙන තීන්දුවට තව ඇත්තේ හෝරාව කිහිපයක් පමණි.අව් වැසි දුහුවිලි නොතකමින් කල අරගලයට අපගේ ස්තුතිය පුද කරන අතර අප ඇමතු ඔවුන් විශේෂ පුවතක් පල කරන මෙන් ඉල්ලා සිටි අතර එය පහත දැක්වේ.

මෙහි නොපමිනෙනේ හා එදිනට විස්තර පුරවා ලබා දෙන අය මුලික වටයේ ස්ථිර සේවකයන් ලෙස ආයතනයට බදවා ගන්න බව දන්වා සිටි .මන්ද අනෙක් සේවකයන්ගේ විස්තර ටෙලිකොම් එක තුල ඇති නිසා එය HR එක මගින් ලබා දුනහොත් පමණක් පළමු කණ්ඩායමට ඇතුලත් විය හැක. එන නිසා සිකුරාදා දින උදැසන පැමිණ සියලු විස්තර ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටි.

Monday, January 9, 2017

ටෙලිකොම් මාතාව මහා දවල් මහා මග දුෂණය කරයි...



ශ්‍රී ලංකා ටෙලිකොම් මාතාව යටතේ සේවය කරන manpower සේවකයන්ගේ ප්‍රශ්නය ජයක්ග්‍රහනය ලැබෙන්න ඔන්න මෙන්න තියා ටෙලිකොම් මාතාව විකුණගෙන කෑමට විරෝධය පා ටෙලිකොම් ස්ථිර සේවක පිරිසක් හා කොන්දේසි විරහිතව ඔව්නට සහය දීමට තීරණය කල manpower සේවකයන් මේ පිළිබද කතා කරන්නේ ඇස් වලට එන කදුළු බින්දු පිස දා ගෙනය .

අපි කතා කරන විදිහට මේක කියන්නම්.ඔයාලා අපි දන්නවා ආයතනයට කොච්චර ආදරෙයිද කියලා ,එහෙම අයට තමයි මේකේ දුක තේරෙන්නේ 2008 ඉදලා manpower ඔයාලගෙන් කොච්චර මුදලක් මේ ලොක්කෝ ගසා කාලද? හිතා ගන්න බැ , ඇමති තුමා එක්ක සාකච්චා වට ගණනාවක් තිබුන බව ඔයාලා දන්නවා අපිත් කිව්වා මතකද ඒ ගොල්ලෝ ලියකියවිලි වගයක් එවලා තිබුනා කියලා අන්න එකේ තියෙනවා ඔයාලට රු 41000 මුලික වැටුපක් ගෙවනවා කියලා ඔයාලට දැන් දෙන වැටුපෙන් මේක අඩු කරලා 2100 වැඩි කරලා බලන්න මුන් කොච්චර ගානක් ගසා කාලා තියෙනවද කියලා 10000*2100=21000000 කොහොමද ගාන.අන්න ඒ නිසා තමයි ඔයාලා අරගල කරන්නේ ටෙලිකොම් මාතාවගේ රුදිරය වෙන උන් උරා බොනවට විරුද්දව.ඔයාලගෙන් ගසා කාපු මුදල් වලින් හෝටලයක් සඳහා ණය ගෙවන,කොටස් වෙළද පොලට ආයෝජනය කරන ,සූදු කෙලින ,වෙන ආයතනයකට ආයෝජනය කරන්න යොදා ගත්තා කියලා ...

ඒ දේවල් එක්ක පහුගිය මාස වල OT එක කැපුවා මතකද ? ඒ ඒගොල්ලන්ගේ මාසයකට එන ගාන අඩු වෙනවට මෙයාලා කැමති නැ අන්න ඒ නිසා .ලංකා බැංකුවෙන් රු. කෝටි ගණක ණයක් අරන් තියෙන්නේ රු බිලියන ගණන් ලාබ ලබපු ආයතනයක් .එකයි අපි කියන්නේ එලි පිට ටෙලිකොම් මාතාව දුෂණය කරන්නේ මේ පාදඩ නිලධාරීන් කියලා.

තවත් කරන මරු සෙල්ලමක් ගැන කියන්නම් ඒ තමයි ඔයාලා කැගහන outsource  කියලා එක කලින් තිබුනේ new connection ඉට පස්සේ maintain තේරෙන විදිහට කිව්වොත් OPMC වැඩ දැන් කරන්න කලින් කියන්නම් මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා .කාලෙකට කලින් මතකද ලස්සනට ඇද ගත්ත මහත්තයෙක් OFFICE වලට ඇවිත් අපට වඩා ආයතනයක් ඉස්සරහට එන්න හදනවා එක අපි නවත්වන්න ඕනි ,,මතකද කෙනාව අන්න එයා දැන් දෙන්න හදන්නේ TELESHOP ටික එයාගේ ආයතනයක යටතට ගන්න කොහොමද වැඩේ.හිතන්න එයා කොච්චර මුදලක් එයින් ලබා ගන්න හදනවද කියලා .

තව තියෙනවා huawei  ටෙන්ඩර් එක ZTE එකට දුන්න එක , CABLE නැව .තව තියෙනවා ,,දවස් 15 තිස්සේ මේ අම්මාගේ දරුවෝ ටික පාරේ තියලා උන්ගේ ඉවසීම බැලුවේ ටෙලිකොම් මාතාව පාරේ මිනිස්සු ඉස්සරහ නිරුවත් කරලා මේකට වග කියන්න ඕනි GCEO හා සභාපති එයාලා නම්බු පිට මේකෙන් අයින් වෙලා පුළුවන් කෙනෙක්ට මේක බාර දෙන්න ඕනි .රු බිලියන ගානක් අදායම තිබුණු ටෙලිකොම් මාතාව මහා පාරේ නිරුවත් කරලා දුෂණය කලේ මෙන්න මේ විදිහට...

හැබැයි මේකට සුපිරි කියාගන්න වෘතිය සමිති නායකයෝ ඒ ගොල්ලන් රට යනවා වාහන ගන්නවා ඒ ගොල්ලොත් මේකෙන් ගොඩ යනවා ,හිතන්න අපේ පරණ සේවක මහත්වරු ටික ඔයලා ආයතනය මෙතනට ගන්න මාර කැපවීමක් කරා එක ඔයාලගේ දරුවන්ට ඉතිරි කරලා දෙන්න පොඩි හරි සහයෝගයක් දෙන්න.

මේවා FCID එකට දුන්නනම් ඉවරයි දැනට එක්කෙනෙක් ඇතුලේ ඉන්නවනේ අන්න ඒ විදිහට තමයි කරන්න ඕනි.ඒ සදහා විරෝධය පාන සියලුම ටෙලිකොම් සේවකයන්ට අපගේ ස්තුතිය හා ආචාරය මෙයින් පුද කරන්නේ වසර 100 ගණනක් පැරණි ටෙලිකොම් මාතාව රැක ගෙන මතු අනාගත පරපුරට දායාද කරන මෙන් ඉල්ලා සිටිමි...

Saturday, January 7, 2017

HCS ජිම්පප්පා ද නීතිය නවන්නට සැරසෙයි....


ඉහත ලිපියට අත්සන් කල පුද්ගලයා තමයි මේ ඉන්නේ ,ලිපිමගින් හා sms මගින් සේවකයන්ට තර්ජනය කල නොහැකි බව ඔබ දන්නේ නැද්ද? සේවක අරගලයකට වැඩට එන්න කියා උසාවි නියෝග ගන්න උන රටක් හා ආයතනය ශ්‍රිලංකාවේ HCS ආයතනය වාර්තා පොත් අතරට එකතු වී ඇත.

වැඩට එන්න කියා  සේවකයන් උසාවියේ නාමයෙන් බය කිරීම අපි ඉතා දැඩි සේ හෙලා දකින අතර මෙය නිතිය හැල්ලුවට ලක් කිරීමක් හා උසාවියට කරන ලද අපහාසයක් බවද කියා සිටින්නේ ඉතා පිළිකුල් සහා තවය .පෙනුමෙන් පරිනත පුද්ගලයෙකු බව පෙනුනත් කරපු හා කල මෝඩ වැඩ නිසා සිංහල කියමනක් වන වයසට වඩා ගොන් කම වැඩි කතාව ඔබ තුමාට යසට ගැලපෙනවා යන්න මෙයින් ඉතා මනා ලෙස පැහැදිලි වේ.

අප සොයාගත් කරුණු අනුව මේ ලියුම සකස් කිරීමට ඔබලා ගත් තීරණයේදී ඔබතුමාද සාකච්චා මේසයේදී සිට ඇත.ලිපිය සකස් කොට ලිපියට අත්සන් කොට එයට වලංගු භාවය ලබා දෙන සීල් එක තබා නැත්තේ මන්ද.එක සේවකයන් බය ගන්විට මිස වෙනයම් කරුණකට නොවනබව ඉතා පැහැදිලිය .ඔබ ආයතනය මගින් අධිකරණ නියෝගයක් ලබා ගත්තේනම් එහි පිටපතක්ද සේවකයන්ට ලැබෙන ලෙස හෝ පුවත්පතක ප්‍රසිද්ද කල යුතුය.

අප අරගලයේ යෙදී සිටින සේවකයන් හට ඉතා දැඩිව කියා සිටින්නේ ඔබ SLT ආයතන වෙනුවෙන් කරන සේවයට අදාළ මුදල් එම ආයතනයෙන් ලබා ගෙන ඔබටත් වඩා වැටුපකට මොවුන් හිමිකම් කියන්නේ ඔබේ මුදල් වලින් මොවුන් වැටුප් ගන්නා නිසාය.sms හෝ කිසිදු නීතිමය වලංගු තාවයක් නැති ලියකියවිල්ලකට බය නොවන ලෙස ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙය සිදු කරනම් උසාවි නියෝගය ප්‍රසිද්ද කල යුතුය.

එසේ නොමැති නම් අප දැඩිව කියා සිටින්නේ නිතිය කරන බලධාරයෙනි නීතියට හා උසාවියට අපහස කරන්නේ අයිතිය වෙනුවෙන් පාරට ආ සේවකයන් නොව ඔවුන්ගේ කරමතින් දිව්‍ය සැප සම්පත් සොයන මෙවෙනි අඳබලයන් නිසා ඔවුනට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

අලුත් මානව සම්පත් කලමනාකර තුමාට..

යහපාලනය යමපාලනයක් කරන ටෙලිකොම් ලොක්කෝ...







සේවකයන් දින 13 ගෙන යන අරගලය මේ වන විට සමාජ ප්‍රබල ප්‍රශනයක් බවට පත් වී ඇතත් රට කරවන පාලකයන් මේ පිළිබඳ අවදානය යොමු නොකරන්නේ ටෙලිකොම් ආයතනයේ අයිති කාරයා ලෙස සිතා සිටින ජනපති සොයුරු නිසාය.එක්තරා ඇමති වරයෙකු කියා සිටියේ , අපි දන්නවා ප්‍රශනේ ගැන එත් ඕවට අපිට කතා කරන්න බැ.විෂය භාර ඇමති ඉන්නවනේ එයාටනම් පොඩි ශේප් එකක් තියෙනවා අපි කතා කරොත් අපි ඉවරයි ,,අනික ලොක්කගේ මල්ලි ඔකේ ඉන්නේ හරින්ටත් ඕකට 100% මැදිහත් වෙන්නේ නැ.මිනිහත් බයයි.අපි කියලා නැ media වලට ඕක දෙන්න එපා කියල ඕක ඔයාලගේ company එක තමයි කියන්නේත්තේ.

අපි කියපු දේ ඇත්ත කියල හැමෝටම තේරෙනවා ඇති.රු.කෝටි ගණන් ගසා කන SLT එක ගැන එක දුරකථන ඇමතුමක් මගින් මේ හැම ප්‍රශ්නයක්ම විසදන්න පුළුවන් කම තියෙනවා.ලොතරැයි නියෝගිතයන්ට ජනාදිපති එන්න කියලා ඒ සුදු කෙලින අයට සුදු කෙලින්න ඉඩ දෙන්න ,හරි එකත් කමක් නැ .රටේ ප්‍රධාන සන්නිවේදන සහකරුවා එයාගේ සේවකයන් එළියේ ඉල්ලන්නේ රැකියා ස්තිර භාවය ,දුෂණ වංචා නවත්වන්න කියලා ඇයි ඕක රටේ ප්‍රධාන පුර වැසියා මගරින්නේ මල්ලිට බය නිසාද නැත්තම් එයට හම්බ කර ගන්න පොඩි ඉඩක් දෙන්න ඕනි නිසාද? අනේ මන්ද රජයට 52% තියෙන ආයතනයේ 45% +3% කැමති නම් ඉතුරු 52% මුළු අයිතිය තියෙන්නේ සමස්ත සේවකයන් ගෙන් ලොක්කන්ට විතරද ?

රාජපක්ෂ රජය පෙරලා යහපාලනයක් ගෙන්න මේ සේවකයන් කල කැපවීම ඔබතුමාට මතක නැතුව ඇති ,ඔබ තුමා ගමෙන් ආ ගැමියෙක් උනත් ඔය ලොකු පුටුවල තියෙන ප්‍රධාන ගැටලුව තමයි මුල අමතක වීම එක දැන් ඔබතුමාටත් වෙලා එකෙන් වෙලා තියෙන්නේ යහපාලනය යමපලනයක් උන එක විතරයි.ලෝකයටම කියනවා යහපාලනය ගැන එත් කියන්න ලැජ්ජයි SLT සේවකයන්ට ඔබතුමාගේ මල්ලි හා GCEO නිසා යනඑනමන් නැතිවෙලා .

අපි දන්නවා මේ හැම ලිපියක්ම කිසියම් පිරිසක් කියවනවා කියලා .තොරතුරු හොයනවා කියලත් දන්නවා එක ගැටළුවක් නැ.එත් ඉල්ලන එකම ඉල්ලීම සේවකයන්ගේ සේවා ස්ථිර කර රටේ සියලු ගැටළු විසදා කතිරයට වඩා රට ගැන සිතා යහපාලනය මුළු රටේම ඇති කරන ලෙසය..

Wednesday, January 4, 2017

ජනවාරි 8 කලින් සේවකයන්හට කුමක් වෙයිද?



සේවකයන් තවමත් පාරේ උපවාසය කරද්දිදී ඊයේ තිබුණු සකච්චවල අරුත කුමක්දැයි සියලු දෙනාට වැටහී ඇතැයි අප විස්වාස කරමු.මන්ද 2015 ජනවාරි 8 යහපාලනයක් වෙනුවෙන් තිබු රාජපක්ෂ ආණ්ඩුව යාවා මෙම ආණ්ඩුව බලයට පත් වී අවුරුදු 2 සපිරෙන 8 වෙනිදා කිසිදු උද්ගෝෂණයක් , වැඩ වර්ජන නොතිබිය යුතුබවට ඉහල නියෝගයක් ලැබී ඇති බැවිනි.

හරින් ඇමතිතුමා ඊයේ දිනයේදී පමණක් ඉතා දීර්ඝ  සාකච්චා වට 2 ක් ලබා දී තවමත් ක්‍රම වේදය ගැන කතා කර ඇති බව ඔබ සියලු දෙන දන්නවා ඇතයි අප විශ්වාස කරමු.යහපාලන අවුරුදු 2 පැවති අතර සේවක අරගල කිහිපයක් ද පැවති බව සැම දන්නා කරුණකි.දවස් 730 තිස්සේ නොකළ දේ ඇමති මේ හදිසියේ කරන්නේ මන්ද?මේ අවුරුදු 2 ම සේවකයන් රවට්ටු බව ඇමති නොකියා කියන්නේ එයයි.කම්කරු ඇමති නිර්දේශය ලබා දී මෙපමණ කාලයක් බොරු කල ඇමති ඊයේ තිබු සාකච්චා සදහා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන නිලධාරීන් සම්බන්ද නොකර ගත්තේ මන්ද?ඒ සදහා ඒ අයගේ යෝජනා ඇතුලත් ලියකියවිලි පමණක් ඉදිරිපත් කලේ ඇමතිට වඩා ඉහලින් ටෙලිකොම් එකේ ප්‍රදනින් ඉන්නවා බව නැවතත් තහවුරු කරමින්ය.ඇමතිට වඩා ඉහලින් ටෙලිකොම් සභාපති සිටින බව මුළු ලංකාවම දන්නා කරුණකි.එහෙත් GCEO කගේ උවමනාවක් ඉටුකරන්නේද යන්න යහපාලනය විසින්ම සොයා ගත යුතු කරුණකි.

අදට දින 10 තිස්සේ ප්‍රධාන අග නගරයේ කරන උපවාසය ජනාදිපති තුමා නොදන්නවානම් එක්කෝ ඔහු රට ගැන හිතන්නේ කොහොමදැයි සිතා ගත හැකිය,ඔහු මේ බව දන්නවා .. මන්ද 8 වෙනිදා තම යහපාලන පදවි ප්‍රප්තිය යෙදී තිබෙන නිසා කෙසේ හෝ රටේ කිසිම ප්‍රශ්න නොමැති බව වැසියාට ඒත්තු ගැන්වීමට කරන රඟ පෑමකි.එහෙත් අප කෙලින්ම කියා සිටින්නේ වෙනදා මෙන් කිසිදු ලිය විල්ලකට අප නැවත හසු නොවන බවයි, අප මෙතැනින් ඉවත් වෙන්නේ අපේ අතට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පතිවීමේ ලියුම ලැබූ දා සිට බව සේවකයන් එක හඬින් කියා සිටි,මේ සඳහා යෝජනාවක් ලෙසට අප කියා සිටින්නේ තාවකාලිකව හෝ පත්වීමේ ලිපියක් වත් සේවකයන් අතට පත් කරන ලෙසය..

රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යාමට සිදුවුයේ රටේ ජනතාවට අනුව සහෝදරයන් නිසාය.මෙවර යහපාලන ජනාධි පති ගෙදර යවන්නේද අයෙ නොයෙන්නටම සහෝදරයා සිටින්න රටේ ලොකුම දුෂණ වංචා සිදුවන ටෙලිකොම් ආයතනයට ඔබ තුමා ඍජු මැදිහත් වීමක් නොකරන නිසාය.

ජනාධිපති තුමනි මේ ඔබේ නැවත අවදානය පිණිසයි....

Monday, January 2, 2017

manpower සේවකයන් ලෝටස් පාරේ අවුරුද්ද සමරයි......


    දින ගානක් තිස්සේ මහා පාරේ නොකා නොබී අරගලයක නියෙලෙද්දී කිසිදු නිලධාරියෙකු රට කරවන පාලකයෙකුගේ ඇස නොගසුනේ මන්ද?තම සේවය ස්ථිර කරදෙන ලෙස ඉල්ලා දැනට දින 8 උපවාසයක් ආරම්භ කර ඇති manpower සේවකයන් 2017 අලුත් අවුරුද්දද සැමරුවේ ලෝටස් මාර්ගයේය.දින ගණනක් දහස් ගණනක් ජනී ජනයා බලාගෙන යද්දී අද ඔවුන් තම දෙමාපියන් දු දරුවන් සමග මහා පාරේ කිරිබත් කෑවේ මෙරට සුවහසක් ජනයට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. මන්ද රටේ ප්‍රධාන පුරවැසිය වන ජනාධිපතිගේද අවදානය මේ සදහා නොලැබුණු වටපිටාවකය .එහෙයින් දු දරුවන් සමග කිරිබත් කා එකිනෙකට සුබ පතා ගනිද්දී අවට සිටි මිනිසුන් යහපලනට සාප කලේ නෙතට නැගුනු කදුළු බිංදු පිස දමමින්ය.

දින ගණනාවක් පුරා ඇදුනු මෙම අරගලය දෙස ජඩ මාධ්‍ය නොබැලුවේ ටෙලිකොම් ආයතනයේ PEO TV හා වෙළද ප්‍රචාරණ ප්‍රධානින්ගේ  නියෝග මතය .tv channle වලට ලබා දෙන වෙළද ප්‍රචාරණ අත්හිටුවන බවට තර්ජනය කරමින් ඒ සදහා මොවුන් කොන්දේසි පත්‍රයක්ද අත්සන් කර ගනිමිනි.නැතහොත් ගමක අදෝ වාතයක් පිටවුනත් දවසට දෙපාරක්වත් පෙන්වන මාධ්‍ය මේ සදහා කිසිදු උනන්දුවක් ලබා නොදීමට තරම් කටයුතු කලේ නිදහස් මාධ්‍ය පිළිබධ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.

එන්රික් නමැති ගයකයට තන පටයකින් ගැසූ පුවත අසා අපේ ජනාධිපති තුමා කුලප්පු වූ හැටි අපට තාම හොදට මතකය .රටේ ප්‍රධාන පරශ්න වලට එතුමා පියවර ගන්නේ නැති තරම්ය.ටෙලිකොම් manpower ගැටලුව ,විල්පත්තු ගැටලුව මෙරට බරපතලම ගැටළු උවත් එතුමාට කිසි ගානක් නොමැති තරම්ය.රටේ ජීවනාලිය බදු ටෙලිකොම් අරගලය එතුමා නොදෙන සිටීම සිතා ගත නොහැක්කේ එතුමාගේ සහෝදරයා ආයතනයේ සභාපති දුරය දරන නිසාය.

රුපියල් කෝටි ගණනින් දුෂණ වංචා සිදුවන විට ,ආයතනෙයේ සේවකයන් අරගල කරන විට ඔවුන් නොදැන සිටීමට හේතුවක් නොමැත.අප කියා සිටින්නේ ඔබතුමාට ඍජු තීරණයක් ගත හැකි අවස්ථාවක එසේ නොකර සිටින්නේ මන්ද?

සේවකයන් කියා සිටින්නේ ස්තිර පිළිතුරක් ලැබෙන තුරු අරගලය ක්‍රියාත්මක කරන බවයි.එසේ තිබියදී විෂය භාර ඇමති තවත් උගුලක් අටවමින් සිටින්නේ දැයි අපට සිතෙන්නේ GCEO සමග හොර රහසේ කතාකොට හෙට දින සාකච්චාවක් ලබා දීමට තීරණ කල නිසාය.අප කියා සිටින්නේ ස්ථිර විසදුමක් ලැබෙන තුරු අපද ම පිළිබධ අවදානයෙන් සිටින බවය.

ජනාධිපති තුමනි. අගමැති තුමනි ,විෂය භාර ඇමති තුමනි ,මේ ඔබේ අවධානය පිණිසයි...

Comments System

Disqus Shortname