Saturday, December 19, 2015

Telecom Manpower සේවකයන් ළගදීම ස්ථිර සේවයට..........

Telecom Manpower සේවකයන් ළගදීම ස්ථිර සේවයට..........


Telecom manpower සේවකයන්ට අයදුම් පතක් පුරවා එවන ලෙස telecom අධිකාරිය දැනුවත් කර ඇත. ඒ සම්බන්දයෙන් දුරකථන ඇමතුම් අවු 07 වැඩි සියලු සේවකයන්ට දීමට තරම් කාරුණික වීමට බල අධිකාරිය පියවර ගෙන ඇත්තේ මෙතෙක් කලක් ඉතා දුෂ්කර ගමනක නිරත වූ සහෝදර ඔබ සැමගේ කැප වීම නිසාය .2008 සිට මේ වන තෙක් අරගල වල නිරත වෙමින් ,පාරවල් වල නිදි වරමින් කල කැප වීම ජයක් ග්‍රහණය බවට පත් වී ඇති හෙයින් මේ සදහා කැප වූ  සියලු දෙනාට සුභ පැතීම සදහා මෙය අවස්ථාවක් කර ගනිමි.

read more

Wednesday, August 12, 2015

Windows 10 සදහා Microsoft ආයතනය ගන්නා මහන්සිය ...

Windows 10 Wall paper එක නිර්මාණය කරන අයුරු........



Microsoft Windows 10 පසුගිය 29 එලි දැක්වූ අතර එහි ඇති මෙම මනරම් Wall paper  එක නිර්මාණය කිරීමට ඔවුන් ලොකු වෙහෙසක් ගන්නේ පරිගණක තාක්‍ෂණය තිබෙන මෙම වකවානුවේ එයට සජීවී බවක් එක් කිරීමට ගත් උත්සාහය හා අවසානයේ නිර්මාණය වූ Wall paper එක .

Thursday, June 25, 2015

26 වෙනිදා ස්ථිර කිරීමට සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත. උපුටා ගැනීම lankaenews

26 වෙනිදා ස්ථිර කිරීමට සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත. 





ඊයේ රැස්වීමට මොහු විසින් ටෙලිකොම් සමාගමේ සහ විදුලි බල මණ්ඩලයේ අස්ථිර සේවකයන් ලෙස සේවය කරන මෑන් 
පවර් සේවකයන් පිරිසක් ගෙන්වා ගෙන තිබේ. ඒ වන විටත් ටෙලිකොම් සමාගමේ සිටින මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීමට වෘත්තීය සමිති ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට දින යොදා ගෙන තිබිණ. එම දිනය වූයේ ලබන 26 වෙනිදා ය. පියා හරහා මේ බව දැනගෙන ඇති චතුර සේනාරත්න ඊයේ රැගෙන විත් සිටි මෑන් පවර් සේවකයන් අමතා මහ හඬින් පවසා සිටියේ ලබන 26 වෙනිදාට මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම තමාගේ සටනක් බවයි. මේ සම්බන්ධයෙන් අද වන විට ටෙලිකොම් වෘත්තීය සමිති තම විරෝධය පා තිබේ. ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම සඳහා පසුගිය වසර ගණනක කාලයක් තිස්සේ වෘත්තීය සමිති ගෙන ගිය සටනට කිසිදු සම්බන්ධයක් නැති මේ ලක්ෂ 9 සපත්තු දාන ලක්ෂ 5 පෑන් වලින් ලියන මේ සෙල්ලක්කාර කොලු ගැටයා වෘත්තීය සමිති අරගලය ඔහුගේ සාක්කුවට දමා ගැනීමට යෑම අමු තක්කඩි ක්‍රියාවක් බව කියමින් වෘත්තීය සමිති විරෝධය පා ඇත. මේ හේතුව නිසා ලබන 26 වෙනිදා ස්ථිර කිරීමට සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත. 


උපුටා ගැනීම lankaenews   (2015-06-21 12:01:55)

SLT Manpower සේවකයින් සියලුම මාධ්‍ය වෙත කරන නිවේදනයයි

SLT Manpower සේවකයින් සියලුම මාධ්‍ය වෙත කරන නිවේදනයයි..



හෙට දින BMICH හිදී පැවැත්වීමට නියමිත slt manpower සේවකයන්ට ලබාදෙන සේවය ස්ථිර කිරීමේ උත්සවය SLT ආයතනය මගින් ලබාදුන් ස්ථිර කිරීම නොව රංජිත් රුබසිංහගේ හෙළුව වසා ගැනීමට HCS නැමති වහල් කඩේ ස්ථිර කිරීම පමණක් බව මෙයින් දන්වමි..

manpower සේවකයින්ගෙන් ගරු ජනාධිපති තුමාගේ අවධානය පිණිසයි.




ජනාධිපති වරයෙකු ලෙස ඔබගේ භූමිකාව කුමක්ද?

ජනාධිපති වරයෙකු ලෙසට ඔබට සාකච්චාවක් සදහා නිලදාරීන් එකතු කරගත නොහැකිද?

ජනාධිපති වරයෙකු ලෙස ඔබගේ භූමිකාව කුමක්ද?

ගොවි පවුලකින් අ ඔබටත් සේවකයන්ගේ දුක තේරෙන්නේ නැද්ද?

manpower සේවකයන් ස්ථිර කිරීම වෙනුවෙන් පවත්වන ලද සාකච්චා අතරවාරයේ ඔබතුමන්ගේ මලයා තවත් හොරෙකු සමග එකතු වී සිටින බව ඔබ දන්නේ නැද්ද?

ඔබ වට සිටින උන් ඔබට විස්වාසද?

එසේනම් මේසා ලාබයක් ලබන telecom ආයතනය සදහා manpower සේවකයන් අන්තර්ග්‍රහණය කලයුතුය.මන්ද රටේ ප්‍රධාන පුරවැසියා ලෙසට ඔබ යටතේ සිටින සේවකයන්ට ඔබට උපදෙස් දීමට කොන්ද පන තිබිය යුතුය .මන්ද අවුරුදු ගණනාවක් පවතී මෙම ප්‍රශ්නය ඔබතුමා දැනට මාස 7 යනතුරුත් විසදීමට ඔබට උවමනාවක් නැද්ද ? නැතිනම් ඔබට ඔබට කල නොහැකිද?සේවකයන් ඔබතුමා මෙම ජනාධිපති දුරයට පත් කිරීමට කැපවී වැඩ කල අයවේ මන්ද රාජපක්ෂ ආණ්ඩුව ඔව්නට කල හිරිහැර නිසාය.එහෙත් ඔබතුමන් ගෙන්ද නිසි පිළිතුරක් නැත්තේ ඔබගේ මලයාට ඇති බිය නිසාද? මන්ද ඔවුන් කල් ඉල්ලා සිටි ගමන් ඔබ කල් දෙයි.slt පාලකයෝ අසන්න වශයෙන් අවු 7 තිස්සේ කරන්නේද කල් ඉල්ලුවා මිස මේ ප්‍රශ්නයට උත්තර සෙව්වේ නැත.ඔබතුමා කරන්නේ පනින රිලවුන්ට ඉනිමන් බැඳීමය නොකළ යුත්තේද එයමය.කොන්ද පණ ඇති නිහතමානි රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ඔබතුමා මෙයට වාඩා ප්‍රශ්න දෙස සැලකිල්ලෙන් බලයි යැයි අප බලාපොරොත්තු වේ.


Wednesday, April 29, 2015

Thursday, April 23, 2015

ආණ්ඩුවේ ඉවරවුන දින 100 හා SLT manpower සේවකයන් ....

ආණ්ඩුවේ ඉවරවුන දින 100 හා SLT manpower සේවකයන් ....



2015.01.08 දින මෙරට ආණ්ඩු වෙනසක් සිදුවුයේ යහපාලන ක්‍රියාදාමයක් සදහාය.මෙරට ඉතිහාසයේ 2014 / 2015 වර්ෂ 2 ක් වෘත්තිය අරගලයක නිරත වූ සේවකයන් ඇත්නම් ඒ slt manpower සේවකයන් ය.2014 12 29 ආරම්භ කල ඔවුන් 2015 .01 .04 දක්වා ඉතිහාසය වෙනස් කලේ පැවති රජය ඔවුනට එපා වූ නිසාය.විවිධ ආයතන වල සේවකයන් මෙම යහපාලන ආණ්ඩුවට තම මනාපය ලබා දුන්නේ තමන්ගේ සේවා ස්ථිරත්වය බලපොරෝතුවෙන්ය.

Sunday, April 19, 2015

ටෙලිකොම් සේවකයෙක් දැරියකගේ ජීවිතය බේරයි................

ටෙලිකොම් සේවකයෙක් දැරියකගේ ජීවිතය බේරයි................

උපුටා ගැනිම රිවිර ඉරිදා සංග්‍රහය 2015.04.19 


Monday, April 13, 2015

සුභ අලුත් අවුරුද්දක් වේවා!..........New World Tech team.........

බාධක මැදින් ඉදිරියට ඇදෙන manpower සේවකයන්ටත් සටන සදහා සහයෝගය දුන් සැමටත් සුබ අළුත් අවුරුද්දක් වේවා.....අපි New World Tech web team.....

Sunday, April 5, 2015

SLT Manpower සේවකයන්ගේ උත්සව අත්තිකාරමටත් කෙලී ද ?

SLT Manpower සේවකයන්ගේ උත්සව අත්තිකාරමටත්  කෙලී  ද ?


මෙවර අලුත් අවූරුදු උත්සවය සේවකයන් බහුතරයක් සමරන නිසා වෙනදා මෙන්ම ඔවුහු  මාර්තු 24 දින ලැබුණු sms පණිවිඩයට අනුව උත්සව අත්තිකාරම් අයදුම් පත් පුරවා යවන ලදී.එහෙත් අද 04 04 වන විටත් එම ගෙවීම පිළිබද කිසිදු තීරණයක් අරගෙන නැතෙයි වාර්තා වෙයි.රැ 12500 යක් මාස 10 කින් පඩියෙන් කාපා ගන්නා මෙයටද සමහර සුනකයන් විරුද්ධ බව ඔවුන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කල ඉල්ලීමෙන් සනාථ වේ.ගිය

Read more...

Thursday, March 12, 2015

SLT Manpower සේවකයන් දේශපාලන හා ජනතාව දැනුවත් කිරීම 15 වෙනිදා ......

SLT Manpower සේවකයන් දේශපාලන හා ජනතාව දැනුවත් කිරීම 15 වෙනිදා ......




සියලුමslt manpower සේවකයින්  ස්ථිර කරගැනීම අරමුණු කරගනිමින්  දේශපාලන බලාධිකාරියේ නියෝජිතයින් දැනුවත් කිරීමට මෙම 15 දින slt manpower සේවකයන් සුදානම් වනබව දැනගන්නට ලැබී ඇත.මෙය එකවර රට පුරා ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලපොරොත්තු නොවන අතර දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක 4 පැවෙත් වීමට සංවිධනය කර ඇත . කොළඹ , නුවර , කුරුණෑගල හා මාතර යන දිස්ත්‍රික්කයන්ය.මෙහිදී ප්‍රධාන වශයෙන් කරනු ලබන්නේ මෙම ප්‍රෝඩාකාර manpower ක්‍රමය පිළිබද මහජනතාව දැනුවත් කර මහජන විරෝධතාවක් ඇති කිරීමය .

රටේ සමස්ථ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන තුල ශ්‍රමය සුරා කන manpower ක්‍රමය ගැන දන්නේ නැත.මෙහදී විශාල වශයෙන් ලාබ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන තුලද මෙම වංචාව සිදුවන අතර මෙහිදී 15 slt manpower සේවකයන් මහජනතාව හා මහජන නියෝජිතයින් දැනුවත් කරන්නේ මෙම ක්‍රියාව නතර කිරීම පිණිසය.මෙම රජය හා දේශපාලන බලාධිකාරිය ඔවුනට මේ පිලිබදව පොරොන්දුවක් ලබා දි තිබුනත් එය මෙතෙක් ක්‍රියාත්මක නොකර එය ක්‍රියාමක කර ගැනීම ඔවුන් මෙමගින් බලාපොරොත්තු වේ...

මෙහිදී ඔවුන්  15 දින උදේ 8.30 වනව්ට  සියලුම සේවකයන්ගේ පැමිණීම බලාපොරොත්තු වන අතර දිස්ත්‍රික්කයේ ඇති මෙම slt ආයතන තුල සේවය කරන සේවකයන්ගේ සහාබාගීත්වය ඔවුන් දැඩිව බලාපොරොත්තු වේ...වැඩි විස්තර සදහා ප්‍රාදේශීය නායකයන් අමතන ලෙසද ඔවුන් අපට දන්නවා සිටි....

Monday, March 9, 2015

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධයක නිලධාරි ලෙස දිලීප විජේසුන්දර මහතා පත් වෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධයක නිලධාරි ලෙස දිලීප විජේසුන්දර මහතා පත් වෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා වශයෙන් දිලීප විජේසුන්දර මහතා අද වැඩ භාර ගන්නා ලදී.මෙරට ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවාවන්හි සහ අන්තර්ජාල සේවාවන්හි ප්‍රධානතම සැපයුම්කරුවා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අද සිට විජේසුන්දර මහතා නායකත්වය ලබා දෙයි. දිලීප විජේසුන්දර මහතා මෙරට රාජ්‍ය ක්ෂේත්‍රයේ තනතුරු ගණනාවක්ම හොබවා ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති වශයෙන්ද කටයුතු කර තිබේ.
ඉංජිනේරු විෂය පිළිබඳ බි.එස්.සී., එම්.එස්.සී. උපාධිධරයකු වන විජේසුන්දර මහතා ජාත්‍යන්තරවද පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්හිද සේවා අත්දැකීම් ලබා ඇත.
මෙහි හිටපු විධායක නිලධරියාවූ ලලිත් ද සිල්වාට එරෙහිව බරපතල මූල්‍ය දූෂණ චෝදනා මෙන්ම. පසුගිය ජනාධිපතිවරණයේදී එම ආයතනයේ මුදල් දේපල හා සේවකයන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගත් බවටද චෝදනා එල්ල වී තිබේ.
එහෙත් තව දුරටත් එම ආයතනයේ උපදේශකයකු ලෙස ලලිත් ද සිල්වා මහතා තබා ගැනිමට එම ආයතන සභාපති කුමාරසිංහ සිරිසේන මහතා උත්සහ ගනිමින් සිටින බවටද වෘත්තීය සමිති චෝදනා කර සිටී.ලංකාවේ ඉහළම මාසික වැ‍ටුල ලද සමාගම් නිළධාරියා වූයේ ද ලලිත්ද සිල්වාය ඒ රුපියල් ලක්ෂ එකසිය හතරකි. ඊට අමතරව සුපිරි වාහන 5 ක් හා සුපිරි නිවසක් වෙනුවෙන්ද ටෙලිකොම් ආයතය පිරිවැය දැරුවේය.

Tuesday, March 3, 2015

SLT GCEO ලලිත් ද සිල්වා ඉවත් වෙයි..

SLT GCEO ලලිත් ද සිල්වා ඉවත් වෙයි..



SLT GCEO ලලිත් ද සිල්වා 2015.02.28 දින සිට තමාගේ දූර කාලය අවසන් වීම නිසා ඉවත් වී ඇත,මොහු ගිය ආණ්ඩුව සමයේ ප්‍රසිද්දියේ කඩේ ගිය අයෙකු හා ඉතා විශාල ලෙස මුදල්  වංචා කල අයෙකු වේ.මොහු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.මෙහි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

DGM හා ඉංජිනේරු වෘත්තිය සමිතිය සේවකයන්ට පිළිලයක් වෙයි ද ? .......

DGM හා ඉංජිනේරු වෘත්තිය සමිතිය සේවකයන්ට පිළිලයක් වෙයි...



2015.2.27 අධ්‍යක්‍ෂක මණ්ඩල රැස්වීමක් තිබුනත් එහි කරුණු දැනගන්නට පෙර නැවත සුනඛයන් පිරිසක් ගෝරනාඩු කර ඇත.එහි කල එලි මංගල්‍ය ඔවුන් වචන කොට විශය භාර ඇමති වරයාටත් ,ආයතනයේ සබාපති තුමාටත් දන්වා ඇත.ඔවුන් එම ලිපිමගින් ඔවුනට අවශ්‍ය පහත් ආශාවන් ඉටුකර ගැනීමට විශාල උත්සහයක් ගෙන ඇත.අප මෙහිදී සියලුම DGM වරුන්ට හා ඉංජිනේරු වරුන්ට මෙය නොකීවත් කටු කන සුනඛයන් පිරිසක් නිසා අනෙක් අයට අප සමාව අයද සිටි.මන්ද දුක් මහන්සියෙන් ඉගෙන ගත් දුක දන්නා අය බහුල විශාලයඒ බව ඔවුන් සමග කතා කල අපිට දැනුනු දෙයයි.ඔව්නට දුදරුවන් ඇත.සමහර සේවකයන්ට ඔවුන් පියවරු වැනිය .එහෙත් සුනඛයන් සුනඛයන් මය.

Wednesday, February 25, 2015

SLT manpower සේවකයන්ට යහපාලනය නැද්ද ????????????



   Manpower ක්‍රමය පිළිබද මෙම ආණ්ඩුවද කල් මරන බවක් අපිට පෙනීයන්නේ යහපාලනය මෙම සේවකයන්ට හිමිද යන්න පිලිබදව ප්‍රශ්නාර්ථයක් අපේ හිතේ ඇති කරවමින්ය.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙම manpower සේවකයන් පිලිබදව එක තඹ දොයිතුවකටත් මායිම් නොකෙරු මත මෙම සේවකයන් යහපාලනය දෙසට නැඹුරු වුයේ ය.manpower සේවකයන්ට යහපාලනය තේරෙන්නෙද්ද? හෝ යහපාලනයට manpower සේවකයන් පෙනෙන්නේ නැද්ද? 

Wednesday, February 18, 2015

තම රැකියා අහිමි කලායැයි SLT Manpower සේවකයන් කාලි මෑණියන් ඉදිරියට....


තම රැකියා අහිමි කලායැයි SLT Manpower සේවකයන් කාලි මෑණියන් ඉදිරියට





ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සේවය කල manpower සේවකයන් කිහිප දෙනෙකු ඉතා නින්දිත ලෙස සේවයෙන් නෙරපා ඇත.2014 ඔවුන් සිය වෘත්තිය ඉල්ලීම් කිහිපයක් අරමුණු කොට ගෙන අකණ්ඩ වැඩ වර්ජනයක නිරත වුයේ තමන් තමා මව් ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තමා රැකියාව ස්ථිර කර ලෙස දෙන මෙන්ය.මෙහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමහර නින්දිත හා දුෂිත නිලදාරීන් ;කිහිප දෙනෙකු මෙම සේවකයන් ගෙන් කිහිප දෙනෙකු සාවද්‍ය චෝදනා නගා සේවයෙන් ඉවත් කොට එත ,මෙම සේවකයන්ට තිබු චෝදනා වලට කිසිදු සාදාරණ හේතුවක් දැක්වීමට නොහැකි වූ නිසා නැවත ඔවුන් හට සේවය ලබා දීමට පාලන අදිකාරිය තීරණය කලත් ( manpower) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් ඔවුන් හට මේවනතෙක් සේවය ලබා දි නොමැත.DGM තනතුරු දරන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු සේවකයන්ගෙන් ඉතා අමානුශික ලෙස පලිගන්නා බවටද අප වෙත තොරතුරු ලැබී ඇත.එහෙත් බහුතර නිලධාරීන් මෙම සේවකයන්ට සේවා ස්තිරත්වයට කැමති බව ද දන ගන්නට ලැබී ඇත.

දැනට කිසිදු හේතුවක් නොමැතිව සේවයෙන් ඉවත් කර ඇති මෙම සේවකයන් ලොව ප්‍රකට හලාවත මුන්නේශ්වරම් කාලිඅම්මාන් කෝවිලේ දි මෙම අවනඩුව ඇයට කීමට සැරසෙන බව ඉතා විස්වාස දායක ආරංචි මර්ගයකින් දැන ගන්නට ලැබී ඇත .මේ සදහා ඔබගේ පැමිණීමද ඔවුන් අපේක්ෂා කරන අතර විශේෂයෙන් මේ සදහා පොල් ගෙඩියක් රැගෙන එන ලෙසටද ඔවුන් සියලු සේවක යන්ගෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වේ.

අප මාධ්‍ය කණ්ඩායම මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අවදියෙන් සිටින අතර මෙහි තොරතුරු ලද සැනින් ඔබට ලබා දීමට අප කටයුතු සලසා ඇති නිසා අප සමග රැදී සිටින්න....


Sunday, February 15, 2015

Introduced World First Ubuntu Smart Phone

Introduced World First Ubuntu Smart Phone


Click Photo More Information To Ubuntu Mobile Site 
The hardware for the first-ever Ubuntu Phone is made by Spanish manufacturer BQ. The phone is called the Aquaris E4.5 Ubuntu Edition, and it’s a midrange phone with modest specs: 4.5-inch IPS display with 960×540 pixel resolution at 240 ppi, 1.3 GHz quad-core processor, 1GB of RAM, 8GB of internal storage (plus a microSD slot), and a 2150 mAh battery. The main camera is 8 megapixels, the front one is 5 megapixels. Other than power and volume keys, there are no physical buttons, so photos are snapped by simply touching the screen. On-board software for the camera includes HDR, geotagging, and a 3×3 grid for helping with shot composition.
The Aquaris E4.5 Ubuntu Edition is currently available in Europe only through online “flash sales,” so if you want one, you have to be—or know somebody who is— a) based in Europe and, b) very quick. Considering the price tag is €170 ($193.60), it’s actually a pretty good deal, even if you’re just interested in experimenting.
A second—and more technically capable—smartphone showcasing the mobile version of Canonical’s open source operating system is expected to be unveiled at the upcoming Mobile World Congress taking place in Barcelona in March. It will be an Ubuntu-loaded version of the Meizu MX4, and it will be available across Europe in April, and in China the following month.

Tuesday, February 10, 2015

LED TV Technology

LED TV Technology............

When we first started our podcast there were five competing technologies vying for your living room. Today its pretty much down to LCD and Plasma. Most would say LCD is running away with the market but Plasma is hanging in there. So what about LED? LED is not a new TV technology but rather a different way to light the LCD. A Liquid Crystal Display is a glass panel that works by controlling the opacity of segments of itself by varying the electrical signal. Each individual segment, called a pixel, acts as a shutter to control the amount of light being passed through. The light source is what we will be focusing on today.

click here Read More..... 

Monday, February 9, 2015

2015.02.08 දින පැවති රැලියේ සියලු වීඩියෝ නරඹන්න....

2015.02.08 දින පැවති රැලියේ සියලු වීඩියෝ නරඹන්න....

ගුරුසිංහ සහෝදරයා 1 කොටස.... ඉතිරි කොටස් සදහා click Read More

 ඉතිරි කොටස් සදහා click Read More

Sunday, February 8, 2015

SLT manpower සේවකයින්ගේ රැලිය අති සාර්ථකයි.........

SLT manpower සේවකයින්ගේ  රැලිය අති සාර්ථකයි.........



2015.02.08 දින පැවති රැලිය ඉතා සාර්ථක ලෙස අවසන් වූ බව ඉතා සතුටින් දැනුම් දෙමු.දවස් ගනනක මහන්සියේ ප්‍රතිපලයක් ලෙස මෙම රැලිය අපට හදුන්වා දියහැක.සියලු  වෘත්තීය සමිති නායකයින්ද සේවකයන්ද මෙම රැලියට ඉතා උද්යෝගයෙන් සහාබාගී වී සිටිනු අපට දැක ගත හැකි විය.ඉතා දුර බැහැර සිට මෙම රැලියේ සාර්ථක කර ගැනීමට ඔවුන් සහාබාගී වී සිටිනු දැක ගත හැකි විය.

වැඩි විස්තර හා සේයාරු සදහා click Read More

Saturday, February 7, 2015

දිවයින පුරා SLT Manpower සේවකයන් රැලියට සුදානම්.......

දිවයින පුරා SLT Manpower සේවකයන් රැලියට සුදානම්.......මෙම ආරාධිත අමුත්තන් සමග ......



2015.02.08 දින SLT Manpower සේවකයන් හා වෘත්තිය සමිති විසින් සංවිධානය කරනු ලබන දැවෙන්ත රැලිය සදහා මේ වනවිට සියලු කටයුතු සුදානම් බවත් ,ඒ යට සහභාගිවිම සදහා සියලුම සේවකයන් මේ වන විටත් සමහර ප්‍රදේශ වලින් පිටත් වී ඇතෙයිද වාර්තා වේ.ඊයේ සිට දිවයින පුරා මහජනතාව දැනුවත් කිරීමේ පෝස්ටර් ද අලවා තිබෙනු අප කණ්ඩායමට දැක ගැනීමට හැකිවිය.විවිද ප්‍රදේශ වල අලවා තිබු පෝස්ටර් වල සේයාරු පහලින්.....වැඩි විස්තර සදහා Read More 

Thursday, February 5, 2015

PEO TV නව සබඳතා තාවකාලිකව නවතා දැමීමට බලධාරීන් තීරණය කරයි....

PEO TV නව සබඳතා තාවකාලිකව නවතා දැමීමට බලධාරීන් තීරණය කරයි....


ඔබට PEO පාරිභෝගිකයන් ගෙන් මේදවස් වල ඇති ප්‍රශ්නය ,,අයියෝ රැට PEO වැඩ නැනේ.ඇත්ත හේතුව දන්නේ ඔබ විතරයි නේද? එක එක පැති වලට දවස් 3-4 මාරුවෙන් මාරුවට මේක සිද්ද වෙනවා.ඇයි ඒ TSTV නම් කොහොමත් බැ  .. ඇයි ඒ PEO server එකට පාරිභෝගිකයන් ගණන දරාගන්න බැ.එකයි.කියවලා බලන්න එතකොට ඔබලාටම තේරේවි වෙලා තියන දේ....වැඩි දුර කියවන්න  click Read More

Wednesday, February 4, 2015

SLT manpower 8 වැනිදා දැවෙන්ත රැලියට ඔබ සුදානම්ද?

SLT manpower 8 වැනිදා දැවෙන්ත රැලියට ඔබ සුදානම්ද?........



SLT manpower සේවකයින් විසින් දැවෙන්ත රැළියක් සුදානම් කර ඇත.එය මිට දවස් කිහිපයකට කලින් දැනගන්නට ගන්නට ලැබුනත් එහි දවසක් හෝ වෙලාවක් අප හට දැනුම් දි නොතිබුන අතර ,අද දින එය ප්‍රකාශයට පත්කර ඇත.වැඩි විස්තර සදහා pls click  Read More 

SLT HCS නීතී නිලධාරීතුමා SLT එකට කඩේ යයි....

SLT HCS නීතී නිලධාරීතුමා SLT එකට කඩේ යයි....


HCS ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සේවා සැපයීම සිදු කරනු ලබන්නේ manpower ලෙස සේවකයන් බදවගනිමින් මව් ආයතනයට වහලුන් සේ අලෙවි කිරීමය.මෙම අලෙවි කිරීමට HCS නමින් ආයතනයක් පිහිටුවාගෙන මෙම වහල් සේවය ඉතා අපුරුවට නිර්ලජ්ජව ඉදිරියට කරදෙන යනු ලබයි.

මෙම HCS ආයතනයේද සේවක , සේවිකාවන්ද සේවය කරයි.ඔවුනට වැටුප් ගෙවන්නේ SLT මගින්ද? නැත.ඔවුන්ද වැටුප් ලබන්නේ SLT එකේ වහල් සේවයේ යෙදු සේවකයන්ගේ වැටුපෙන් ලබාගන්නා කොමිස් මුදලින්ය.එය අපට දැනගන්නට ලැබී ඇති පරිදි රැ.6000 - රැ .10000 අතර වේ. (මේ අගය වෙනස් විය හැක.)සේවකයන් 2300 දෙනෙකුගේන් ලබාගන්නා කොමිස් මුදල කොපමණ දැයි ඔබ තීරණය කරන්න.

වැඩිදුර තොරතුරැ සදහා pls click( Read More)

Tuesday, February 3, 2015

1919 ජාතික තොරතුරු කේන්ද්‍රයේ සේවකයන් තිදෙනාට මොකද වුනේ…….

1919 ජාතික තොරතුරු කේන්ද්‍රයේ සේවකයන් තිදෙනාට මොකද වුනේ…….



2014.12.29 දින SLT Manpower සේවකින් ආරම්භ කරන ලද වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා SLT ආයතනයට වැඩිම බලපෑමක් වුයේ 1919 ජාතික තොරතුරු කේන්ද්‍රයේන්ය.එය SLT එකට ඉතා තදින් දැනිණි.එය ලොක්කන්ගේ ඉහමොළ මෙන්ම ඔව්න්ගේ අධෝමුකයද රත් වුයේ මෙම දිරිය සේවක සේවිකාවන් සටනට එක්වුයේ  තමන්ගේ ජිවිත අවදානමද නොතකාය.වැඩිදුර වාර්තාව සදහා Read more

Monday, February 2, 2015

කමිටු රැස්වීම් තවදුරටත් දිවයින පුරා.........

කමිටු රැස්වීම් තවදුරටත් දිවයින පුරා.........



SLT Manpower සේවකයන් ආරම්භ කල වෘත්තිය ක්‍රියාමාර්ගයේ ඉදිරිය සදහා සාකච්චාකිරිම සදහා කමිටු රැස්වීම් දිවයින පුරා පැවෙත්වෙන අතර එය ඉදිරි කටයුතු ඉතා කාර්යක්ෂම තාවයකින් හා ඉතා නිවැරදි තොරතුරු සේවකයන්ට ලබාදීම සදහා බව අපට දැනුම් දී ඇත.මේවැනි කමිටු තුලින් පත් කරගන්නා නිලධාරීන් ගෙන් පමණක් ඔබට ඔබේ ප්‍රදේශයේ විස්තර හා අනෙකුත් දැනුම් දීම ඔවුන් හරහා පමණක් ලබාගන්නා ලෙස අපට දැන්වා ඇත.වෙන ප්‍රදේශ වල අයට කතා කොට විවිද වැරදි තොරතුරැ දැන ගැනිම මගින් ඔබ අපහසු තාවයට පත්වෙනවා මෙන්ම ඔබේ යහළුවන්ද අපහසු තාවට පත්වේ.එමනිසා ඔවුන් අපට දන්වාසිටියේ ඒවායින් අත්මිදී තම ප්‍රදේශීය නායකයන්ගෙන් පමණක් තොරතුරු ලබාගන්නා ලෙසය.

ඉදිරි තොරතුරැ සදහා කියවන්න pls click Read more

Friday, January 30, 2015

SLT HCS සේවකයන් දිවයින පුරා සාර්ථක කමිටු රැස්වීම් වල....

SLT HCS සේවකයන් දිවයින පුරා සාර්ථක කමිටු රැස්වීම් වල........

මේදවස් වල තිබෙන්නා වූ අය වැය හා විවිද දේශපාලන හැලහැප්පිම් අතරේ SLT HCS සේවකයන් තම අරගලය නොනවත්වා ඉදිරියට කරගෙන යනබව දැනගන්නට ලැබී ඇත .විවිද ප්‍රදේශ අවර්ණය කරමින් ඉතා සාර්ථක ලෙස මෙය ක්‍රියාත්මක වෙන බව සතුටින් ඔව්න් අප හා ප්‍රකාශ කර සිටි.තව දුරටත් ඔවුන් පවසන්නේ SLT බලධාරීන් සිතා සිටින්නේ මෙය අතහැර දැමුවද එය එසේ නොවන බවය.තම අවසාන සේවකයටද  යම් සාධාරණයක් ඉටුවනතෙක් මෙම අරගලය අත් නොහරින බවද ඔවුන් තරයේ ප්‍රකාශ කර සිටි.ඔබත් මෙම කමිටු රැස්වීම් වලට සහාබාගී වී මෙම අරගලය සාර්ථක ලෙස අවසන් කිරීමට සහය දෙනමෙන් ඔවුන් ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටි.....Photos සදහා Read More….

හිටපු SLT CEO ලලිත් ද සිල්වාට CID පරීක්ෂණයක්….?

හිටපු SLT CEO ලලිත් ද සිල්වාට CID පරීක්ෂණයක්….?


හිටපු  CEO ලලිත් ද සිල්වාට CID පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.එය පසුගිය කාලයේ සිදුවුනායයි කියවෙන හොරකම් හා මුදල් වංචාවන් සදහා මෙම පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව දැනගන්නට ලැබී ඇත.වැඩි විස්තර සදහා Read More 

Manpower සේවකයෝ SLT හා Mobitel CEO ලා ගෙදර යවයි........

Manpower සේවකයෝ SLT හා  Mobitel CEO ලා ගෙදර යවයි



අපට දැන් ලැබුණු ආරංචියකට අනුව මිට ටික වෙලාවකට පෙර  SLT CEO ලලිත් ද සිල්වා හා  Mobitel CEO රංජිත් රූපසිංහ ටෙලිකොම් ආයතනයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

එය හුදෙක් manpower සේවකයන් ලැබූ ජයක් බව ඉතා ආඩම්බරයෙන් දන්වා සිටියි.මෙම ඉවත් කිරීමෙන් පසු නව CEO දෙදෙනෙකු පත්කර ඇති බවටද වාර්තා වේ.manpower සේවකයන් SLT අන්තර්ග්‍රහණය කළහොත් ආයතනය පාඩු ලබනවා කි මෙම හොර තක්කඩි දෙදෙනා හොරා කැ මුදල් රුපියල් කෝටි ගණන්ය. ආණ්ඩුව වෙනස් වීමත් සමග SLT පරිපාලනය වෙනස් වීමෙන් මෙම  හොර නඩේට තවදුරටත් ආයතනයේ මුදල් ගසා කෑමට නොහැකි අතර හොරා කැ දේවල් පිලිබදව සොයා බැලීමෙන් අනතුරුව මොවුන් ඉවත් කර ඇත.

නව CEO පිළිබද විස්තර බලාපොරොත්තු වන්න.

Wednesday, January 28, 2015

SLT Manpower සේවකයන් නව සභාපති හමුවෙයි..

SLT Manpower සේවකයන් නව සභාපති  හමුවෙයි....වැඩිදුර කියවන්න 




අපි මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕනේ අපේ news එක වැරදුනාට ,අපිට එන ආරංචි තමයි ඔයාලගේ දැන ගැනීමට දෙන්නේ.අපි කිව්වා අද අගමැති සමග සාකඡ්චා අද කියල අද එහෙම එකක් තිබිලා නැ.

SLT Manpower සේවක යන් පිළිබද සාකච්ඡාව අගමැති සමග තවම ලබාගෙන නොමැති බව දැන ගන්නට ලැබී ඇත.එහෙත් ඊයේ නව සභාපති  හා අධකෂක මණ්ඩලය සමග සාකච්ඡාවක් තිබී ඇත.එහිදී manpower පාර්ශවය පමණක් සහභාගිවී ඇත.එහිදී නව සභාපති  තුමා මෙම SLT Manpower ප්‍රශ්නය පිළිබද දීර්ග වශෙයන් සාකච්ඡා කර ඇත .ඔහුද මේ ප්‍රශ්නය පිළිබද අධ්‍යනය කිරීම සදහා මාස 1 ඉල්ලා සිට ඇත.යම් සාධාරණයක් ඉටුකිරීමට ඔහු පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.


අපට දන ගන්නට ලැබී ඇති පරිදි  SLT CEO ලලිත් ද සිල්වා,  MOBITEL CEO රංජිත් රූපසිංහට විරුද්දව වැඩකරන සියලු සේවකයන් සහභාගී වන දැවෙන්ත උද්ගෝෂණයක් සැලසුම් කර ඇත . එය කවදා පැවැත්වීමට තිරණය කලදෑයි මෙතෙක් දැනගන්නට ලැබී නොමැත.

Tuesday, January 27, 2015

SLT Manpower සේවක ප්‍රශ්නය සාකච්ඡාව හෙට

SLT Manpower සේවක ප්‍රශ්නය සාකච්ඡාව හෙට



ශ්‍රීලංකා ටෙලිකොම් හි සේවයේ නියුතු Manpower සේවකයන්ගේ ප්‍රශ්නය පිළිබදව 2015.01.28 දින අගමැති තුමා සමගින් ඇති බව දැනගන්නට ලැබී ඇත. දිනය පමණක් ලබා දී ඇති මේ සාකච්ඡාව සදහා වෙලාවක් ලබා නොදීම පිලිබදව අපට යම් ගැටළුකාරී තත්වයක් උද්ගතව ඇත.මේ නිසා අපට කල හැක්කේ හෙට වන තුරු බලාසිටිම පමණි.හෙට පැවෙත්වෙන සාකච්ඡාව අපි අවදානයෙන් සිටිමු. එය සාර්ථක වේවා යයි පතමු.

එම සාකච්ඡාවේ තොරතුරැ හෙට ලබාපොරොත්තු වන්න.

Monday, January 26, 2015

ටෙලිකොම් රුපියල් 1200 සේවකින් තවදුරටත් ද ?

මොහොතක් සිතන්න SLT manpower ඔබේ තත්වය ගැන.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි සේවය නියුතු manpower සේවකයන් ආරම්භ කර තිබු වැඩ වර්ජනය නිසා 2014.12.29 සිට මේ දක්වා රුපියල් 1200 දවසේ පඩියට ගත් කුලී කරායින් තව දුරටත් තබා ගැනීමට පාලකයන් සුදානම් වන බවට අපට දැන ගැනීමට හැකි වී ඇත .

මොවුන් සදහා ආයතනය ගෙවන ගෙවීම් ඔබගේ අවදානයට යොමුකරමු .

Sunday, January 25, 2015

SLT Manpower සේවකයන් පිළිබඳව සාකච්ඡා කිරිම මේ සතියේ .

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතා manpower සේවකයන් පිළිබඳව සාකච්ඡා කිරිම මේ සතියේ .



ශ්‍ර්‍රී ලංකා ටෙලිකොම් අයතනයේ සේවය නියුතු manpower සේවකයන් පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා මේ සතියේ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතා හමුවිමට තීරණය කර ඇත. එතුමන් කලින් අප හට ලබා දුන් පොරොන්දුව ඉටු කරනු ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු.එ පිළිබඳව අප දැඩි විමසිල්ලේන් බලා සිටින්නෙමු. ඉදිරියේදි යම් ක්‍රියා මාර්ගයක් ගනු ලැබුවහොත් එ පිළිබඳව ඔබව දැනුවත් කිරිමටද අප බලාපොරොත්තු වෙමු.

මෙ අතර peo tv සබඳතා බැලිමට නොහැකි තත්වයකට අද වෙන විට පත් වී ඇත. කෝටී 3 පමණ වටිනා decoder අතුරැදහන් විම මෙසඳහා බලපා ඇති බව අනාවරනය වි ඇත.මෙය වසන් කිරිමට telecom ප්‍රධානින් කටයුතු කරමින් සිටී.එ සඳහා ඔවුන් MSAN හා Line වල දෝශ දැයි සොයා වර්ථා කරන ලෙස පහල නිලධාරින් වෙත දන්වා ඇත.peo තාකෂණ ශිල්පින්ට ගෙවල් වලට ගොස් දෝශ සොයන්න්ට පවරා ඇත .sever ප්‍රශ්න ඔවුනට විසදිය හැකි ද ? ප්‍රධානින් කරන්නේ කුමක් ද ? පරිභෝගිකයක්ට සිදුවන්නේ කුමක් ද? එ සඳහා අප අවධියෙන් ...........

ඔබ දන්නා තොරතුරැ අපගේ newweb1985@gmail.com   ලබා දෙන්න

Saturday, January 24, 2015

ක්‍ර්‍රිකට් විකාශන අයිතිය යලි ර‍ෑපවාහිණියට

ක්‍ර්‍රිකට් විකාශන අයිතිය යලි ර‍ෑපවාහිණියට

දැනට සී.එස්‌.එන්. නාලිකාව සතු කරගෙන ඇති ක්‍රිකට්‌ තරග විකාශන අයිතිය යළි ජාතික රූපවාහිනියට ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

Friday, January 23, 2015

අනාගතයේ එන විනිවිද පෙනෙන ජංගම දුරකථන තාක්ෂණය

විනිවිද පෙනෙන ජංගම දුරකතනය ළගදීම


විනිවිද පෙනෙන ජංගම දුරකතනය ළගදීම

මේ වන විට ජංගම දුරකථන විවිධ වෙනස්කම් වලට ලක්ව ව්‍යාප්ත වන මෙවලමක් බවට පත්වී අැත.තායිවානයේ පිහිටුවා ඇති පොලිටොන් ටෙක්නොලජීස් නම් සමාගම විසින් නිපදවා අැති විනිවිද පෙනෙන ජංගම දුරකතනය මේ වසර අගදී වෙළෙඳපොලට නිකුත් කිරීමට නියමිතය.
මෙම ජංගම දුරකතනය විනිවිද පෙනෙන බහුකාර්ය ස්පර්ෂක (Multi-touch) තිරයකින් සමන්විත වේ.
මෙහි මූලාකෘතියට ඔවුන් යොදා තිබෙන්නේ වෙනස් කල හැකි වීදුරු තාක්ෂණය (Switchable glass technology)යන අරුත් ඇති නව ක්‍රමයකි .ඒ ක්‍රමයට අනුව මෙහි රූප තිරයට ගෙනෙන්නේ ද්‍රව ස්ථටික අණු යොදාගනිමිනි. සන්නයන ගුණ ඇති කාබනික පොහොර විමෝචන ඩියෝඩ (Oled) රූප තිරය මත මැවීමට මෙහිදී භාවිත කෙරෙයි.

දුරකතනය වසා තබා ඇති විට මෙහි අණු ඒකරාශී වී කිරි පැහැති සංයෝගයක් බවට පත් වේ.නමුත් ස්විච් කළ වහාම ඒවා නැවත පෙළ ගැසි රූප සටහන්,සංකේත ඇතුළු වෙනත් ලකුණු තිරය මත මතු වේ.
මෙහි විනිවිද නොපෙනෙන කොටස් කිහිපයක් අන්තර් ගතය. එස්ඩී කාඩ්,සිම් කාඩ්,මයික්‍රෝෆෝනය,කැමරාව,බැටරිය ඒ අතර වේ.
එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ දුරකතනයේ දෙපැත්තම පරිහරණය කළ හැකි බවයි.

කෙසේ නමුත් විනිවිද පෙනෙන තිරයෙන් පමණක් මෙම දුරකතනයට වෙළෙඳපොල ආක්‍රමණය කිරීමට නොහැකි බැවින් අනෙකුත් ස්මාට් ෆෝන් වල ඇති සියලුම පහසුකම් මෙම ජංගම දුරකතනයට ඇතුලත් කිරීමට අදාළ සමාගම කටයුතු කරන බවද පැවසේ.

ටෙලිකොම් එක අායේත් වලපල්ලටද ?





ඉඟුරු ඇති මිරිස් එපාමයි..! මේ ඇරඹෙන්න යන්නේ මෛත්‍රී රෙජීමයද? මිතුරනි අවදියෙන් ඉන්න..!

(ලංකා ඊ නිව්ස් -2015.ජන.22, ප.ව.11.30) ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව යලිත් ඒ විනාශ මුඛයටම ගොදුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාද ආරම්භ කර තිබෙන වග සාතිශය සංවේගයෙන් වාර්තා කිරීමට සිදුව තිබේ.
ටෙලිකොම් සභාපති ධූරය වැනි, ව්‍යාපාරික සහ විද්‍යාඥ ඥානයෙන් යුත් නව යුගයේ ‘බරණ ගණිතයෙක්‘ අත රැඳිය යුතු අතිශය සංවේදී තනතුරකට මෛත්‍රීපාල සිරිසේන ගේ ගස් කපමින් සිටි ගොබ්බ මලයෙක් පත් කර තිබේ. පත්වීම සිදුකර ඇත්තේද මෛත්‍රී විසින්ම වීම කණගාටුදායකය.
පල්ලෙවත්ත ගමරාලලාගේ කුමාරසිංහ සිරිසේන නම් ටෙලිකොම් සභාපති ස්වීප් ටිකට් පත ලත් මේ පුද්ගලයා මීට පෙර 2006 වසරේ සිට රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබූ රාජ්‍ය ඉඩම් ටික මංකොල්ලා කෑම සඳහා  රාජපක්ෂලා විසින් ගොඩ නැගූ ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන පුද්ගලික සමාගම නම් අර්ධ රාජ්‍ය සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කළ මෛත්‍රීගේ මල්ලීට ඇත්තේ අතීතය සම්බන්ධ සුදු සහතිකයක් නොවේ. 

Comments System

Disqus Shortname