Tuesday, March 21, 2017

මෙන්න හොරකම්,, පළාත් ප්‍රධානියෝ ටෙලිකොම් උලා කයි.






ආයතනය තුල වැඩවර්ජනය හේතු කොට ගෙන ඉතා දැඩි අපහසු තත්වයකට පත් වී ඇත.එම නිසා කොන්ත්‍රාත් සමාගම් හරහා ඉතා විශාල ලෙස මුදල් ගෙවා කිසිදු වගකීමකින් තොර සේවාවක් ලබා දී ඇති ටෙලිකොම් පාලන අධිකාරියට හා පළාත් ලොක්කන්ට මෙය ඉල්ලමක් පැදුන සේය.මන්ද තම පාරිභෝගිකයන්ට සේවාව ලබා දීමට මේ වනවිටත් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැන ඇත.එයින් එක කණ්ඩායමකට වැය කරන මුදල රු 9000 .එක් බාහිර නඩත්තු අංශයක එවෙනි කණ්ඩායම් 10 සිට 20 දක්වා සේවය කරයි.එවිට ආයතනයට වැයවන මුදල ????

එමගින් පළාත් ප්‍රධානීන්ට ලැබෙන කොමිස් මුදල ???? රු 6000 පමණ .

luminex හා මුදලිගේ වැනි ආයතන කාගේද?  විශ්‍රාම ගිය ලොක්කන්ගේ නොවේද??

පානදුර ප්‍රදේශය භාර පළාත් සමනය අධිකාරී වරයා manpower කාලකන්නි අයේ වැඩට ගන්න එපා කිවේ ලැබෙන කොමිස් මුදල ඔහුට නොලැබෙන නිසාද?? 

ගරු ජනාධිපති තුමනි ,අගමැති තුමනි හා වගකිවයුතු පාර්ශව කරුවනි මේ ඔබේ අවධානය පිණිසයි..



එක් කොන්ත්‍රාත් කණ්ඩායමකට  = 9000
සාමාජිකයන් දෙදෙනාට              = 2000
ත්‍රිවිලරයට  හා ඉන්දන                =  800

ඉතිරි මුදල කොන්ත්‍රාත් ආයතනයට= 2000                 

9000 -2000-800-2000= 4200 

4200 පළාත් ලොක්කෝ ගසා කයි ,සේවකයන් නැවත සේවයට වාර්තා කළහොත් ලැබෙන කොමිස් මුදල නැති වී යන නිසා සේවකයන් හට කරන තර්ජන ඉතා පිළිකුලෙන් යුතුව හෙළ දකිමු.
           

W.D.J සමග හරින් ටෙලිකොම් එකට විරුද්දව කඩුව මුවහත් කරයි....



   දින 85 පුරා උපවාසයේ යෙදී සිටින සේවකයන් හා මාරාන්තික උපවාසයේ යෙදී සිටින සේවකයන් දෙදෙනා තවමත් ලෝටස් පාරේ අරගලයේ යෙදී සිටි.එහෙත් ටෙලිකොම් ප්‍රධානීන්ට හා රටේ ප්‍රධානීන්ට මේ ගැටලුව තවමත් විසදීමට කිසිදු උත්සහයක් නොගන්නා අතර කම්කරු ඇමති කම්කරු නිතිය අනුව මේ ගැටලුව විසදීමට තීරණය කරන ලද්දේ ටෙලිකොම් සභාපති දේශද්‍රෝහියෙකු ලෙස හා මෝඩයෙකු ලෙස රටට හුවා දක්වමිනි.මන්ද සභාපති ගේ උගත් කම නමට කලින් ඇති අකුරුවලින් පෙන්නුම් කරත් ඒවාද සල්ලි දී ලබා ගත් පට්ටම් බව මේ වනවිට හෙළිදරවු වී ඇත.ඒ නිසා දෝ ඔහු හා අයියා නිසා සිදුවන ආර්ථික බලපෑම තේරුම් ගැනීමට තරම් මොලයක් නොමැති වීම රටේ මෙන්ම ආයතනයේ  අවාසනාවකි.


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොටස් වෙළද පොළ තුල ක්‍රියාත්මක වන ආයතනයකට නඩු හෝ නීතිමය ගැටළු තිබිය නොහැක.එහෙත් ප්‍රශ්න මග හැර ජනපති අයියා සමග කටත් හොරා කරන විවිධ සාකච්චා නිසා කම්කරු ඇමති කම්කරු නිතිය ක්‍රියාමක කරන්නේ ඔහුටද කර කියා ගන්නට නොහැකි නිසාය.එහෙත් රට ගැන සිතීමට තරම් මොලයක් තිබුන හෙයින් සති කිහිපයක් ටෙලිකොම් පාලන අධිකාරියට කාලය ලබා දී තිබුනත් ඔවුන් ප්‍රශ්න මග හරිම නිසා බේරුම් කරණය වෙත යොමු වී ඇත.එය අද හෝ හෙට දිනයේ ක්‍රියාත්මක කොට ගැටලුව විසදීමට නියමිත ව ඇත.

මේ අතර හරින් ඇමති මේ සතියේ ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇමති වූ තමාට වඩා ටෙලිකොම් සභාපතිට හා විධායක නිලධාරියට ඇති බැවින් ඉතා ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වී ඇති බවය.එහෙත් අමාත්‍යංශ ආරංචි මාර්ග අනුව සේවකයන් 1000 ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකසා ඇති අතර එය ඇත්තේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීම පමණකි .එහිදී සිකුරාදා වනවිට මේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වීමට නියමිත වුවත් තම මලයාගේ ආයතනයේ ප්‍රශ්න වලට මැදිහත් වීමක් ජනපති සිදු කළහොත් එය ගගට කැපු ඉනි මෙන් කිසිදු වැඩක් නොවන්නේය.එහෙත් හරින් ගේ ක්‍රියාවලිය කල් ගත වී හෝ ඔහුට අවබෝධ වීම ගැන අපට ඇත්තේ සියුම් සතුටකි.එහෙත් ජනපති සොහොයුරාට එරෙහිව මැදිහත් නොවී ඉතා බියගුළු ලෙස පසුබෑම ගැන රටේ ජනතාවට ඇත්තේ ඔහු ගැන ඇත්තේ ඉතා අප්‍රසන්න චින්තනයකි.

රටේ ජනපති හා අගමැති ගැන මුළු මහත් ජනතාවට ඇත්තේ අප්‍රසන්න හැගීමකි.මන්ද එන්රික් ගේ තන පට හුටපටය පෙනුන ඔහුට විල්පත්තුව .මාලබේ ,manpower ගැන කතා නොකිරීම ඔහු ගැන හා මේ ආණ්ඩුව ගැන සිතීමට කාලය එලබ ඇත,.

කෙසේ හෝ දින 86 කල වාර්තා ගත උසාවි නියෝග වලින් අවරණය වූ විවිධ බලපෑම් හමුවේ කල අරගලය නිමාවට පත්ව කොන්ද කෙලින් තබාගෙන නැවත සේවයට යා හැකි වේවා යැයි අපගේ ප්‍රාර්ථනයයි..

Friday, March 17, 2017

මාරාන්තික උපවාසයත් සමග W.D.J සටන අතට ගනී.. ටෙලිකොම් ලොක්කෝ බයේ සිසිකඩ හැන්ගෙයි...



දින 81 පුරා කරන අරගලයට ටෙලිකොම් සේවකයන් තම ශක්තිය උපරිමයෙන් යොදා ඇත.ඒ සඳහා හොදම උදාහරණය වන්නේ සේවකයන් දෙදෙනෙකු ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයයි.එය මෙතෙක් කිසිදු මධ්‍යක ප්‍රචාරය නොවුනත් මේ මැරෙන්නට යන්නේ රටේ පුරවැසියන් දෙදෙනෙකු බව මෙරට ජඩ මාධ්‍යට හා හොර දේශපාලුවන්ට නොපෙනීම මෙවෙනි පවුකාර රටක ඉපදීමට තරම් අප කරුමයක් කල නිසාය.ලෝකයෙන් උතුම් රට කියා උදම් අනන මේ පෙරේත දේශපාලුවෝ රටේ ප්‍රධාන ආගම පවා විකුණන තත්වයකට පත්ව සිටි.මේ කිසිදු ප්‍රශනයක් මෙරට ප්‍රධානින් වන ජනපති හා අගමැති හට නොපෙනීම සිතා ගත නොහැකිය.තම මල්ලි ටෙලිකොම් සභාපති කරවූ ජනපති ඇටිකෙහෙල් කැ උගුඩුවේකු ලෙස සිටින්නේ යහපාලනය නමැති කිරි කාලයට ගොම බින්දුවක් නොව ගොම තැඹි එක්කරමිනි.

පසු ගිය සතිය පුරා හා මේ සතිය පුරා ටෙලිකොම් පාලන අධිකාරිය සමග පැවැත්වූ සාකච්චා ඉතා සාර්ථක මට්ටමකට ගෙන ඒමට දෙපාර්ශවයම එකග විය හැකි කරුණු ඉදිරිපත් කර අවබෝධතා ගිවිසුම සකස් කර තිබියදී සභාපති හා පාලන අධිකාරිය මග හරින්නේ මේ ගැටලුව තව තවත් අගාදයට ඇද දමමින්ය.රටේ කම්කරු ඇමති කාලය ලබාදෙමින් සිටියදී සභාපතිවරයා හොරිකඩ අනුර පෙරේරා සමග නටන නාඩගම තම අයියගේ හයිය පෙන්වීමට බව පෙනේ .මන්ද අවසන් අත්සන් කිරීමට ඇමති වරයා පාව මගහරින්නේ එම නිසාය.
පාලන අධිකාරිය හා කම්කරු ඇමති හා සකසා ඇති ගිවිසුම අවම ගිවිසුමකි.කොටස් කිහිපයක් ලෙස අන්තර්ග්‍රහණය කොට ඔවුන් සුදුසු වැටුප් තලයක් පිහිටුවා මේ ප්‍රශ්නය සමතයකට පත් කිරීම මෙහි මුලික පරමාර්ථයයි .එහෙත් පාලනාධිකාරිය මෙය තවදුරටත් කර අරින්නේනෙම් මේ ප්‍රශ්නය සමතයකට පත් කිරීමට නීතිමය තත්වයක් පවතී ඒ සඳහා කම්කරු ඇමති වරයා ඊයේ සිට කටයුතු කර ඇති අතර ඒ සඳහා ඔහු ලබන සදුදා 12 දක්වා කල් ලබා දී තිබේ.ඒ රජයට කොටස් හිමි ආයතනයකට කම්කරු පනත් යටතේ නීතිමය කටයුතු කළහොත් කොටස් වෙළඳ පොලෙහි කොටස් විකිනෙන ආයතන වල විශාල කඩා වැටීමක් සිදුවිය හැකි බැවිනි.එය සිදුවුවහොත් රජයට සිදුවන්නේ ලොකු පාඩුවකි එම නිසා ඇමති වරයා සදුදා 12 දක්වා කල් ලබා දී ඇත,එහෙත් මාරාන්තික උපවාසයක් කරන සේවකයන් දෙදෙනාට කුමක් සිදුවීද යන්න අපට කිව නොහැක.පසු ගිය අවුරුද්දේ කුළුණක් මතට නැගී 2100 කගේ බර කරට ගත්තා මෙන් දැන් මොවුන් දෙදෙනා මේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලී සිටියදී පවා සමහර සේවකයන් සේවයට යන්නේ තම ආත්ම අභිමානය මුදලට විකුණා දමමිනි.ඈත අතීතයේ සිටම මෙවැනි පාවා දීම නිසා නිහින ජාතියක් බවට පත් වී ඇත්තේ රටේ ප්‍රශ්නයක් නිසා නොව අපි තවමත් මුදලට යටවන නිසාය.


සිතන්නට කාලය එලබ ඇත.කම්කරු ඇමති ,මාරාන්තික උපවාසය කරන සේවකයන් දෙදෙනා ,නායකත්වය ,සේවක විශේෂ බලකාය අන්තිම සටනට ක්‍රියා කාරී ලෙස යුද්දයට මැදි වෙද්දී නිවට සිංහලුන් මෙන් තම ආත්මය මුදලට පාවා නොදී අවසන් මොහොතේ අවසානය දක්වා සටන ගෙන ගොස් ආත්ම අභිමානයෙන් නැවත සේවයට යන උදාර සිතුවිල්ල සිත දරා ගෙන ලබන සතියේ සිට එකතු වන්න ....

Thursday, March 9, 2017

නිදහස් මාධ්‍ය හා ටෙලිකොම් අරගලය....





දින 74 ක් උපවාසයේ යෙදී සිටින ටෙලිකොම් manpower සේවකයන් සදහා වන ඉතා වැදගත් සාකච්චාවක් අද පස්වරු කාලයේ කම්කරු කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත,ඒ සඳහා පාර්ශව 3 ටම කැඳවීම් ලිපි ලබා දී ඇත.මේ සඳහා සියලුම දෙනා අවධානයෙන් පසුවන අතර එය සතුටු දායක ලෙස අවසන් කිරීමට හැකිවේවා යැයි අපගේ ප්‍රර්ථනයයි.

මෙසේ දින 74 ක මහා මෙහෙයුම ක්‍රියාත්මක වීම නිසා රජය හා පාලන අධිකාරියට විවිධ බලපෑම් එල්ලවී ඇත.රටට ලැබීමට තිබු GSP සහනය තාවකාලිකව අත්හිටුවා ඇති බව සියලු දෙනා දන්නා කරුණකි.මේ සියලුම දේ සඳහා විවිධ පාර්ශව පෙනී සිටි අතර ඒ සමහරක් දෙනාට රැකියා අහිමි කිරීමට තරම් මේ යමපාලනය ක්‍රියාකොට ඇත.ඒ සදහා සේවකයන් වෙනුවෙන් මාධ්‍ය වගකීම අකුරටම ඉටුකළ ඉරුදින පුවත් පතට සති 3 පිටු 3 පලකල අප මාධ්‍ය සගයා කසුන් පුස්වෙල හා ඉරුදින කතෘ සේවයෙන් ඉවත් කොට ඇත.එයට හේතු දක්වා ඇත්තේ රජය අපහසු තාවයට පත් කරන අකාරයේ පුවත් පලකල නිසාය.අප ඕකට කියන්නේ මුන්ගේ *** මාධ්‍ය නිදහස කියාය.තොරතුරු දැනගැනීමේ පනත මාධ්‍ය නිදහස ගැන පුරසාරම් ගැසූ සිරිසේන ජනපති වාරයත්,අගමැති වාරයත් මේ සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොගැනීම ඔය කියන මාධ්‍ය නිදහස මේ රට තුල තිබෙනවද යන්න ප්‍රශ්නය ඉතිරි වී ඇත,ජනාදිපති පති රට ගැන දැනගන්නේ පත්තර බැලීමෙනි ඔහු නොදන්වා විය හැකිය වෙනත් කිසිදු මාධ්‍යක් තම සගයෙකුට වූ අසදරණය වෙනුවෙන් කතා කොට නැත.මාධ්‍ය ගැන හෙළුව පෙනුනේ ටෙලිකොම් ගැටලුවත් සමගය සේවකයන් විවිධ ආකාරයෙන් ක්‍රියා කරත් මාධ්‍ය වේදීන් 10 -15 අතර ප්‍රමාණයක් ආවරණය කරත් පුවතක් ලෙස පලවන්නේ ඉතාම අල්ප වශයෙනි .මන්ද මුදල් මත යැපෙන මාධ්‍ය අතර හිරු, දෙරණ , ස්වර්ණවාහිනී ,සිරස හා රජයේ මාධ්‍ය උදාහරණ වේ .වෙළද දැන්වීම නැති වන නිසා තොරතුර ජනතාව අතරට ගෙනයාමට ඔවුන් අපෝසත් විය .එහෙත් facebook යනු ලෝක  මාධ්‍ය ජාලයකි.ඔබගේ මුදල් මාධ්‍ය වලට වඩා ප්‍රබලව බාවිතා කරමින් manpower සේවකයන් ජාත්‍යන්තරය පවා අවධානය යොමු කර GSP සහනයට පවා බලපෑම් කර ඇත,ඒ සදහා වගකීම දැරිය යුත්තේ රටකරවන ඇත්තන්ය .


දින 74 උපවාසය අවසන් කිරීමටත් ,ඉරුදින සේවකයන්හට සාධාරණය ඉෂ්ට කිරීමටත් ,සයිටම් අහෝසි කරමින් රට ගමන් ගන්නා දිශාව වෙනස් කොට අලුත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගේවා යැයි අපගේ ප්‍රාර්ථනයයි.

Monday, March 6, 2017

විනාශය අත ළඟ ,,, රටයි ටෙලිකොම් එකයි ලොක්කෝ උලාකයි.



අදට දින 71 කාලයක් පාලකයන් විසදීමට අපෝසත් වූ අරගලය හේතුවෙන් මහා විනාශයක් සිදු වීමට නියමිතව ඇත.මන්ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු සමහර ප්‍රදේශවල ඇති නඩත්තු කාර්යාල වසා දැමීමට හා අනෙක් ස්ථාන කොන්ත්‍රාත් කරුවන්ට ලබා දීමට මේ වන විට කටයුතු යොදා ඇත.මෙහිදී පානදුර හා කළුතර පමණක් ස්ථාන 06 වසා අනෙක් ඒවා කොන්ත්‍රාත් කරුවන්ට ලබා දීම සදහා ටෙලිකොම් ස්ථිර සේවකයන් විවිධ ස්ථාන වලට හෙට දවසේ සිට වාර්තා කරන ලෙස දන්වා ඇත.තම අයිතිය වෙනුවෙන් ස්ථිර සේවකයන් උද්ගෝෂණ කරද්දී එයට සහභාගී නොවී manpower සේවකයන්ට විරුද්ධව කොළඹ ආ ස්ථිර සේවකයන්ට ද මරු පහරකි.

දින 71 සපිරෙන අවස්ථාවේ යුරෝපා සංගමය වෙත CMU මගින් ඉදිරිපත් කිරීමට යන ලියවිල්ල හේතු කොට ගෙන GSP+ සහනය නොලැබී යාමේ තත්වයක් උදා වී ඇති හෙයින් රටේ ඇතිවන ආර්ථික අර්බුදයට ටෙලිකොම් සභාපති හා විධායක නිලධාරියා පමණක් නොව හොර අධ්‍යක්ෂක මණ්ඩලයද පම්පෝරි ගසමින් ඉන්නා ආණ්ඩුව මෙන්ම ජනපතිද වගකීම බාර ගත යුතුව ඇත.

අප යුරෝපා සංගමය තුල ඇති gsp+ සහනයට අදාල ව කරන ලද විමසීමකදී ඔවුන් කියා සිටියේ රජයට සම්බන්ද ආයතනයක සේවකයන් හට (ස්ථිර හෝ අනියම් )සේවකයන්ට විරුද්දව උසාවි නියෝග ගෙන ඇත්නම් හා එම ආයතන තුල සංහිදියාව ක්‍රියාත්මක නොවෙයි නම් ඒ කිසිදු රටක් සදහා සහන ලබා නොදීමටත් ලබා දී ඇති සහන ඉවත් කිරීමට සිදුවිය හැකි බවත්ය.මෙහිදී gsp පමණක් නොව නැවත මත්සය තහනම ක්‍රියාත්මක වීමටද ඉඩ ඇත.මන්ද manpower සේවක ගැටලුවට ධිවර සංවිධානද මේ සදහා සයෝගය දැක්වීම එය තවත් තිර්ව විය හැකිය.

රටේ පුරවැසි සංවිධාන මෙන්ම පුරවැසියන්ද මේ සම්බන්ධව කටයුතු කරද්දී පවා පොඩි මල්ලි මගහරිමින් ආයතනය මෙන්ම රටද අගාධයකට ඇද දමනවා නිසැකය.රට විනාස කළා යැයි ලතෝනි ගසා පත් වූ ජනපතිට කිසිදු ගානක් නොමැති වීම හාස්‍ය උපද වීමකි ,8 ජනාධිපති වී උණුසුම යන්නත් කලින් මල්ලිට තනතුරු දුන් සිරිසෙන් ජනපති මහින්ද ජනපතිට වඩා එක අඩියක් ඉස්සරහට තබමිනි.

කම්කරු අමාත්‍ය වරයා ටෙලිකොම් සමාගමට එරෙහිව යුද්දය ප්‍රකාශ කොට ඇති අවස්ථාවක තම සහෝදරයා බේරා ගැනීමට ජනපති අයියා උත්සහා නොකරනවා දැයි අපට දැනට කිව නොහැක,එය එසේ සිදු වී නම් යහපාලනය ගෙනා ලක්ෂ 62 ජනතාවට කන්න වෙන්නේ පිදුරු බවද සිහි තබා ගත යුතුව ඇත,මන්ද ඇට මාලයක් පැළඳ එන මල්ලිගේ ජීවිතය බේරා ගැනීමට විවිධ උපක්‍රම යොදා ගනිමින් කම්කරු ඇමතිගේ කට වැසීමට උත්සහා නොගන්නවා විය නොහැක ඒ දෙස අප මෙන්ම රටේ මහජනතාවද සේවකයන්ද 8 වෙනිදා බලා සිටි..


සේවක අතිකාල කප්පාදු කොට (සෙනසුරාදා හා ඉරිදා සේවයට වාර්තා නොකරන ලෙස ,,,මෙය ඉදිරි දින කිහිපයේදී සිදුවීමට නියමිත වේ. ) තවත් කොටසක් මහා පාරේ තබමින් ආයතන කොන්ත්‍රාත් කරුවන්ට ලබා දී මේ නටන නාඩගම නිසා අවුරුදු 150 වයස ටෙලිකොම් මාතාව විකුණගෙන කෑමේ තුරුම්පු ඔවුන් ගසා ඇත.සේවකයිනි ඔබේ අම්මාව සුරැකීමට කාලය එලබ ඇත.

Friday, March 3, 2017

Telecom එකට විරුද්දව W.D.J සටනට .........




පුරා මාස 2 අධික කාලයක් කෙරෙන අරගලයක් පුවත් පතක් මගින් හෝ රටේ ජනාධිපති වරයා ලෙස කියාගන්නා පුද්ගලයා පාවා නොදැන සිටීම මේ රටේ පුරවැසියන් වූ අප ලැජ්ජා විය යුතුවේ.මහින්ද මෙන්ම සිරිසේනද සහෝදර කැක්කුම හමුවේ රටේ පුරවැසියන්ව පාරට ඇද දැමීම කොතරම් සාධාරණ කල හැකිද යන්න සිතා බැලිය යුතුවේ ,මහින්ද ගේ සහෝදරයන් සිටියේ සිරිසේනගේ මෙන් නොවේ අනෙක සිරිසේන ජනපති තම මැතිවරණ වේදිකාවේ මර හඬ දුන්නේ සහෝදර ප්‍රේමයට තිත තබන බවයි.එහෙත් සිදු වුවේ අනෙකකි මල්ලි ටෙලිකොම් සභාපති වෙද්දී  දුව ටෙලිකොම් විනාස කරන ආයතනයක් පිහිටුවාගෙන  ටෙලිකොම් පවුලේ සියලු වෙළද දැන්වීම් හා ඊට අදාල විවිධ කටයුතු තම බාප්පා හරහා තම ආයතනයට ලබා ගනිමින් සිටි එයට දැනට විශ්‍රාම ගොස් ඇති මෙන්ම සේවය කරන දුෂිත නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ද කර ගනිමිනි. මිට කලින් අප හෙළි කල ආකාරයට dialog ගැන සේවකයන්ට භීතිකාවක් ඇති කල නිලධාරියා එම ආයතනයේ ප්‍රධාන නිලධාරියා ලෙස ක්‍රියා කරන බව දැනගන්නට ලැබී ඇත.රටේ ජනාධිපති වරයා තම හිතවතුන් මේ කරන ක්‍රියා කලාපය නොදෙන සිටීමට හේතුවක් නොමැත.

රටේ ප්‍රධාන ප්‍රශ්න වලට ජනාධිපතිගේ මැදිහත් වීම පාසලක පන්ති නායකයෙකු මැදිහත් වූ එකක් ලෙස අර්ථ දැක්වීමට හැකිය.මහා ආන්දෝලනයකට තුඩු දුන් මහා බැංකු කොල්ලය සිදුවී අවුරුදු 2 යන තෙක් කිසිදු ක්‍රියා මාර්ග ගෙන නොමැත,තවද SAITM ප්‍රශනය විසදීමට නොහැකිව රෝහල් කටයුතු අඩාල වෙද්දී රටේ උගතුන් විසදුම් දෙද්දී ජානාධිපති විද්‍යුත් මාධ්‍ය වල තමාගේ ලොකු කම් කියා පැමිණ සිටීම චන්දය දුන් සියලුම පුරවැසියන් සිතිය යුතුය.සහල් ප්‍රශ්නයේදී මුළු මහත් රට මෙන්ම පොළොන්නරු ජනතාවද සහල් හොරා ලෙස හංවඩු ගැසූ පුද්ගලයාව හා ඊට අදාල පුද්ගලයන් පමණක් ලේකම් කාර්යාලයට ගෙනවිත් නැටු නැටුම හා පුද්ගලික බස් වලට පෙන්වූ නාටකය ලංකා ඉතිහාසයේ යහාපලනය කියන වචනයට පවා මිනිසුන් සාප කරන තත්වයකට පත් වී ඇත.

පසුගිය සතියේ කම්කරු ඇමති ටෙලිකොම් සේවක ප්‍රශ්නයට මැදිහත් වූ අතර 28 වන දින විශේෂ සාකච්චාවක් පැවැත්වන බව ටෙලිකොම් සභාපති ට හා වෘතිය සමිතිවලට දැනුම් දී තිබුනේ ජනපති ලේකම් වරයෙකුගේ මැදිහත් වීම තුලය එහිදී තම සහෝදරයාගේ බල තල හා යහපාලන අයියගේ සරම ගලවමින් මලයා රට පැන්නේ කිසිවෙකුටත් නොදන්වාය එහිදී කම්කරු ඇමති ටෙලිකොම් ප්‍රධාන නිලිදරියට දුරකථන ඇමතුමක් ලබා දී ඉතා දැඩි වචන මාලාවකින් සංග්‍රහා කර ඇත්තේ රජය හා තමන්ව හා සේවකයන්ට වන  අපහසු තාවයට ඔහුට කියා ගැනීමට දෙයක් නොමැති වූ නිසාය .එහිදී සභාපති රට ගිය දවස ගැන ඇතිවූ පරස් පර අදහස් නිසා නැවතත් ඇමති  ටෙලිකොම් ප්‍රධාන නිලිදරියට නැවත වචන වලින් සංග්‍රහ කොට සබාපති පැමිණෙන දිනයේදී මේ ගැටලුව විසදා ගැනීමටය . 8 වෙනිදා පැමිණීමට නියමිත වුවත් සබාපති ලංකාවේ සැඟ වී සිටිමින් මේ ප්‍රශනය මග හැරීමට උත්සහා ගන්නා බවට තොරතුරු ලැබී ඇත.

මේ දේවල් මෙසේ සිදු වෙද්දී කෙසේ හෝ මේ ප්‍රශ්නය විසදා ටෙලිකොම් ආයතනය නැවත රටේ අංක එකේ ආයතනයට බවට පත් කිරීම සියලු දෙනා ගේ වගකීම වේ.

Sunday, February 26, 2017

විශේෂ ලියුම් කරුවෙකු විසින්.කුමන්ත්‍රණ , පාවාදීම් හමුවේ වෙන්දේසි වන ටෙලිකොම් ..

විශේෂ ලියුම් කරුවෙකු විසින්.

ටික කාලයකට පස්සේ තමයි ලිපියක් පලකරන්න පුළුවන් උනේ .ADMIN මේ දවස්වල නැති නිසා ඔයාලා වෙනුවෙන් ලෝකේ කොහේ හිටියත් කාලයක් ඔයාලා එක්ක වැඩ කරලා දැන් නැතිවුනත් එකවචනයකින් හරි උදවුවක් වෙයි කියලා හිතුනා.

ශ්‍රී ලංකා ටෙලිකොම් manpower සේවකයන් අරඹා ඇති උපවාසය දැනට මාස 2 ක්‍රියාත්මක කර තිබේ.තවමත් රටේ පාලකයන්ටද ආයතනයේ පාලකයන්ටද නොපෙනෙන මේ ගැටලුව විසාදීමට පාලකයන් විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මකකර ඇත.17500 පත්තර add දමා සේවකයන් මානසිකව වට්ටවා ගැනීමට මොවුන් කල උත්සාහය සාර්ථක අසාර්ථක බාවය නොදන්නා නමුත් කිහිප දෙනෙක් විසින් පාලකයන්ගේ උවමනාව මනාව ඉටු කරමින් සිටයි.ඔවුන්ද දවස් 50 පමණ පාරේ සිට මෙසේ කිරීම එක සිතින් හෙලා දැකිය යුතු වේ.ප්‍රදේශ වශයෙන් ගත් කල නුවර ,රත්නපුර ,හලාවත.අනුරධපුර ,කුරුණෑගල ආදී ප්‍රදේශ වලින් අරගලය අතහැර සොච්චම් පඩියට ඇතුලට යාමට උත්සහා ගන්නේ අරගලය වෙනුවෙන් මහා හඬක් දුන් ප්‍රාදේශීය නායකයන් විසින්ම වීම ඉතා අවාසනාවන්ත කරුණකි.ඉතිහාසයේ සිටම සිංහලයන් ,ශ්‍රී ලාංකිකයන් තමාගේ වාසියට තම මවු බිම පාවා දී ඇත,එහි ප්‍රතිපල තවමත් අප තුල පවතී .ටෙලිකොම් අරගල තුලද මා සිටින කල සිටි නායකයන් 17500 සේවයට ගොස් හමාරය.

මෙය මෙසේ තිබියදී ශ්‍රීලංකා ටෙලිකොම් හි ඇති රජයේ කොටස් මිලදී ගැනීමට කිසිවෙකු හෝ සුදානමින් සිටි .එහි නම් ගම හෙළි කිරීමට තවම කාලය නොවන නිසා එය පසුව අප හෙලිදරවු කරමු.එහි කතාව වන්නේ විවිධ අන්දමින් ටෙලිකොම් ආයතනය තුල ගැටළු නිර්මාණ කර මෙය රජය සතු කොටස් වෙනත් සමාගමකට විකුණා දැමීමය ඒ සදහා වන පිබුරු පත් සකසා ඇත්තේ අයතනයෙම නිලධාරීන්ගේ සහයෝගය ඇතිව බව දැනගන්නට ලැබී ඇත,ඒ පිලිබදව බැලුන් ඇමති වත්,රජයවත් තවම නොදන්නා බව කිව යුතුය.

මේ අතර 28 වෙනිදා අවසන් තීන්දුව දීමට නියමිත බවත් එය එසේ සිදු නොවුනහොත් ඉදිරියේදී ජිවිත බිලි අරගෙන හෝ මේ ගැටලුවට පිළියම් සොයන බව එහි සේවකයෙකු මා සමග පැවසුවේ ඉතා දැඩි අවෙගයකිනි.
27 ,28 ටෙලිකොම් ඉදිරිපිටට රැස් වන්න ..මේ ඔවුන්ගේ අවසන් ඉල්ලීමයි.

මේ තියෙන්නේ ඔයාල වෙනුවෙන් අකුරු කරන ඇඩ්මින් ගේ ඕස්ට්‍රේලියා විසා එක .මතක තියා ගන්න මේ කරන්නේ ඔයාලා වෙනුවෙන් ඔයාලගේ කෙනෙක් කියලා...

Saturday, February 18, 2017

වූ අසාධාරණය වෙනුවෙන් සීනිගම දෙවොලේ පලි ගසයි....


අද දිනයේ උදැසන අප පලකල පුවතේ තිබු දේවල වලට ගොස් පුජා වතාවත් ඉටුකළ පුවත දැන් අපට ලැබී තිබෙනවා.
අද උදැසන කාලයේ රටේ ප්‍රධාන හාස්කම් තිබෙන දේවල හා කෝවිල් වලට ගොස් තමන්ගේ දුක කීමට සේවකයන් තීරණය කොට තිබෙනවා.එහිදී සීනිගම දේවාලයට ගොස් එහි පලි ගලහි අබ ඇඹරු බව ද මුනේශ්වරම් කාලි කෝවිලේද යම් යාතිකාවක් සිදුවී ඇති බවද වාර්තා විය.
සීනිගම දේවාලයේ දී සේවකයෙක් සමග දුරකථන මගින් කරුණු විමසු විට ඔහු කියා සිටියේ දවස් 54 තිස්සේ පාරේ තිබ්බ හා ස්ථිර බාවයට අකුල් හෙලන පාලකයන් සියලු දෙනාට විරුද්දව ඔවුන් මෙසේ කල බවයි.තවදුරටත් කියා සිටියේ සියලු සුදුසුකම් සපුරා දැනට අවුරුදු 9 පමණ සේවය කල තමන්ට කිසිදු සාධාරණත්වයක් නොලැබූ බවත් සියලුම නිලධාරීන් තමන් වහල් සේවකයෙකු ලෙස සලකන බවත් ලබන වැටුපට වඩා සේවාවක් කරන නිසා එම අසාධාරණය තවදුරටත් ඉවසීමට නොහැකි වූ තැන මේ ක්‍රියාව අකමැත්තෙන් හෝ කිරීමට සිදු වූ බව පවසා සිටි.

අප කියන්නේ ,,පාලකයනි මෙසේ ඔබට විරුද්දව සේවකයන් පලි ගැසීමට පවා ක්‍රියා කරන්නේ ඔබ තවම සේවකයන් හට සාධාරණය ඉටු නොකිරීම නිසාය.අප දන්නා පරිදි සීනිගම පලි ගැසුවහොත් එය ඉටුවන බව මුළු මහත් ජනතාවම දන්නා කරුණකි .මෙය ඔබට පමණක් නොව ඔබේ පවුල දු දරුවන් හටද බලපාන බවද මතක තබා ගන්නා ලෙස නැවත වතාවක් මතක් කර දීමට අපට සිදුවී ඇත.

ඇමති, සබාපති, GCEO, යහපාලනයේ නිරුවත පෙන්නයි....


  ඊයේ දිනයේ රුපවාහිනී හා පුවත්පත් ගණනාවක තිබු ටෙලිකොම් manpower සියලු සේවකයන් ස්ථිර සේවයට බදවා ගන්නා බව කියන ප්‍රකාශය ඇමති විසින් සබාපති හා GCEO ගේ අනු දැනුම මත සිදු කල ප්‍රකාශයක් බවට එලිවී ඇත.මන්ද දවස් 54 පුරා ගෙන යන උපවාසය තවම නතර කිරීමට සේවකයන් තීරණය නොකිරීම එහි සත්‍ය අසත්‍ය තව මැනවින් පිලිබිබු වේ.ඉහිදී ඇමති ප්‍රකාශ කරන්නේ වසරකට 200 බැගින් ස්ථිර සේවයට බදවා ගන්නා බවය එහෙත් ඉතුරු සේවකයන්ට තම කාලය එනතුරු බලා සිටීමට සිදු වේ එය සමහර අයට අවුරුදු 10 දක්වා කාලයක් වේ. එහිදී ඔවුනට සිදුවන දේ පිලිබදව කිසිදු සදහනක් මෙම ප්‍රකාශයේ නොමැති වීම ඉතා බරපතල ගැටලුවකි.රටේ සැම අතින්ම සැමදාම විවිධ පාර්ශව තම අයිතීන් ඉල්ලා පාරට ඒමට සිදුවී ඇත්තේ මෙම පාලකයන්ට ගැටළු විසදීමට තරම් කිසිදු අවශ්‍ය තාවක් නොමැති බව පෙන්වමිනි.හරින් ඇමති ප්‍රසිද්දියේ තමාට වැඩ බැරි බව ප්‍රකාශ කල ඇමති වරයෙකි ,එහෙත් දැන් සිදුවී ඇත්තේ ජනපති ගේ මලයා කියන කියන දේ කරන නිවට අතකොළුවක් බවට පත් වී හමාර වූ ඇමති කෙනෙක් ලෙස නැවතත් කරලියට පැමිණීමය.

යහාපලනය ගැන පුරසාරම් තවමත් ඇසෙන කතා අඩුවක් නොමැති බවක් පෙනෙන්නට තිබේ.මන්ද ජනපති තවමත් ඒ ගැන තමා ගැන මහා ඉහලින් කතා කරන ඔහු රටේ සිදුවන දේ කිසිදු සැලකිල්ලකට භාජනය කර නොමැත.රටේ අගනගරය තුල දවස් 54 තම මල්ලි සබාපති සිටින තැනක සිදුවන ප්‍රශ්නය ගැන තවමත් ඍජු පියවරක් ගැනීමට ඔහු අපෝසත් වීම ඉතා කණගාටු දායකය .මහා ඉහලින් ජාත්‍යන්තරය ජය ගත්තා කීවද රටේ පුරවැසියන්ට සහන නොලැබීම තුලින් අසන්නට ඇත්තේ ජාත්‍යන්තරය කන්නද? කියා ඇසීම පමණකි.
සේවක වෘතිය සමිතිය දී ඇති ගිවිසුම කිසිදු අසාධාරණ ඉල්ලීම් සිදු කර නැත.එය ඉතා සාධාරණ ඉල්ලිම් කිහිපයකි.එය ගැන තවදුරටත් ක්‍රියා කිරීමට ඊයේ දිනයේ සුදානම් කර තිබුනත් සේවකයන් කිහිප දෙනෙක් කල සේවයට වාර්තා කොට කල ද්‍රෝහී ක්‍රියාව හේතු කොට ගෙන සාකච්චා කල් දමා ඇත.මේ සිදුවීම සිදු වී ඇත්තේ කුරුණෑගල හිදීය මන්ද එහි නියෝජ්‍ය සමනය අදිකාරී වරයා සේවකයන්ට තර්ජන කොට කොන්ත්‍රාත් සමාගම් ගෙන්වා පුරසාරම් කියා ඇත,මේ පිලිබදව කම්කරු කාර්යාල දැනුවත් කිරීමටද කටයුතු සිදු කර ඇත,අප එම නියෝජ්‍ය සමනය අදිකාරී වරයාට කියා සිටින්නේ ඔබ තුමාගේ කුණු එලියට ඇද නොගන්නා ලෙසයි චායාරූප හා දර්ශන වැනි කුණු ගොඩවල් අවුස්සා මුළු කුරුණෑගලම ගද නොගස්වන ලෙසයි.

මෙම සේවක ප්‍රශ්නය ගැන ඉදිරි සතියේ අවසානයක් දැකීමට සියලු පාර්ශව බලාපොරොත්තු වන අතර එසේ නොමැති වුවහොත් ඊට විරුද්දව ඉතා විශාල වශයෙන් ක්‍රියා කිරීමට සේවකයන් බලාපොරොත්තු වන බව එහි නිලධාරියෙකු අප සමග අදහස් දක්වමින් පවසා සිටි.අපද කියා සිටින්නේ මේ දැවෙන ප්‍රශනය ජනාදිපති මැදිහත් වී ඉතා ඉක්මනින් විසදා දී ටෙලිකොම් ආයතනය රැක ගන්නා ලෙසටය...


මුන්නේශ්වරම් හා සීනිගම , කතරගම .මහනුවර ,යාපනය දේවල වලදී අවනඩුව ට හා සබාපති GCEO මෙයට විරුද්ද සියලු පාර්ශවයන්ට එරෙහිව සිදුකරන මහා පුජාවල තොරතුරු ලැබූ විගස දැන්වීමට අප සුදානමින් සිටි.

Tuesday, February 14, 2017

මල්ලිට බයේ ජනපති අයියා සාකච්චා මග හරි....



සේවකයන් දින 52 පුරා කරගෙන යන උපවාසය ගැන මෙතෙක් පාලන අධිකාරිය හෝ ජනපති මැදිහත් වී විසදුමක් ලබා දීමට අපෝහොසත් වී ඇත.ඒ ගැන ලජ්ජාවට පත් විය යුත්තේ රටේ වැඩ කරන ජනතාවයි ,මන්ද රාජපක්ෂ පාලනය අතුගා යහපාලන රජය ගෙන ඒමට දිවා රැ මහන්සි වූ සේවකයන් මග හැර සිටීමට තරම් ජනපති පහත් තත්වයකට ඇද වැටි ඇත.SLT ආයතනයේ සබාපති දුරයේ සිටින මලයා සමග සේවකයන් මග හරින්නේ එක දුරකථන ඇමතුමකින් බව දන්නෝ දනිති ,රටේ කොතැනක හෝ සිදුවන සිදුවීමක් ගැන කතා කරන ජනපති සේවකයන් කිහිප විටක් සාකච්චාවක් ලබා දෙන මෙන් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මග හරිමින් සිටි .
ඊයේ දිනයේදී යම් කිසි ඇමති වරයෙකු පැමිණීමට නියමිතව තිබියදී සබාපති වරයා ඔහුව වලක්වා ඇත්තේ ජනපති අයියට කතා කොට බව දැනගන්නට ලැබී ඇත.තම මල්ලිට හා දුවට ටෙලිකොම් ආයතනය ලියා දී ඇති බවක් පෙනෙන්නට ඇත. මේ අතර නිතිය නවන පුජිත පොලිස් පති වරයාගේ පුතාද manpower සේවකයෙක් බව හා ඔව්න්ට පහර දීමට කැරලි මර්දන ඒකකය ඊයේ යොදවා තිබුණු වට පිටාවක තව දුරටත් උපවාසයේ දීමට සේවකයන් තීරණය කර ඇත.

Wednesday, February 8, 2017

මහා පුටු රත් වෙයි,, ජනපති ඔබ ඇමතීමට සුදානම්...




manpower සේවකයන් ආරම්හ කරනු ලැබූ අරගලය අද වනවිට ඉහල පුටු රත් කරමින් ශ්‍රී ලංකා දේශයම manpower ක්‍රමය පිළිබද කතා කරන වෙලාවක වෙනදා නොතිබූ මාධ්‍ය දිගින් දිගට ප්‍රචාරය කරද්දී සේවකයන් ඇමතීමට ජනපති සුදානමින් සිටින බව අප වෙත ආරංචි වී ඇත.අදත් උදැසන ලංකාවේ ප්‍රබල වෘතිය සමිති නායකයන් කම්කරු ඇමති සමග ඔබ පිලිබදව සාකච්චා කොට ඇත,මෙසේ ඔබ දවස් 46 අසන්න ප්‍රමාණයක් අරගලයේ  යෙදී සිටින මොහොතේ ඔබේ සහයට පක්ෂ විපක්ෂ මෙන්ම මහජනයාද සහයෝගය ලබා දී ඇත.එම නිසා ඔබ හට ඇමතීමට රටේ ප්‍රධාන පුරවැසියාට සිදුවී ඇති අවස්ථාවේ ඉතා කණගාටු දායක පුවතක් අප වෙත වාර්තා වී ඇත,

අලුතෙන් 150 - 200 අද හා ඊයේ සේවයට වාර්තා කර ඇත.වචන වලින් දවස් 46 ඔබ සමග සිටි අප ඔබේ අරගලය ඔබව අතහැර දැමුවේ නැත, එහෙත් ජය ටැඹ පෙනී පෙනී සටන අතහැර යාමට තරම් ඔබ නිවට වුයේ කෙසේද? මොහොතක් සිතන්න අවු 30 යුද්දය අපේ හමුදාව දින්නා ඇට ලේ මස් නහර පුජා කරමින් අන්තිම මොහොතේ ඔවුන් පසු බැස්සනම් අද අපට නිදහස තියෙනවද ?හිතන්න එක මොහොතක් .අපි දන්නවා නොයෙක් අමාරු කම් තියෙනවා එත් ඔයා එක්ක දවස් ගානක් පාරේ හිටපු කොල්ලොන්ව දාලා ඔබට සේවයට යන්න තරම් පහත් හිත් තියෙනවා කියලා හිතා ගන්න බැ.මුළු රටේම අවධානය යොමුවෙලා රටේ ලොක්කගේ පුටු රත් වෙච්ච වෙලාවේ වැඩේ ඉවර කරගෙන යන්න එතකොට තමයි යුද්දයක් දිනලා හිතේ පොඩි ආඩම්බරයක් එක්ක වැඩට යන්න පුළුවන් වෙන්නේ වීර සොල්දාදුවෝ වගේ.

ඔබ දන්නවද පාලන අධිකාරිය ගෙන ඇති තීරණක් ගැන.දෙසැම්බර් 26 සිට වැඩ කල හා වර්ජනයට සහභාගී වුවන් මෙන්ම මගදී අතහැර ගිය අයට සටන පැරදුනහොත් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන.

1. මින් මතු කිසිදු වෘතිය අරගලයකට සහබාගි නොවන බවට අත්සන් කරගන්නා ලියවිල්ලක් .( එය ඔබ සේවයෙන් ඉවත් කිරීමට තරම් හැකියාවක් ඇත.)
2 .කිසිදු වෘතිය සමිතියකට බැදීමට නොහැක.
3. දැනට ටෙලිකොම් මානව සම්පත් අංශය මගින් ඔබගේ දුක් ගැනවිලි ඇසුවත් මින් ඉදිරියට එය ක්‍රියාත්මක නොකර සිටීම.
4. මෙතෙක් ඔබට ලබා දුන් නිල ඇදුම් හා වෙනත් දේ ලබන වසරේ සිට ලබා නොදීම.
5 .දැනට ලබා දෙන ප්‍රසාද දීමනාව යම් ප්‍රමාණයක් කපා දැමීම
6. 8.5 % පඩි වැඩිවීම 2% දක්වා අඩු කිරීම
7. සියලුම දෙනා වෙනත් තැන් වලට මාරු කිරීම.

හිතන්න ඔබට මෙය පැරදුනහොත් ලැබෙන ප්‍රතිපලය .හැමෝටම කියන්න යාළුවන්ට කතා කරන්න .


මතක තියා ගන්න හෙට රටේ ප්‍රධානියා ඔයාලා ඔක්කොටම කතා කරන්න සුදානමින් ඉන්නේ එකට ඇත්තටම කට්ටිය ඉන්න ඕනි ඔයාලා මේ manpower ක්‍රමයට විරුදයිද කියන්න ඒ නිසා ඔයාලා ඔක්කොම හෙට යන්න .ගිහින් ජය ගන්න.ඔබට ජය.

Sunday, February 5, 2017

බංකොලොත් අනුර පෙරේරා නාඩගම් නටන්නේ කාගේ උවමනාවටද?





ශ්‍රී ලංකා ටෙලිකොම් manpower සේවකයන් දින 42 මහා පාරේ මේ අරගලය කරන්නේ ඔවුනට උරුම සේවා අයිතීන් ඉල්ලා ගැනීමට මිස රජ මාලිගා සැදීමට නොවන බව අප පුන පුනා කියනා කාරණයකි.මන්ද දින 42 පුරා තම සේවය ස්ථිර කර දෙන ලෙස ඉල්ලන සේවකයන්ට මෙතෙක් ස්ථිර විසදුමක් ලබා දීමට තවම පාලන අධිකාරියට හැකියාවක් ලැබී නොමැත.එහෙත් ඒ සදහා වන ගිවිසුම් පත්‍රය ඇමති වරයාගේ මැදිහත් වීම මත සිදු කරත් තවම ඒ සදහා අත්සන් කිරීමට සබාපති හා GCEO පැමිණ නැත්තේ හොරිකඩ අනුර ගේ ගොන් සංදර්ශන වලට බිය වී බව පැහැදිලි වේ.ඔවුන් කියා සිටින්නේ ඔබලා ස්ථිර කළහොත් SLT සේවකයන් 4500 එලියට බහින බවයි.එසේ කියා ප්‍රධාන නිලධාරීන් බය ගන්වා මේ හොරිකඩයන් නිතියට පටහැනිව සේවකයන් සේවා ස්ථාන වල වාහන වලින් වෘතිය ක්‍රියාමාර්ග වලට එළබෙන්නේ ටෙලිකොම් ආයතනය හොරිකඩයන් ගේ පුද්ගලික දේපලක් සේ සිතමින්ය.එහෙත් ලැජ්ජාවට කාරණය වන්නේ එසේ පැමිණෙන්නේද 320 පමණ දෙනා පමණි මහා ලොකු පුරසාරම් ගැසූ හොරිකඩ අනුර හා නිශ්ශංක තමන්ට කරන්න පුළුවන් දෙයක් නොමැති බව තේරුම් ගත යුතුව ඇත.
මෙසේ manpower සේවකයන්ට විරුද්දව නීති විරෝධී ලෙස ටෙලිකොම් ආයතනය තුල පැවැත්වූ ඔවුන්ගේ කතා වලදී ඉතා අශෝබන ලෙස රාජිත , හරින් ඇමති වරුන්ටද ,ආයතනයේ සබාපති වරයටද ජනාධිපති වරයටද ඉතා පහත් අකාරයෙන් බැන වදින්නේ ඔහුගේ නුගත් කම නැවත ප්‍රදර්ශනය කරමින්ය මන්ද මුරකරුවෙකු වූ අනුර ලොක්කෙක් වන්නේ කෙසේද?
මේ ගස් බල්ලාව නොබන්දහොත් ආයතනයට අත්වන ඉරණම හිතා ගත නොහැකිය.මන්ද රාජපක්ෂ ආණ්ඩුවට ප්‍රසිද්ධියේ කඩේ ගිය ආයතනයේ මුදල් ්දඅවභාවිතා කොට ඇති මොහුට කිසිදු පරීක්ෂණයක් මෙතෙක් පවත්වා නොමැත.එහෙත් ආයතනය වෙනුවෙන් මොහුට විරුද්දව FCID එකට දැනට පැමිණිලි කිහිපයක් ගොනු කර ඇත.

අප අවසාන වශයෙන් මෙසේ නීති විරෝධී ලෙස ක්‍රියා කරන මොවුන්ට  ඇමති වරුන්ගෙන් හා ප්‍රධාන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හොරිකඩ බල්ලා බැඳ දමන්නේ කවදද යන්නයි.ගරු ජනාධිපති තුමනි ඔබටත් වඩා ඉහලින් සිතන මොවුන් ගැන තීරණයක් ගන්නේ කවදද?

මෙහි video ද සාක්ෂි වශයෙන් ඇත,

විශේෂ වාර්තා කරු...

Tuesday, January 31, 2017

මධ්‍යම රාත්‍රියේ මංගල ලුහුබැන්දේ කවුරුන්ද?


2017.01.28 දින මධ්‍යම රාත්‍රියේ මංගල ලුහුබැන්දේ කවුරුන්ද? එදා සිට අද දක්වා ඔහු අතුරුදහන්ව සිටි ..29 වැනිදා පිළියන්දල පොලිසියට ඉදිරිපත් වන පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් manpower සේවක සංගමයේ උප සභාපති වරයා අතුරුදහන් වී ඇත,මේ සම්බන්දව අද උදැසන ඔහුගේ යතුරු පැදිය පොලිසිය තුලින් මතුවීමත් සමගම ඉතා බරපතල නිතිය පිළිබද ගැටළුවක් පැනනැගී ඇත.ඔහුගේ අතුරුදහන් වීමට හේතුව ඔහු සේවක සංගමයේ උපසභාපති ලෙස කටයුතු කල නිසාම පමණක් නොව රජයට හා පාලන අධිකාරියේ පුටු රත් කරවූ ඉතිහාසයේ වඩා සාර්ථකම අරගලය වන SLT manpower සටන නිසාය.එකෙක් අතුරුදහන් කර අනිත් පිරිස බය කොට ගෙන්වා ගැනීමට විවිධ හොර රහසේ සිදුවූ සාකච්චා වලින් පසුව දවස් කිහිපයක් අරගල භුමියේ සේවකයන් නොදන්නා අයවලුන් කිහිප දෙනෙක් සැරිසරා ඇත.ඔවුන්ගේ රාජකාරිය වුයේ මෙයට නායකත්වය දෙන අයවලුන් හදුනා ගැනීමත් ඔවුන් එන යන වේලාවන් හා යන තැන් නිරීක්ෂණය කිරීමත් ය. එසේ තිබියදී අනෙක් අය සිටියදී කෙසේ හෝ මංගල මධ්‍යම රාත්‍රියේ පිටවත්ම ඔහුට නොදනිම ඔහුගේ පිටුපස කිසියම් පිරිසක් ගමන් කොට ඇත.
මේ අතුරුදහන් වීම පිටුපස SLT ආයතනයේ මෙන්ම රජයේ නිතිය කරන පාර්ශවය ටද ඇගිල්ල දිගු වී ඇත.එහෙත් නායක දඩයම මිට කලින් සිදුවීමට හොරරහසේ සකචචා කල නිලධාරීන් කවුරුන්ද? ඔවුන් කවුරු නමුත් යහපාලනය ගෙන ඒමට කටයුතු කල සේවකයන් අතුරුදහන් වෙද්දී ජනාධිපති තවමත් කතා නොකට සිටින්නේ මලයා ගේ කීම පිටද? දරුවන් 2 පියෙක් වූ මංගල ගේ දියණිය හඩා වැලපෙන රුප රාමු කිහිපයක් හිරු නාලිකාවේ විකාශනය වූ අතර සංවේදී සිත් ඇත්තන් ඔහු නිදහස් කරනතුරු බලා සිටි.

ජනාධිපති තුමනි රටේ නායකයා ලෙස ඔබට මේ ප්‍රශ්නය නොපනෙන්නේ SLT සභපති මල්ලි නිසාද? මේකද ඔබගේ යහපාලනය. මිනිසුන් පැතු පාලනය මෙයනම් ඔබටද යාමට සිදුවන කාලය වැඩි ඇතක නොවන බවද මතක් කර සිටිමු..

Wednesday, January 25, 2017

නොනවතින අරගලයක මහා රැළිය...

පුරා දින 31 අඛණ්ඩ වර්ජනයේ නියත සේවකයන් ශ්‍රීලංකා ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා තබමින් කොලොම් තොට පාරවල් වසා ගෙනගිය ඒ මහා රැළිය එතෙක් මෙතෙක් කල වර්ජන වල දැවැන්ත අරගලය බව පිළිගත යුතුය .රට කරවන ඇත්තන්ගේ පුටු මොළ රත් කල රැලියට පසු අද උදැසන sms පණිවිඩයක් සේවකයන් හට යවා ඇති HCS ආයතනයේ ගොන් රැල අවසාන තුරුම්පුව ගසා ඇත.එහි සදහන් ආකාරයට සේවයට වාර්තා නොකළහොත් සිය කැමැත්තෙන් සේවය අතහැර ගියා සේ හුවා දැක්වීමයි.දැනට ඉන්නා සේවකයන් එසේ එලියට දැමිය හැකි අධිකාරි බලය ඇත්තේ කා හටද?පුලුවන්නම් කර පෙන්නන.මන්ද නුවන් හා දිවාන් විවිධ පාර්ශව වලට නැවි බලු කුක්කන් මෙන් යදින්නේ තමාට ලැබෙන මේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙසයි.අධිකරණ නියෝග තර්ජන එල්ල කරමින් මොවුන් මේ ගෙන යන ක්‍රියාව ඔවුන් HCS ආයතන රටේ නීතියටද, පාලකයන්ටද පස්ස පෙන්වීමට තරම් ශක්තිමත් වන්නේ කගේ බලපෑම් උඩද?

දිවාන් ගේ  පැටිකිරිය මිට කලින්ද මුල් වරට හෙළි කරන ලද්දේද අපි.ඔහුගේ අඹේනිය ටෙලිකොම් එකේ සේවය කරන බවද දැන් හැමෝම දන්නා කරුණකි . ඔහු කරන්නේ අඹේනියගේ පිහිටෙන් තමන් ආරක්ෂා වීමටය .ඔහු මුල් වරට manpower එකට පත් වන්නේද අඹේනියගේ පිහිටෙනි .සේවකයන් HCS එකෙහි වහල් වැඩට ගෙන්වා ගැනීමට දත් කුරු කන මේ හොරිකඩයාට තම අඹේනිය HCS බදවා නොගන්නේ මන්ද .ඔහු මේ කරන්න හදන්නේ ටෙලිකොම් එකට රිංගා ගැනීමට බව හොදින් පෙනීයන කරුණකි ඒ සදහා ඔහු සොනාලි විජේකෝන් නමැති නිලධාරිනිය එතනින් ඉවත් කොට ඒ පුටුව ලාබා ගැනීමටය ..ඒ සදහා අවශ්‍ය පිබුරු පත් සකස් කරමින් සිටි.

මේ අතර හරීන් ඇමතිවරයා මාධ්‍ය හමුවේ මුල් වරට හෙළිකළේ තමාට වැඩ බැරි බවයි. මන්ද ඔහුව ඇමති දුරයට පත් කර ඇත්තේ නාමිකව බවයි.එහිදී ඔහු කියා සිටියේ 48% යන්නේ ටෙලිකොම් පඩි ගෙවීමට බවයි .ඇමති තුමා ටෙලිකොම් එක ගැන  දන්නේ නැති බව අයෙත් වරක් ප්‍රකාශ කර සිටින්නේ ඔහුගේ ඇමති දුරය ඕනෑම පොඩි ළමයෙකුටද වුව කල හැකි බව දන්වමිනි. ඇමති තුමා දන්නේ නැති උවත් 350 පමණ උසස් නිලධාරීන්ගේ පඩි හා ප්‍රවාහන දීමනා ගෙවීමට 30% යොදා ගන්නා බව ඇමති දන්නේ නැත.

මුළු රටම කතාවන මේ අරගලය රටේ ප්‍රධන පුටු රත් කරන බවට ලැබී ඇති තොරතුරු අනුව පෙනී යයි .අප තොරතුරු ලැබූ විගස දැන්වීමට බලාපොරොත්තු වෙමු.

Sunday, January 22, 2017

යහපාලනයේ අවාසනාවන්ත කදුළු කතාව...


මාසයකටත් කිට්ටුයි නේද ? එහෙන් අව්ව්ව ,දුවිල්ල කොළඹ ගැන කියන්න ඕනි නැනේ අයේ.කරපු කැපවීම .. ඇත්තටම ගිනස් වාර්තාවක් තියන්න පුළුවන් ඔයාලගේ ඔය කදුළු කතාව.අපි ගියා එයාලා එක්ක පොඩි වෙලාවක් ගතකරන්න එකනම් මහා පුදුමාකාර එකමතු කමක්,කෙල්ලොත් හිටියා එත් කොල්ලෝ තමයි වැඩිපුර හිටියේ ,අර පේමන්ට් එකේ ඉදන් බත් කනවා ඇත්තටම ලංකාවේ දෙකොනේ ඉන්න කොල්ලෝ හිතාගන්න බැ...අපේ සමහර අය බොරුවට ජාතිවාදය ගැන කතා කරනවා දුකක් කරදරයක් උනාම අපිට ඒවා වැඩක් නැ..ඇයි ඔයාලා එකතුවෙලා ඉල්ලන්නේ SLT එකට අනුයුක්ත කරන්න කියලා ..එක අසාධාරණ නැ ඉල්ලීම අහස විකුණලා  රැ කෝටි ගණන් හම්බ කරන SLT එක දැනුත් ඔයාලට පඩි ගෙවනවා එත් එක වෙන HCS කියලා ආයතනයක් හරහා ඇයි එහෙම ආයතනයක් හරහා පඩි ගෙවන්නේ එකේ ලොකු ලොකු කතා ගොඩක් තියෙනවා ,,,නොදන්නා කෙනෙකුට දැනගන්න කෙටියෙන් කියන්නම් කෝ.ඇත්ත ඔයාලා SLT HCS එකේ වැඩ හරි ඇත්තටම වැඩ කරන්නේ මොන ආයතනයටද? SLT එකට නේද?ඔයාල වැඩ කරන්නේ SLT අයත් එක්ක එකම වැඩේ නේද? හැබැයි පඩි ගෙවන්නේ වරප්‍රසාද දෙන්නේ දෙවිදිහකට අන්න එතන තමයි වැරැද්ද ..HCS වගේ ආයතන පටන් ගන්නේ කිහිප දෙනෙක්ගේ උවමනාවට එයාලට ලොකු කොමිස් මුදල් එකෙන් හම්බ වෙනවා...තේරෙන විදිහට කිව්වොත් ඔයාලා වැඩ කාරාට නිකන් ඔයාලව විකුණන් කන මිනිස්සු ටිකක් ඉන්නවා එකට විරුද්දව තමයි ඔය සටන් කරන්නේ..

මට මතකයි 2015 දී ආණ්ඩුව පෙරලන්න ඒ කියන්නේ යහපාලනය ගන්න ඔයාලා ඔය විදිහටම පාරේ නිදාගෙන ඔයවගේම කට්ටක් කැවා අන්ඩුවනම් පෙරලුනා එත් ඔයාලා හිටපු විදිහමයි නේද? ඔයාලා වගේම මමත් හිතුවා යහපාලන ආණ්ඩුවේ අයවැය තුලින් කිව්ව විදිහට කරයි කියල එත් එකටත් මොකා හරි හෙනහුරෙක් කඩාගෙන වැටුන කියලා වැඩක් නැ.මේ රටේ මිනිස්සු බොහෝ බලාපොරොත්තු තියාගෙන හිටියා යහපාලනය ගැන CEB එකට යන්තම් ගොඩ යන්න පුළුවන් උනා එත් ඔය අරගලය පටන් ගත්ත ඔයාලා තාම එතන.ඔයාලා ගැන රටේ පාලකයෝ දන්නවා එත් කිහිප දෙනෙක්ගේ උවමනාවට එයාලා ඔයාලගේ ස්ථිර කරන්න ඉඩ දෙන්නේ නැ.එයාලා ලොකු ලොකු පඩි කොමිස් ගන්න අය එයාලගේ අදායම එකෙන් අඩු වෙනවා අන්න එක නිසා තමයි මේකට කැමති නැත්තේ.

ගිය සතියේ රාජිත ඇමති තුමා රට හොල්ලන කතා කිහිපයක් කිව්වා එකෙන් තමයි මේක ටිකක් උඩට අවේ ඔයලා වගේම මාත් හිතනවා ඉක්මනට විසදුමක් දේවි කියලා අපි බලමු නේද?නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියා ගන්න එපා කියලා කිව්වේ නිකන් නෙමෙයි.ලොක්කෝ කියනවලු එයාලට පාඩු නැ කියලා ඔව් දැනට එහෙම නැ.ඔය කියන එයාලගේ ආයතන පටන් අරගෙන තමයි කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කර ගන්නේ ඉතින් ලබන මාසේ එයාලගේ මුදල් ගෙව්වට පස්සේ තේරෙයි මොකද වෙලා තියෙන්නේ කියලා .GCEO හා සභාපති අයේ ඉංජිනේරු සංගමය එක එක වෙලාවට එක එක කතා කියනවා.මමනම් හිතන්නේ මේක CID එකට දීලා හොයන්න ඕනි දෙයක් කියලා .මට අද දැනගන්න ලැබුනා 25 ගිවිසුමකට අත්සන් කරනවා කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා තව ලොකු පා ගමනක් ලෑස්ති කරලා තියෙනවා එකට එන්න ඔයාලා එකතු උනොත් තමයි මේක දිනන්න පුළුවන්.

ඔය අතරේ ඔයාලගේ දුරකතනයට SMS එකක් ඇවිත් ඇති උසාවි නියෝගයක් ගැන.ඔයාලට පුලුවන්ද බලෙන් උසාවි නියෝගයක් අරගෙන බලෙන් වැඩ ගන්න බැ.එහෙම බැ ඔයලා මේක කරන්නේ ලෝකේ ,රටේ තියන කම්කරු නීති හැටියට ඉතින් sms උසාවි නියෝග දෙන්න බැ.එහෙම දානවනම් එක අනිවාර්යෙන් මුද්‍රත ,විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කල යුතුයි.මගේ සගයා කලින් ලිපියේ මේ ගැන කියලා තියෙනවා ..
මට මේක කියන්නම වෙනවා ඔය HCS එකේ ඉන්න අයගේ රැකියාව ඔයාලා SLT එකට ගත්තොත් එයාලට එක නැති වෙනවා.මොකද එයාලගේ ඔය අභිමානය රැදිලා තියෙන්නේ ඔය ඔයාලා වහල් කම් කරන HCS එක නිසා .ඔයාලා දන්නේ නැතිව ඇති ඔකේ ඉන්න නීති නිලධාරියාගේ පවුලේ හිතවතුන් ගොඩක් SLT එකේ ඉන්නවා ඉතින් කොහොමද එයාලා ඔයාලව ස්ථිර කරොත් ඔය සුකිත මුදිත ජීවිතය ගත කරන්නේ .

ඉතින් මන් ඔයාල හැමෝගෙන්ම ඉල්ලන්නේ එකට ඉදලා කොහොමහරි ගොඩ යන්න කියලා .එකට සමාජයේ අය වෙනත් වෘතීයසමිති වගේම නොපෙනන බලවේග වලත් ආශීර්වාදය තියනවා .අයෙ ඉල්ලන්නේ එකට එකා වගේ එකට ඉදලා දිනන්න කියලා ඒ වගේම 25 පා ගමනට සහභාගී වෙන්න එදාට 99% ලොකු දෙයක් වෙන්න තියෙනවා එක දැනගන්නත් එක්ක උදේම එන්න කියලා ඔක්කොටම කියනවා ...

Friday, January 20, 2017

දින 26 ක නිමාව...HCS තවත් බොරුවක් ඇද බායි....


මාසයකට අසන්න කාලයක් ලංකාවේ අංක එකේ ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙහි manpower සේවකයන් ආරම්භකර ඇති උපවාසය හේතු කොට ගෙන මේ වනවිට දැඩි අර්බුදයකට කලමකාරිත්වය පත් වී ඇත.ජනාධිපති වරයා ඉතා දැඩිව සේවකයන් හට උපරිම සාධාරණය ඉටුකරන ලෙස පැවසීම තුලින් අන් කවරදාටත් වඩා මිට විරුද්ද සියල්ලෝ අන්ද මන්ද වී ඇත.එසේ සිදුවීමට විවිධ හේතු සාධක ඇත.එක්තරා වෘත්තීය සමිතියක නායකයෙකු තම facebook පිටුව තුල සේවකයන් පිලිබඳ ඉතා කණගාටුවෙන් කතා කොට ඇත.එහෙත් ඊට ප්‍රථම ඔහු මේ සේවකයන්හට ඉතා නින්දිත ලෙස බැන වැදී ඇත.මේ සියල්ල මේ ක්‍රියාත්මක වන යහපාලනය ගෙන ඒමට ක්‍රියා කල රාජිත සේනාරත්න ඇමති තුමාගේ මැදිහත් වීමයි.එතුමා කැබිනට් මණ්ඩලය අවසන් වීමෙන් පසුව ජනාධිපතිවරයා හට ඉතා දැඩිව කියා සිටියේ ඔබතුමාව මේ ආණ්ඩුව ගේන්න මේ අය කල කැපවීම මගේ ඇස් දෙකෙන් දැක්කා අපි හැමෝටම තැනක් තියෙනවා එත් සේවකයෝ තාම මහා පාරේ ,, එහිදී ජධිපතිවරයා මෙය කෙසේ හෝ කරන බවට සහතික වී ඇත.

එය එසේ සිදුවෙද්දී අද දින උසාවි නියෝගයක් ලබා ගැන එක්තරා ගුවන්විදුලි සේවාවක් විසින් 6.00 පුවත් විකාශයේදී විකාශය කරන ලදී.එහි සත්‍ය සොයා ගත් අප හට දැනගන්නට ලැබුනු පරිදි HCS ආයතනය මගින් කරනු ලැබූ බොරු ප්‍රචාරයක් බවයි. මිට ඉහතදීද අප කියා සිටියේ කිසිදු දිනයක සේවකයෙකුට විරුද්දව උසාවි නියෝග ලබා ගත නොහැක .අප සේවයට යන්නට කලින් උසාවියේ දී අත්සන් කර නොමැත,තවද සේවයෙන් ඉල්ලා අස්වීමේදී උසාවියට යන්නට උවමනා නොමැත.එමනිසා ඔබ කලබල වියයුතු නැත,

HCS විසින් කරන බොරු ප්‍රචාර කාගේ උවමනා වට බව දන්නා නිසා එය හිලිකිරීමට ප්‍රථම එහි පුර්ව දැන්වීමක් ප්‍රචාරය කරන ලදී.එහිදී අපට එය ප්‍රචාරය නොකරනලෙස ඉල්ලීමක් නිසා එය ඉවත් කරගන්නා ලදී.එහෙත් කිවයුතු වන්නේ HCS ආයතනය පවත්වා ගෙන යාමට උත්සහා කරන අයගේ නිවැරදි තොරතුරැ ලැබුනත් කල ඉල්ලීම් නිසා එය ප්‍රචාරය නොකිරීමට තීරණය කළෙමු.නැවතත් ඔවුන්ම මේ සදහා අනුමැතිය ලබා දුනහොත් එහි සත්‍ය ඔබට පැවසීමට අප සුදානම්.

HCS ආයතනය මගින් ඔවුන් වැටි ඇති උගුලෙන් බේරීමට මෙවැනි අසත්‍ය ප්‍රචාරය කරන බැවින් එවැනි දේ වලට නොරැවටෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

Monday, January 16, 2017

කැබිනට් මණ්ඩලය උණුසුම් කල කතාව මෙන්න .. හරින් ජනපතිට බොරු කියයි.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය රැස් වුයේ ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙනි.එහිදී ශ්‍රීලංකා ටෙලිකොම් manpower ප්‍රශ්නය ගැන සාකච්චාවට බදුන් වුයේ රාජිත සේනාරත්න ඇමති වරයාගේ මැදිහත් වීම මතය .එහිදී හරින් ඇමතිවරයා ජනාධිපති තුමා හමුවේ ප්‍රකාශ කල සිටියේ දැනට සිටින සේවකයනට සුදුසු කම් නොමැති බවයි.හරින් යනු දිවදෙකේ නයෙක් බව එහිදී ඔහු තමාගේ ඇත්ත රටට හෙළි කළේය.සේවකයන් සමග ඔහු සාකච්චා කරන විට ඔහු කියන්නේ ,, මල්ලිලා මන් දන්නවා වෙන්නේ අසාදාරනයක් මන් කොහොම හරි වැඩේ කරලා දෙනවා ,,
       ගරු ඇමතිතුමෝ ඔයා කොහොමද කියන්නේ මේ සේවකයන්ට සුදුසුකම් නැ කියලා නිකම් මෝඩ කතා කියන්න එපා ඔයා මෙයාලව සම්මුකපරික්ෂණයක් තිබ්බද .ඔයා එයාලගේ අධාපන සුදුසුකම් බැලුවේ කොහොමද ,ගරු මහත්තයෝ මේකට එනකොට NVQ 4 තිබ්බ අය ඉන්නවා network වලින්, A/C ,power වලින් උසස් පෙළ සමත් අය බහුතරයක් ඉන්නවා .ඔයා කොහොමද නොදැන මෙහෙම ජනාධිපති ඉදිරියේ බොරු කියන්නේ ,,ආ අමතක උනා ඔයාට ඕක වැඩිය ගානක් නැ.ඔයා ඔතන ඉන්නේ මහජනතාවට බොරු කියලා පත් වෙලානේ.ඔයා ඔයාගේ අමාත්‍යංශයේ තේරුම හොයපු කෙනෙක් ඉතින් ඔයා digital වචනේ තේරුම අහන්න ඔය පාරේ ඉන්න කොල්ලෙක්ගෙන් ,,ලැජ්ජයි.ඔයා අන්දන්න හදන්නේ රටේ අනාගතය .ඔයා දන්නවද කෝල් එකක් හැදෙන විදිහ නැ ඔයා දන්නේ නැ.මහත්තයෝ කොල්ලන්ගේ සුදුසුකම් බලන්න කලින් ඔයාට තියෙන සුදුසුකම් මොනවද මේ සම්බන්දව කියල බලන්න.දැන් කියයි ලොක්කා දුන්න නිසා ගත්තා කියලා ...අන්න එක තමයි අපිටත් ඕනි .ඔය සේවකයෝ manpower එක හරහා බදවා ගන්නකොට සුදුසු කම් බලලා නෙමෙයිද අරගෙන තියෙන්නේ .හරි අපි හිතමු එක manpower එකට වැඩක් නැ කියලා .එතකොට ඔය ටෙලිකොම් එකේ ඉන්න ගොන් රැල තමන්ගේ ආයතනයට අපු සේවකයන්ගේ සුදුසු කම් බැලුවේ නැද්ද.? ඇයි එයාලට SLT සේවා අංකයක් දුන්නේ එයාලට බඩු දුන්නේ ඇයි? අන්න ඒවා හොයා ගන්න ..දැන් කියයි දේශපාලන පත්වීම් කියලා ඔව් දුන්නා එහෙම අය ඉන්නාව හැබැයි මේ අරගලයට එයාලා එන්නේ නැ මොකද එයාලා අවේ දේශපාලනයෙන් ඉතින් මේ අය හිතාගෙන ඉන්නේ පාරේ ඉන්න කොල්ලන්ගේ පිහිටෙන් ඇතුලට යන්න. ඔතන මහත්තයෝ බොක්කෙන් කරන අය ඉන්නේ 700 විතර එයාලව ගන්න එයාලට manpower හරහා ටෙලිකොම් එකට ගත්ත සුදුසුකම් බලලා ගන්න.තව එකක් ඔයා හිතාගෙන ඉන්නේ ඔයා අර 17500 ස්ථිර කරපු ගොන්නු ටිකට සුදුසු කම් තියෙනවද කියලද ඔයා එයාලගේ විස්තර හොයලා බලන්න එතකොටවත් ඔයාගේ ගැලවිචච රෙද්ද ඇඳ ගන්න පුළුවන් ..

කම්කරු ඇමති කියනවා අපිව ගත්තම පාඩුයි කියලා එයා එහෙම කියන්නේ කොහොමද ? එතකොට සේවකයෝ ගත්තම ටෙලිකොම් එක වැටෙනවා ..ඒ කියන්නේ මේ ගොල්ලෝ ටෙලිකොම් එකේ වැඩ කරලා තියෙන්නේ නිකන් පඩි ගන්නැතුව එකනේ ඇතුලට ගත්තම පාඩු කියන්නේ.මහත්තයෝ ඔයා කතා කරන්නෙත් දිව දෙකෙන්ද ? ඔයා කම්කරු ඇමති විදිහට මාධ්‍යට කියනවා manpower ක්‍රමය මේ සමාජයට ගැලපෙන්නේ නැ කියල ඒ කියලා ඔයා දෙනවා නිර්දේශයක් manpower සේවකයන් ඇතුලට ගන්න කියලා ..දැන් කැබිනට් එකේ කියනවා පාඩුයි කියලා ,, ඔයාටත් අත යටින් ගානක් දානවද?අපි හිතන්නේ නැ ඔයා කරන්න ඕනි කම්කරු ඇමති විදිහට මේ සේවකයන්ගේ ගැටලුව ගැන ටෙලිකොම් ආයතනයේ බඩු වාහන අරගෙන දෙවිදිහකට සලකන එක ගැන ඔබතුමාට කම්කරු ඇමති විදිහට වැඩක් නැද්ද?

ඔයාලට ඕනි මිනිස්සුන්ට මොනවහරි බොරුවක් කියලා ඊලග වතාවෙත් චන්දය ගන්න විතරයි..අපි මුළු හදවතින්ම ස්තුති වෙනවා රාජිත ඇමති තුමාට එතුමා දන්නවා ඔය යහපාලනය ගෙන්න මේ සේවකයෝ කල කැපවීම එතුමා විතරයි මාධ්‍ය ,කැබිනට් මේ හැමතැනම කතා කරන්නේ .අපිට දේශපාලන පක්ෂ වැඩක් නැ හැබයි රාජිත ඇමති තුමනි ඔයා සේවකයන්ට සාධාරණයක් ඉටුකළහොත් අපි ඔයාට මොන දේ උනත් කොන්දේසි විරහිතව ඔයාව බලයට ගන්න අකුරු වලින් ලොකු සටනක් දෙනවා නියතයි..

සේවකයිනි ඔබට ජය....

Thursday, January 12, 2017

හෝරා කිහිපයකින් අවසන් තීන්දුවට ...........

හෙට දිනට පුරා දින 19 එක දිගට කල කැපවීම මල් පල ගැන්වෙන තීන්දුවට තව ඇත්තේ හෝරාව කිහිපයක් පමණි.අව් වැසි දුහුවිලි නොතකමින් කල අරගලයට අපගේ ස්තුතිය පුද කරන අතර අප ඇමතු ඔවුන් විශේෂ පුවතක් පල කරන මෙන් ඉල්ලා සිටි අතර එය පහත දැක්වේ.

මෙහි නොපමිනෙනේ හා එදිනට විස්තර පුරවා ලබා දෙන අය මුලික වටයේ ස්ථිර සේවකයන් ලෙස ආයතනයට බදවා ගන්න බව දන්වා සිටි .මන්ද අනෙක් සේවකයන්ගේ විස්තර ටෙලිකොම් එක තුල ඇති නිසා එය HR එක මගින් ලබා දුනහොත් පමණක් පළමු කණ්ඩායමට ඇතුලත් විය හැක. එන නිසා සිකුරාදා දින උදැසන පැමිණ සියලු විස්තර ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටි.

Monday, January 9, 2017

ටෙලිකොම් මාතාව මහා දවල් මහා මග දුෂණය කරයි...



ශ්‍රී ලංකා ටෙලිකොම් මාතාව යටතේ සේවය කරන manpower සේවකයන්ගේ ප්‍රශ්නය ජයක්ග්‍රහනය ලැබෙන්න ඔන්න මෙන්න තියා ටෙලිකොම් මාතාව විකුණගෙන කෑමට විරෝධය පා ටෙලිකොම් ස්ථිර සේවක පිරිසක් හා කොන්දේසි විරහිතව ඔව්නට සහය දීමට තීරණය කල manpower සේවකයන් මේ පිළිබද කතා කරන්නේ ඇස් වලට එන කදුළු බින්දු පිස දා ගෙනය .

අපි කතා කරන විදිහට මේක කියන්නම්.ඔයාලා අපි දන්නවා ආයතනයට කොච්චර ආදරෙයිද කියලා ,එහෙම අයට තමයි මේකේ දුක තේරෙන්නේ 2008 ඉදලා manpower ඔයාලගෙන් කොච්චර මුදලක් මේ ලොක්කෝ ගසා කාලද? හිතා ගන්න බැ , ඇමති තුමා එක්ක සාකච්චා වට ගණනාවක් තිබුන බව ඔයාලා දන්නවා අපිත් කිව්වා මතකද ඒ ගොල්ලෝ ලියකියවිලි වගයක් එවලා තිබුනා කියලා අන්න එකේ තියෙනවා ඔයාලට රු 41000 මුලික වැටුපක් ගෙවනවා කියලා ඔයාලට දැන් දෙන වැටුපෙන් මේක අඩු කරලා 2100 වැඩි කරලා බලන්න මුන් කොච්චර ගානක් ගසා කාලා තියෙනවද කියලා 10000*2100=21000000 කොහොමද ගාන.අන්න ඒ නිසා තමයි ඔයාලා අරගල කරන්නේ ටෙලිකොම් මාතාවගේ රුදිරය වෙන උන් උරා බොනවට විරුද්දව.ඔයාලගෙන් ගසා කාපු මුදල් වලින් හෝටලයක් සඳහා ණය ගෙවන,කොටස් වෙළද පොලට ආයෝජනය කරන ,සූදු කෙලින ,වෙන ආයතනයකට ආයෝජනය කරන්න යොදා ගත්තා කියලා ...

ඒ දේවල් එක්ක පහුගිය මාස වල OT එක කැපුවා මතකද ? ඒ ඒගොල්ලන්ගේ මාසයකට එන ගාන අඩු වෙනවට මෙයාලා කැමති නැ අන්න ඒ නිසා .ලංකා බැංකුවෙන් රු. කෝටි ගණක ණයක් අරන් තියෙන්නේ රු බිලියන ගණන් ලාබ ලබපු ආයතනයක් .එකයි අපි කියන්නේ එලි පිට ටෙලිකොම් මාතාව දුෂණය කරන්නේ මේ පාදඩ නිලධාරීන් කියලා.

තවත් කරන මරු සෙල්ලමක් ගැන කියන්නම් ඒ තමයි ඔයාලා කැගහන outsource  කියලා එක කලින් තිබුනේ new connection ඉට පස්සේ maintain තේරෙන විදිහට කිව්වොත් OPMC වැඩ දැන් කරන්න කලින් කියන්නම් මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා .කාලෙකට කලින් මතකද ලස්සනට ඇද ගත්ත මහත්තයෙක් OFFICE වලට ඇවිත් අපට වඩා ආයතනයක් ඉස්සරහට එන්න හදනවා එක අපි නවත්වන්න ඕනි ,,මතකද කෙනාව අන්න එයා දැන් දෙන්න හදන්නේ TELESHOP ටික එයාගේ ආයතනයක යටතට ගන්න කොහොමද වැඩේ.හිතන්න එයා කොච්චර මුදලක් එයින් ලබා ගන්න හදනවද කියලා .

තව තියෙනවා huawei  ටෙන්ඩර් එක ZTE එකට දුන්න එක , CABLE නැව .තව තියෙනවා ,,දවස් 15 තිස්සේ මේ අම්මාගේ දරුවෝ ටික පාරේ තියලා උන්ගේ ඉවසීම බැලුවේ ටෙලිකොම් මාතාව පාරේ මිනිස්සු ඉස්සරහ නිරුවත් කරලා මේකට වග කියන්න ඕනි GCEO හා සභාපති එයාලා නම්බු පිට මේකෙන් අයින් වෙලා පුළුවන් කෙනෙක්ට මේක බාර දෙන්න ඕනි .රු බිලියන ගානක් අදායම තිබුණු ටෙලිකොම් මාතාව මහා පාරේ නිරුවත් කරලා දුෂණය කලේ මෙන්න මේ විදිහට...

හැබැයි මේකට සුපිරි කියාගන්න වෘතිය සමිති නායකයෝ ඒ ගොල්ලන් රට යනවා වාහන ගන්නවා ඒ ගොල්ලොත් මේකෙන් ගොඩ යනවා ,හිතන්න අපේ පරණ සේවක මහත්වරු ටික ඔයලා ආයතනය මෙතනට ගන්න මාර කැපවීමක් කරා එක ඔයාලගේ දරුවන්ට ඉතිරි කරලා දෙන්න පොඩි හරි සහයෝගයක් දෙන්න.

මේවා FCID එකට දුන්නනම් ඉවරයි දැනට එක්කෙනෙක් ඇතුලේ ඉන්නවනේ අන්න ඒ විදිහට තමයි කරන්න ඕනි.ඒ සදහා විරෝධය පාන සියලුම ටෙලිකොම් සේවකයන්ට අපගේ ස්තුතිය හා ආචාරය මෙයින් පුද කරන්නේ වසර 100 ගණනක් පැරණි ටෙලිකොම් මාතාව රැක ගෙන මතු අනාගත පරපුරට දායාද කරන මෙන් ඉල්ලා සිටිමි...

Saturday, January 7, 2017

HCS ජිම්පප්පා ද නීතිය නවන්නට සැරසෙයි....


ඉහත ලිපියට අත්සන් කල පුද්ගලයා තමයි මේ ඉන්නේ ,ලිපිමගින් හා sms මගින් සේවකයන්ට තර්ජනය කල නොහැකි බව ඔබ දන්නේ නැද්ද? සේවක අරගලයකට වැඩට එන්න කියා උසාවි නියෝග ගන්න උන රටක් හා ආයතනය ශ්‍රිලංකාවේ HCS ආයතනය වාර්තා පොත් අතරට එකතු වී ඇත.

වැඩට එන්න කියා  සේවකයන් උසාවියේ නාමයෙන් බය කිරීම අපි ඉතා දැඩි සේ හෙලා දකින අතර මෙය නිතිය හැල්ලුවට ලක් කිරීමක් හා උසාවියට කරන ලද අපහාසයක් බවද කියා සිටින්නේ ඉතා පිළිකුල් සහා තවය .පෙනුමෙන් පරිනත පුද්ගලයෙකු බව පෙනුනත් කරපු හා කල මෝඩ වැඩ නිසා සිංහල කියමනක් වන වයසට වඩා ගොන් කම වැඩි කතාව ඔබ තුමාට යසට ගැලපෙනවා යන්න මෙයින් ඉතා මනා ලෙස පැහැදිලි වේ.

අප සොයාගත් කරුණු අනුව මේ ලියුම සකස් කිරීමට ඔබලා ගත් තීරණයේදී ඔබතුමාද සාකච්චා මේසයේදී සිට ඇත.ලිපිය සකස් කොට ලිපියට අත්සන් කොට එයට වලංගු භාවය ලබා දෙන සීල් එක තබා නැත්තේ මන්ද.එක සේවකයන් බය ගන්විට මිස වෙනයම් කරුණකට නොවනබව ඉතා පැහැදිලිය .ඔබ ආයතනය මගින් අධිකරණ නියෝගයක් ලබා ගත්තේනම් එහි පිටපතක්ද සේවකයන්ට ලැබෙන ලෙස හෝ පුවත්පතක ප්‍රසිද්ද කල යුතුය.

අප අරගලයේ යෙදී සිටින සේවකයන් හට ඉතා දැඩිව කියා සිටින්නේ ඔබ SLT ආයතන වෙනුවෙන් කරන සේවයට අදාළ මුදල් එම ආයතනයෙන් ලබා ගෙන ඔබටත් වඩා වැටුපකට මොවුන් හිමිකම් කියන්නේ ඔබේ මුදල් වලින් මොවුන් වැටුප් ගන්නා නිසාය.sms හෝ කිසිදු නීතිමය වලංගු තාවයක් නැති ලියකියවිල්ලකට බය නොවන ලෙස ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙය සිදු කරනම් උසාවි නියෝගය ප්‍රසිද්ද කල යුතුය.

එසේ නොමැති නම් අප දැඩිව කියා සිටින්නේ නිතිය කරන බලධාරයෙනි නීතියට හා උසාවියට අපහස කරන්නේ අයිතිය වෙනුවෙන් පාරට ආ සේවකයන් නොව ඔවුන්ගේ කරමතින් දිව්‍ය සැප සම්පත් සොයන මෙවෙනි අඳබලයන් නිසා ඔවුනට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

අලුත් මානව සම්පත් කලමනාකර තුමාට..

යහපාලනය යමපාලනයක් කරන ටෙලිකොම් ලොක්කෝ...







සේවකයන් දින 13 ගෙන යන අරගලය මේ වන විට සමාජ ප්‍රබල ප්‍රශනයක් බවට පත් වී ඇතත් රට කරවන පාලකයන් මේ පිළිබඳ අවදානය යොමු නොකරන්නේ ටෙලිකොම් ආයතනයේ අයිති කාරයා ලෙස සිතා සිටින ජනපති සොයුරු නිසාය.එක්තරා ඇමති වරයෙකු කියා සිටියේ , අපි දන්නවා ප්‍රශනේ ගැන එත් ඕවට අපිට කතා කරන්න බැ.විෂය භාර ඇමති ඉන්නවනේ එයාටනම් පොඩි ශේප් එකක් තියෙනවා අපි කතා කරොත් අපි ඉවරයි ,,අනික ලොක්කගේ මල්ලි ඔකේ ඉන්නේ හරින්ටත් ඕකට 100% මැදිහත් වෙන්නේ නැ.මිනිහත් බයයි.අපි කියලා නැ media වලට ඕක දෙන්න එපා කියල ඕක ඔයාලගේ company එක තමයි කියන්නේත්තේ.

අපි කියපු දේ ඇත්ත කියල හැමෝටම තේරෙනවා ඇති.රු.කෝටි ගණන් ගසා කන SLT එක ගැන එක දුරකථන ඇමතුමක් මගින් මේ හැම ප්‍රශ්නයක්ම විසදන්න පුළුවන් කම තියෙනවා.ලොතරැයි නියෝගිතයන්ට ජනාදිපති එන්න කියලා ඒ සුදු කෙලින අයට සුදු කෙලින්න ඉඩ දෙන්න ,හරි එකත් කමක් නැ .රටේ ප්‍රධාන සන්නිවේදන සහකරුවා එයාගේ සේවකයන් එළියේ ඉල්ලන්නේ රැකියා ස්තිර භාවය ,දුෂණ වංචා නවත්වන්න කියලා ඇයි ඕක රටේ ප්‍රධාන පුර වැසියා මගරින්නේ මල්ලිට බය නිසාද නැත්තම් එයට හම්බ කර ගන්න පොඩි ඉඩක් දෙන්න ඕනි නිසාද? අනේ මන්ද රජයට 52% තියෙන ආයතනයේ 45% +3% කැමති නම් ඉතුරු 52% මුළු අයිතිය තියෙන්නේ සමස්ත සේවකයන් ගෙන් ලොක්කන්ට විතරද ?

රාජපක්ෂ රජය පෙරලා යහපාලනයක් ගෙන්න මේ සේවකයන් කල කැපවීම ඔබතුමාට මතක නැතුව ඇති ,ඔබ තුමා ගමෙන් ආ ගැමියෙක් උනත් ඔය ලොකු පුටුවල තියෙන ප්‍රධාන ගැටලුව තමයි මුල අමතක වීම එක දැන් ඔබතුමාටත් වෙලා එකෙන් වෙලා තියෙන්නේ යහපාලනය යමපලනයක් උන එක විතරයි.ලෝකයටම කියනවා යහපාලනය ගැන එත් කියන්න ලැජ්ජයි SLT සේවකයන්ට ඔබතුමාගේ මල්ලි හා GCEO නිසා යනඑනමන් නැතිවෙලා .

අපි දන්නවා මේ හැම ලිපියක්ම කිසියම් පිරිසක් කියවනවා කියලා .තොරතුරු හොයනවා කියලත් දන්නවා එක ගැටළුවක් නැ.එත් ඉල්ලන එකම ඉල්ලීම සේවකයන්ගේ සේවා ස්ථිර කර රටේ සියලු ගැටළු විසදා කතිරයට වඩා රට ගැන සිතා යහපාලනය මුළු රටේම ඇති කරන ලෙසය..

Wednesday, January 4, 2017

ජනවාරි 8 කලින් සේවකයන්හට කුමක් වෙයිද?



සේවකයන් තවමත් පාරේ උපවාසය කරද්දිදී ඊයේ තිබුණු සකච්චවල අරුත කුමක්දැයි සියලු දෙනාට වැටහී ඇතැයි අප විස්වාස කරමු.මන්ද 2015 ජනවාරි 8 යහපාලනයක් වෙනුවෙන් තිබු රාජපක්ෂ ආණ්ඩුව යාවා මෙම ආණ්ඩුව බලයට පත් වී අවුරුදු 2 සපිරෙන 8 වෙනිදා කිසිදු උද්ගෝෂණයක් , වැඩ වර්ජන නොතිබිය යුතුබවට ඉහල නියෝගයක් ලැබී ඇති බැවිනි.

හරින් ඇමතිතුමා ඊයේ දිනයේදී පමණක් ඉතා දීර්ඝ  සාකච්චා වට 2 ක් ලබා දී තවමත් ක්‍රම වේදය ගැන කතා කර ඇති බව ඔබ සියලු දෙන දන්නවා ඇතයි අප විශ්වාස කරමු.යහපාලන අවුරුදු 2 පැවති අතර සේවක අරගල කිහිපයක් ද පැවති බව සැම දන්නා කරුණකි.දවස් 730 තිස්සේ නොකළ දේ ඇමති මේ හදිසියේ කරන්නේ මන්ද?මේ අවුරුදු 2 ම සේවකයන් රවට්ටු බව ඇමති නොකියා කියන්නේ එයයි.කම්කරු ඇමති නිර්දේශය ලබා දී මෙපමණ කාලයක් බොරු කල ඇමති ඊයේ තිබු සාකච්චා සදහා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන නිලධාරීන් සම්බන්ද නොකර ගත්තේ මන්ද?ඒ සදහා ඒ අයගේ යෝජනා ඇතුලත් ලියකියවිලි පමණක් ඉදිරිපත් කලේ ඇමතිට වඩා ඉහලින් ටෙලිකොම් එකේ ප්‍රදනින් ඉන්නවා බව නැවතත් තහවුරු කරමින්ය.ඇමතිට වඩා ඉහලින් ටෙලිකොම් සභාපති සිටින බව මුළු ලංකාවම දන්නා කරුණකි.එහෙත් GCEO කගේ උවමනාවක් ඉටුකරන්නේද යන්න යහපාලනය විසින්ම සොයා ගත යුතු කරුණකි.

අදට දින 10 තිස්සේ ප්‍රධාන අග නගරයේ කරන උපවාසය ජනාදිපති තුමා නොදන්නවානම් එක්කෝ ඔහු රට ගැන හිතන්නේ කොහොමදැයි සිතා ගත හැකිය,ඔහු මේ බව දන්නවා .. මන්ද 8 වෙනිදා තම යහපාලන පදවි ප්‍රප්තිය යෙදී තිබෙන නිසා කෙසේ හෝ රටේ කිසිම ප්‍රශ්න නොමැති බව වැසියාට ඒත්තු ගැන්වීමට කරන රඟ පෑමකි.එහෙත් අප කෙලින්ම කියා සිටින්නේ වෙනදා මෙන් කිසිදු ලිය විල්ලකට අප නැවත හසු නොවන බවයි, අප මෙතැනින් ඉවත් වෙන්නේ අපේ අතට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පතිවීමේ ලියුම ලැබූ දා සිට බව සේවකයන් එක හඬින් කියා සිටි,මේ සඳහා යෝජනාවක් ලෙසට අප කියා සිටින්නේ තාවකාලිකව හෝ පත්වීමේ ලිපියක් වත් සේවකයන් අතට පත් කරන ලෙසය..

රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යාමට සිදුවුයේ රටේ ජනතාවට අනුව සහෝදරයන් නිසාය.මෙවර යහපාලන ජනාධි පති ගෙදර යවන්නේද අයෙ නොයෙන්නටම සහෝදරයා සිටින්න රටේ ලොකුම දුෂණ වංචා සිදුවන ටෙලිකොම් ආයතනයට ඔබ තුමා ඍජු මැදිහත් වීමක් නොකරන නිසාය.

ජනාධිපති තුමනි මේ ඔබේ නැවත අවදානය පිණිසයි....

Monday, January 2, 2017

manpower සේවකයන් ලෝටස් පාරේ අවුරුද්ද සමරයි......


    දින ගානක් තිස්සේ මහා පාරේ නොකා නොබී අරගලයක නියෙලෙද්දී කිසිදු නිලධාරියෙකු රට කරවන පාලකයෙකුගේ ඇස නොගසුනේ මන්ද?තම සේවය ස්ථිර කරදෙන ලෙස ඉල්ලා දැනට දින 8 උපවාසයක් ආරම්භ කර ඇති manpower සේවකයන් 2017 අලුත් අවුරුද්දද සැමරුවේ ලෝටස් මාර්ගයේය.දින ගණනක් දහස් ගණනක් ජනී ජනයා බලාගෙන යද්දී අද ඔවුන් තම දෙමාපියන් දු දරුවන් සමග මහා පාරේ කිරිබත් කෑවේ මෙරට සුවහසක් ජනයට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. මන්ද රටේ ප්‍රධාන පුරවැසිය වන ජනාධිපතිගේද අවදානය මේ සදහා නොලැබුණු වටපිටාවකය .එහෙයින් දු දරුවන් සමග කිරිබත් කා එකිනෙකට සුබ පතා ගනිද්දී අවට සිටි මිනිසුන් යහපලනට සාප කලේ නෙතට නැගුනු කදුළු බිංදු පිස දමමින්ය.

දින ගණනාවක් පුරා ඇදුනු මෙම අරගලය දෙස ජඩ මාධ්‍ය නොබැලුවේ ටෙලිකොම් ආයතනයේ PEO TV හා වෙළද ප්‍රචාරණ ප්‍රධානින්ගේ  නියෝග මතය .tv channle වලට ලබා දෙන වෙළද ප්‍රචාරණ අත්හිටුවන බවට තර්ජනය කරමින් ඒ සදහා මොවුන් කොන්දේසි පත්‍රයක්ද අත්සන් කර ගනිමිනි.නැතහොත් ගමක අදෝ වාතයක් පිටවුනත් දවසට දෙපාරක්වත් පෙන්වන මාධ්‍ය මේ සදහා කිසිදු උනන්දුවක් ලබා නොදීමට තරම් කටයුතු කලේ නිදහස් මාධ්‍ය පිළිබධ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.

එන්රික් නමැති ගයකයට තන පටයකින් ගැසූ පුවත අසා අපේ ජනාධිපති තුමා කුලප්පු වූ හැටි අපට තාම හොදට මතකය .රටේ ප්‍රධාන පරශ්න වලට එතුමා පියවර ගන්නේ නැති තරම්ය.ටෙලිකොම් manpower ගැටලුව ,විල්පත්තු ගැටලුව මෙරට බරපතලම ගැටළු උවත් එතුමාට කිසි ගානක් නොමැති තරම්ය.රටේ ජීවනාලිය බදු ටෙලිකොම් අරගලය එතුමා නොදෙන සිටීම සිතා ගත නොහැක්කේ එතුමාගේ සහෝදරයා ආයතනයේ සභාපති දුරය දරන නිසාය.

රුපියල් කෝටි ගණනින් දුෂණ වංචා සිදුවන විට ,ආයතනෙයේ සේවකයන් අරගල කරන විට ඔවුන් නොදැන සිටීමට හේතුවක් නොමැත.අප කියා සිටින්නේ ඔබතුමාට ඍජු තීරණයක් ගත හැකි අවස්ථාවක එසේ නොකර සිටින්නේ මන්ද?

සේවකයන් කියා සිටින්නේ ස්තිර පිළිතුරක් ලැබෙන තුරු අරගලය ක්‍රියාත්මක කරන බවයි.එසේ තිබියදී විෂය භාර ඇමති තවත් උගුලක් අටවමින් සිටින්නේ දැයි අපට සිතෙන්නේ GCEO සමග හොර රහසේ කතාකොට හෙට දින සාකච්චාවක් ලබා දීමට තීරණ කල නිසාය.අප කියා සිටින්නේ ස්ථිර විසදුමක් ලැබෙන තුරු අපද ම පිළිබධ අවදානයෙන් සිටින බවය.

ජනාධිපති තුමනි. අගමැති තුමනි ,විෂය භාර ඇමති තුමනි ,මේ ඔබේ අවධානය පිණිසයි...

Comments System

Disqus Shortname